Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

ඇතුලාන්ත මනුෂ්‍යයාව බලවත් කරමු

හොඳයි අද දවසේ මම ඔබත් සමග බෙදා ගන්න යන්නේ ඔබගේ ඇතුලාන්ත මනුෂ්‍යයාව බලවත් කර ගන්නේ කෙසේද කියා? 

හොඳයි අපි බලමු ශුද්ධ බයිබලයේ සඳහන්ව ඇත්තේ කුමක්ද කියා.

(2කොරින්ති 4:16)

“එහෙයින් අපි ක්ලාන්ත නොව මුව ;අපගේ පිටත මනුස්සයා ක්ෂය වෙන නමුත් අපේ ඇතුළු මනුස්සයා දවසින් දවස අලුත් කරනු ලබන්නේය.

ඉතින් ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න ශුද්ධ බයිබලයේ අපිට පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා අපේ පිටත තිබෙන්නා වූ ශරීරය ක්ෂය වෙලා යනවා නමුත් අපේ ඇතුළාන්ත මනුස්සයා දවසින් දවස අලුත් කරන බව ප්‍රකාශ කර තිබෙනවා.ඉතින් මගේ ප්‍රේමවන්තයෙනි මම ඔබ හැම කෙනෙක්ගෙන්ම ඉල්ලා සිටිනවා ඔබගේ පිටත ශරීරයට වඩා ඇතුලාන්ත මනස ගැන ඔබ මොහොතක් කල්පනා කරන්න කියා.ඔබගේ ඇතුළාන්ත මනස ඔබ වියවුල් කරගත්තොත් ඔබගේ ඇතුලාන්ත මනස අපිරිසිදු කර ගත්තොත් එය ඔබ කිලිටි කර ගත්තොත් ඔබගේ ජීවිතයම අපිරිසිදු වෙලා යනවා.ඔබගේ පිටත ශරීරය පවා විනාශ වෙලා යන්න පුළුවන්.

ඒක නිසා පළමු කොට ඔබගේ ඇතුලාන්ත මනස ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ ශක්තිමත්ව තබාගන්න එවිට දෙවිඳුන්ගේ බලවත්  හස්තය  පුදුමාකාර වෙනසක් ජීවිතයේ ඇතිකරන්න යනවා .ඉතින් එම නිසා මම ඔබට කියන්න කැමතියි ඔබ ඔබගේ පිටත ශරීරය බොහෝ ආහාරපාන වලින් විටමින් වලින් බොහෝ ව්‍යායාම වලින් ඔබගේ පිටත ශරීරය ශක්තිමත්ව තබා ගන්න ඔබ බොහෝ වෑයම් කරනු ඇති නුමුත් මම ඔබට කියන්න කැමති ඔබ මෙච්චර දේවල් වියදම් කරලා ඔබගේ ශරීරය කොපමණ ආකාරයෙන් හොඳින් තබා ගන්න උත්සාහ කරත් ඔබගේ ශරීරය යම් දවසක මේ පොළොවට පස්වෙලා යනවා. ඉතිරිවෙන්නෙ ඔබගේ ආත්මය පමණයි.

ඒක නිසා මම මේ මොහොතේ ඔබට කියන්න කැමති ඔබ ඔබගේ පිටත ශරීරය පෝෂණය කරනවා වගේම ඔබගේ ඇතුලාන්ත ශරීරය ඔබගේ ඇතුලාන්ත මිනිසා ඔබ අද පටන් පෝෂණය කරන්න පටන් ගන්න.

අපි කොහොමද ඇතුළාන්ත මනුස්සයව පෝෂණය කරන්නේ? හොඳයි ඔබ මොහොතක් බලන්න මේ බයිබල් පදය තුළින් ස්වාමීන් වහන්සේ අපට පවසා තිබෙන්නේ කුමක්ද කියා.

(ශුද්ධ මතෙව් 4:4)

“මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචන වලින් ජීවත් වෙනවා මිස රොටී පමණකින් ජීවත් නොවන්නේය.”

ඉතින් ඔබ මේ වචනය ගැන හොඳින් මෙනෙහි කරන්න ඔබගේ ඇතුලාන්ත  මනුස්සයා අවදි වෙන්නේ ඔබගේ ඇතුලාන්ත මනුෂ්‍යයා ශක්තිමත් වෙන්නේ දෙවියන් වහන්සේගේ බලවත් වූ වචනය ඔබ තුළ පවතිනවා නම් පමණයි.එක නිසා ඔබ අද පුරුදු වන්න ශුද්ධ බයිබලය අරගෙන කියවන්න. කියවනවා වගේම ඔබ දෙවියන් වහන්සේ සමඟ කාලය ගත කරන්න. දෙවිදුන් සමග යාඥාවේ යෙදෙන්න. දෙවියන් වහන්සේ සමග නමස්කාර කරන්න. පුළුවන් තරම් ඔබ උන්වහන්සේ සමග ඔබගේ කාලය ගත කරන්න උත්සාහ කරන්න. එවිට ඔබට ඔබ නොදැනුවත්වම  ඔබගේ ඇතුළාන්ත මනුෂ්‍ය නැගිටිනවා

ඒ කියන්නේ ඔබ ජීවිතේ ජය ගන්නවා ජයගන්නවාමයි.

ඔබ හැම කෙනෙක්ටම ජේසු පිහිටයි!

Sign up for our newsletter