Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

නිර්භීත මුව පුංචා

පුංචි දුවලා පුතාලා අද කියන්න යන්නෙ ,අපේ මුව පුංචාට වුණ හරිම කලබලයක් ගැනයි

.

ඔන්න දරුවනේ , මුව පුංචා යාලුවන් එක්ක සෙල්ලම් කරන්න යන්න පිටත් වුණා

.හැමදාම යන තැන නිසා කිසිම බයක් නැතිව පුරුදු ලෙස සෙල්ලම් කරන්න එකතු වෙන

පිට්ටනියට ඇවිදන් යන්න වුණා .

හෙමි හෙමින් ගස් වැල් දෙස බලමින් , පියඹා යන කුරුලු රංචු දෙස බලමින් මුව පුංචා

ගමන් කලා .

තව ටිකයි .. යලුවො ඔක්කොම ඇවිත් ඇති. ඔහොම හිතමින් මුව පුංචා ඉදිරියට යද්දීම

කවුද  මේ  එකපරටම පැන්නේ ..

හිවල් හාමි නේද?.

අහ් මුව පුංචා කොහෙද මේ යන්නෙ.. ?

හිවල් හාමි ඇහුවා .

මම සෙල්ලම් කරන්න යනවා. මුව පුංචා කිව්වා .

මුව පුංචාව ඉක්මනින් එක්ක එන්න කියලා අම්මා කිව්වා.

මුව පුංචා යමු මා එක්ක.

හිවල් හාමි එහෙම කිව්වා .

අහ් ඇයි මේ අම්මා කවදාවත් නැතිව මාව එක්කන් යන්න හිවල් හාමි එවලා.. මුව පුංචා

කල්පනා කලා .

මේක නම් වෙන්න බැරි දෙයක්.මම දැනුයි ගෙදරින් පිටත් උනෙත්.අනිත් දෙය නම් මට

වෙන කා එක්කවත් කොහෙවත් යන්න එපා කියලනෙ අම්මා කියලා තියන්නෙ . ඒ නිසා

මම පරිස්සමෙන් පිට්ටනියට යන්න ඕන.මුව පුංචා හරිම හොඳින් කල්පනා කලා.

"අම්මා මම එනකම් බලන් ඉන්නවා .බොහොම ස්තූතියි හිවල් හාමි කියපු මුව පුංචා

පුලුවන් තරම් වේගයෙන් පිට්ටනිය වෙත දුවන්න වුණා .

හිවල් හාමිට හිතා ගන්නවත් බැරි වුණා එකපාරටම හරිම වේගයෙන් මුව පුංචා දුවපු

නිසා. හිවල් හාමි අපසු යන්න හැරුනා .මොකද දඩයම හරි ගියේ නැති නිසා.

මුව පුංචා සෙල්ලම් පිට්ටනියට ගිහින් තමන්ට වුණ අකරතැබ්බ යාලුවන්ට කිව්වා .මුව

පුංචාගෙ නිර්භීතකම ගැන හැමෝම පුදුමයට පත් වුණා .යාලුවො හැමෝම පරිස්සම්

වුණා දන්න හෝ නොදන්න අය සමඟ එන්න කිව්වත්, අම්මා හරි තාත්තා හරි නැතිව

නොයන්න.

මුව පුංචා පරිස්සමෙන් ගෙදර ඇවිත් තමන්ට වුණ කලබලය ගැන දෙමව්පියන් දැනුවත්

කලා.

පරිස්සමෙන් ඉන්න ඕන විදිය අම්මා මුව පුංචාට කියලා දුන්නා .

හොඳ නුවනින් සහ නිර්භීතව ක්‍රියා කරපු එක ගැන අගය කලා.

මගෙ පුංචි දුවලා පුතාලාත් පරිස්සමෙන් ගමන් බිමන් යන්න ඕනෑ .දන්න ,නොදන්න

කොයි කවුරුත් එක්කවත් යන්න එපා.

අම්මා තාත්තා අනුදැනුම ඇතුව ගමන් බිමන් යන්න.පරිස්සමෙන් සතුටින් ඉන්න .

තිලෝෂි ප්‍රනාන්දු .

Sign up for our newsletter