Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

කුරුලු පැටියාට අලුත් පාඩමක්

පුංචි දුවලා පුතාලා ,ඔන්න අද කියන්න යන්නෙ කුරුලු පැටියෙක් ගැන කතාවක්.

කුරුලු පැටියා රවුමක් පියාඹලා එන්න කියලා හිතන් කැලෑව ඇතුලට ගියා.ටික ටික කැලෑව තුලට පියඹා යන විට , ඇහුනා අමුතු   ශබ්දයක් . මොකක්ද ඒ හඬ හරිම බය හිතෙන ශබ්දයක් .

කුරුලු පැටියා හඬ එන දෙසට පියඹලා ඇවිත්, ගසක උස අත්තකින් ඉඳ ගත්තා . කවුද මෙහෙම කෑ ගහන්නෙ.. වට පිට හොඳින් පරික්ෂා කර බැලුවා .

අහ්.. අන්න ඉන්නවා හරිම ලස්සන දිලිසෙන පිහාටු තියන, ලොකු කුරුල්ලෙක්.

දුවලා පුතාලා දන්නවාද කවුද ඒ කියලා ..

කුරුලු පැටියා දක්කේ ලස්සන පිල් විදහාගෙන ඉන්න මොනරෙක්ව.

කුරුලු පැටියා හෙමින් මොනර රාළ ලඟට කිට්ටු වුණා .

“යාලුවේ .. ඔබ හරිම ලස්සනයි . මේ දිලිසෙන පිහාටු හරිම අලංකාරයී.. මම වගේ කුඩා කුරුල්ලෙක් නෙවෙයි.ඔබ විශාලයි.” කුරුලු පැටියා කිව්වා.

පිල් විදහාගෙන හරිම ආඩම්බරයෙන් ඉන්න මොනර රාළට ඉතින් හරිම සතුටු හිතුනා, පුංචි කුරුලු පැටියගෙ මේ වර්ණනාවට.

“බොහොම ස්තුතියි ඔබ මේ කරපු වර්ණනාවට. ඔබත් හරිම ලස්සන පුංචි කුරුලු පැටියෙක්”. මොනර රාළ කිව්වා.

“ඒත් මට ඔබට වගේ ලස්සන දිලිසෙන පිහාටු නෑනේ.” කුරුලු පැටියා දුකෙන් කිව්වා .

“කුරුලු පැටියො.. අපි හමෝම එක වගේ නෙවෙයි .හැමෝම විවිධාකාරයි. ඒ වගේම අපි හැමෝම විශේෂයී. ලස්සනයි . කුරුලු පැටියාට තියන ලස්සන පුංචි පිහාටු හරිම ලස්සනයි . කුඩා නිසා ඉකමනින් පටු ගස් අතු ඉති මඟින් පියඹා යන්නත් පුලුවන් . ඉතින් ඔබ එයට සතුටු වෙන්න ඕන.

ඒ වගේම ස්තූති වන්ත වෙන්න ඕනා.” මොනර රාළ කුරුලු පැටියාට පැහැදිලිකර දුන්නා .

නැවතත් හමු වෙන පොරොන්දුව පිට කුරුලු පැටියා මොනර රාළට සමු දුන්නා .ඒ වගේම ස්තූති කලා .. අපිට තියන, හැම දෙයකටම ස්තූති වන්ත වෙන්න වගේම ඒ ගැන සතුටු වෙන්නත් කියලා දුන්න නිසා.

කුරුලු පැටියා වෙනදාටත් වඩා සතුටෙන් තම කූඩුව වෙත පියඹා ගියා .

මගේ පුංචි දුවලා පුතාලාත් තම තමන්ගෙ පෙනුම ,හැකයාවන් සහ තමන් ගැන සතුටු වෙන්න. අපි හැම දෙනෙක්ම හරිම විශේෂයී .අපට නැති දෙයට වඩා අපිට තිබෙන දෙයට ස්තූති වන්ත වෙන්න පුරුදු වෙමු, නේද දරුවනේ.

නැවතත් අලුත් කතවක් එක්ක ඔයාලා හමු වෙන්න එනකම් සතුටින් ඉන්න .

තිලෝෂි ප්‍රනාන්දු .

Sign up for our newsletter