Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

හිත නිවාගන්න

නිස්කලංක මනසක් කියන්නේ ඉතාම වටිනා වස්තුවක්. ස්පර්ශ කරන්න හැකියාවක් නැති උනාට, ඇහැට දෘශ්යමාන නොඋනාට, තැන්පත් හිතක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සම්පතක්.
හිත එකලස් කරගන්න එක දීර්ඝකාලීන ලාබ ලැබියහැකි කදිම ව්යාපෘතියක්.

දෛනිකව ඉහල පහළ යන, විසිරී පවතින සිතිවිලි එක මොහොතකට නිසල කරන්න ලේසි නැහැ. සඳහා පුහුණුවක් ඉතම අවැසියි. මනස සුවපත් කරගෙන, නිරවුල් කරගෙන, මිහිර විඳින එක සැබෑ අභියෝගයක්. නමුත් , කළ නොහැකි දෙයක් නම් නෙමෙයි .

හිත නිවාගන්න වඩාත්ම පහසු ක්රමවේදය තෝරා ගැනීම තමයි කලයුතු වන්නේ. තේරීම ආයෝජනයක්, ඔබට වගේම ඔබ සමග ජීවිතය බෙදා ගන්නා ආදරණීයන්ටත් ප්රතිලාභ කැන්දන.

කෙනෙක් ආගමානුකූලව, භාවනානුයෝගීව හිත තැන්පත් කරගන්න, නිරවුල් කරගන්න උත්සහ කරන අතරවාරයේ තවත් කෙනෙක් සොබාදහමට, ගීතයකට, පින්තාරුවකට, ගෙත්තමකට හෝ ක්රීඩාවකට ළංවී සිත සුවපත් කරගන්න, සිතිවිලි පාලනය කරගන්න වෑයමක් දරනවා වෙන්න පුලුවන් . නිස්කලංක දුර ගමනක, උණු කෝපි කෝප්පයක උනත් මේ නිවිහැනහිල්ල හොයා ගන්න පුලුවන් .

ඔයාගෙ හිත සුවපත් කරගන්න මාර්ගය හොයා ගන්න ඕනෙ ඔයාම තමයි. දවසකට එක සැරයක් හරි, වෙනුවෙන් කාලයක් මිඩංගු කළොත් ලැබෙන සුවයට ඔයා වේගයෙන්ආකර්ෂණය වෙනවා නොඅනුමානයි. නිසා දිගු දවසක අවසානයේ ඔයාගෙ හිතත් පිරිපහදු කරගන්න, ඔයාට ආවේනික ක්රමවේදයකට.

දිමුතු

Home / Life-Style / Daily-Topics / හිත නිවාගන්න