Back Cover
අහස කියාවිද පුංචි තරුවකට
තනි මකන්නට එන්න කියලා ?
නිහඬ වූ රුදු අමාවක දින
කාංසිය බිඳලන්න සිතලා
පුංචි තරුවද රැඳෙන්නේ නිති
අහස තුරුලේ සුවය හින්දා
ඉදින් ඇරයුම් කුමට අහසෙන්
තරුව දෝතින් හදම පිදුවා….
පුරා සඳවත අරා අහසේ
සිනා සී එළි කරන සොඳිනා
විසල් අහසට තරු කැටේ එළි
නොපෙනි යන්‘ඇති, නැතේ දෝසා
ඇරයුමක් නැති අහසෙ රැඳුනෙම
ආදරේ ඉම නොමැති හින්දා
ඉතින් අහසට චෝදනා නැත
තරුව හිනැහී පොළව ඉම්බා…
