Category: Catholic
25-Sep-01
25-Aug-02
25-Aug-06
25-July-01
25-June-17
25-May-03
25-April-01
පළිගැනීම අත් හරින්න
(රෝම 12: 19 – 21)
"ප්‍රේමවන්තයනි, පළි නොගෙන, උදහසට ඉඩහරින්න. මක්නිසාද: පළිගැනීම මාගේය;
මම විපාකදෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ." "නුමුත් නුඹේ සතුරාට
බඩගිනිවුවොත් ඔහුට කන්ට දෙන්න; පිපාසවුවොත් ඔහුට බොන්ට දෙන්න. එසේ කිරීමෙන්
නුඹ ඔහුගේ හිස පිට ගිනිඅඟුරු ගොඩකරන්නෙහිය." "නපුරුකමෙන් පරාජය නොවී,
යහපත්කමෙන් නපුරුකම පරාජයකරන්න."
මාගේ ප්රේමවන්ත සහෝදර සහෝදරියනි ඔබ සැමටම ආශිර්වාදමත් මාසයක්
වේවා! ඔබ සැම මොහොතක් ඉහත බයිබල් පදය දෙස ඔබගේ මනස හොඳින්
යොමු කර බලන්න.
මෙහිදී අපට මුලින්ම පෙන්වන කාරණාව නම් පළිගන්න එපා යන්නයි. ඉතිං ඔබ
කල්පනා කරලා බලන්න මේ පළිගැනීම් තුලින් ඔබට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද
කියා. එයින් අපට ලැබෙන්නේ වෛරය, තණ්හාව, ක්‍රෝධය, ඉරිසියාව වගේ දේවල්
නොවෙයිද?
මේවායින් අපට ලැබෙන ප්‍රයෝජන මොනවද?
ඔබ ඔබ විසින්ම ඔබගේ ලේ පුච්චා ගනියි.
ඔබ අවලස්සන වෙයි.
ඔබ රෝගියෙක් බවට පත්වේ.
යේසුස් වහන්සේ තුළ වරදකරුවෙක්ද වෙයි.
ඔබ විසින්ම ඔබවම විනාශ කර ගනී.
ඉතිං ඔබ මොහොතක් සිතා බලන්න වෛරය තුළින් මොනවද මේ සිදුවෙන්නේ
කියලා.
ඉතින් මාගේ ප්‍රේමවන්තයනි අපි වෛර නොකර යේසුස් වහන්සේ කියන විදිහට
ජීවත් වෙමු. ඒවගේම ඔබ යේසුස් වහන්සේට සියල්ල බාර දී ඔබ යේසුස්
වහන්සේ කියන විදිහට ඔබගේ ජීවිතය ගෙන යනවනම් ඔබට විරුද්ධව සිටින
අය ගැන යේසුස් වහන්සේ බලාගන්න යනවා.
එම නිසා ඔබ හැම මොහොතෙම ඔබගේ සතුරාට පවා ප්‍රේම කරමින්
එකිනෙකාට සමාව දී ජීවිතය ජයගන්න.
ඔබ සැමට ජේසු පිහිටයි!
ඉවැන්ජලිස්ත අමිල දිසානායකමාර්ගය සහෝදරත්වය සභාව – මහරගම
ජේසුස් වහන්සේව විශ්වාස කරන්න
ජේසුස් වහන්සේව විශ්වාස කරන්න…එවිට ඔබ
ජයගන්නවා ඇත!!
(ගීතාවලිය 70:1)
"දෙවියන්වහන්ස, මා මිදුව මැනව; ස්වාමිනි, මට
උපකාරකරන්ට ඉක්මන්වුව මැනව."
මාගේ සෙනෙහෙවන්ත සහෝදර සහෝදරයිනි. ඔබට දෙවිඳුන්ගේ
බලවත් ආශිර්වාදය නිදහස් වන වර්ෂයක් වේවා!!
ඉහත බයිබල් පදය දෙස ඔබගේ මනස යොමු කරන්න. ඔබ දෙවියන්
වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ඇදහිල්ලෙන් මොරගසන විට
උන්වහන්සේ ඔබට උපකාර කරනවා ඇත.
(ශුද්ධ මාර්ක් 10:46-52)
"ඔව්හු යෙරිකෝවට පැමිණියෝය. උන්වහන්සේ තමන්
ගෝලයන් හා මහත් සමූහයක් සමඟ යෙරිකෝවෙන්
පිටත්ව යන කල තිමේයුස්ගේ පුත්රවූ බර්තිමේයුස් නම්
අන්ධවූ හිඟන්නෙක් පාර අයිනේ ඉඳගන උන්නේය. ඒ
නාසරිය යේසුස්වහන්සේ බව ඔහු අසා: දාවිත්ගේ පුත්රවූ
යේසුස්වහන්ස, මට කරුණාකළ මැනවයි මොරගසන්ට
පටන්ගත්තේය. එවිට ඔහු නිශ්ශබ්ද වන ලෙස බොහෝ
දෙනෙක් ඔහුට සැරකළෝය. නුමුත් ඔහු: දාවිත්ගේ පුත්රය,
මට කරුණා කළ මැනවයි වඩ වඩා මොරගැසුවේය.
යේසුස්වහන්සේ නැවතී සිට: ඔහුට අඬගසන්නැයි කීසේක.
ඔව්හු අන්ධයාට අඬගසා: ධෛර්යවත්වෙන්න. නැගිටින්න,
උන්වහන්සේ නුඹට අඬගසනසේකැයි කීවෝය. ඔහු
තමාගේ සළුව ඉවත දමා, පැනනැගී යේසුස්වහන්සේ ළඟට
ආයේය. යේසුස්වහන්සේ ඔහුට කථාකොට: මා විසින්
නුඹට මක්කරනවාට නුඹ කැමතිදැයි ඔහුගෙන් ඇසූසේක.
රබ්බෝනි, පෙනීම ලබාගන්ටයයි අන්ධයා උන්වහන්සේට
කීයේය. යේසුස්වහන්සේද: යන්න, නුඹේ ඇදහිල්ල නුඹට
සුවකළේයයි ඔහුට කීසේක. එවේලේම ඔහු පෙනීම ලැබ,
මාර්ගයෙහි උන්වහන්සේ අනුව ගියේය."
මාගේ සෙනෙහෙවන්තයිනි මොහොතක් මෙම බයිබල් පදය දෙස
ඔබගේ මනස ඉතා හොඳින් යොමුකර බලන්න..මේ අන්ද මනුෂ්‍යයාට
යේසුස් වහන්සේ ගැන තිබුණා වූ ඇදහිල්ල සහ විශ්වාසයෙන් ඔහු
ඔහුට පුළුවන් උපරිමයෙන් යේසුස් වහන්සේට මොර ගසනවා. මොහු
යේසුස් වහන්සේට මොරගසන වේලාවේදී මොහුට මනුෂ්‍යයන්ගෙන්
කොපමණද බාධා එල්ල වෙනවද?නමුත් ඔහු එම බාධාවන් බිඳ
හෙලමින් ඔහු ඔහුගේ ඇදහිල්ල සහ අධික විශ්වාසය කරණ
කොටගෙන සුවය ලබා ජීවිතය ජය ගන්නවා.
ඉතින් සහෝදරයනි මේ අන්ද මනුෂ්‍යයා මෙසේ යේසුස් වහන්සේව
විශ්වාස කරා නම් ඔබට ඊට වඩා කොපමණ යේසුස් වහන්සේ
විශ්වාස කරන්න පුළුවන් කම තිබෙනවාද?
මොහොතක් සිතන්න ජීවිතය ජයගන්න!!
(ගීතාවලිය 50:15)
"තවද විපත්ති දවසේදී මට යාච්ඤාකරව; මම නුඹ
මුදාහරින්නෙමි, නුඹ මට ගෞරවකරන්නෙහිය."
ඔබ සැමට ජේසු පිහිටයි!!
ඉවැන්ජලිස්ත අමිල දිසානායක
මාර්ගය සහෝදරත්වය සභාව – මහරගම



