~ වියවුල් නිද්‍රාව අභිබවා අවදි වූ පැහැසර ආලය ~
උලත් එකයි පිලත් එකයි (2016), කොළඹ සන්නිය රිටන්ස් (2018), ගෝරි (2019), ෆේස්ටු ෆේස් (2019), සේද මාවත (2020), කබඩි (2021) යන සිනමාපටයන් තිර රචනය සකස්කොට අධ්‍යක්ෂණය කරනු ලැබූ හර්ෂ උඩකන්ද විසින් සත්වන වරටත් තිර රචනය සකස්කොට අධ්‍යක්ෂණය කරනු ලබන සිනමාපටය වන්නේ ; රෝස ආදරේ යි.
නිදාලුව හෙවත් Narcolepsy යනු නිදන්ගත ස්නායු ආබාධයකි. මිනිස් මොළය විසින් මිනිස් වර්ගයාගේ යහපැවැත්ම තහවුරු කිරීම උදෙසා සිදුකරනු ලබන එක්වැ දගත්ම කරුණක් වන නින්ද – අවදි චක්‍ර නියාමනය කිරීමේ හැකියාව සැළකියයුතු ලෙසින් අඩාල කිරීම ප්‍රදානතම ආබාධය ලෙසින් හඳුනාගත හැක. ඊට අමතරව බටහිර වෛද්‍ය විද්‍යාවේ නවතම පර්යේෂණ තතු වලට අනුව විශේෂයෙන්ම වේගවත් අක්ෂි චලන නිද්‍රාව හෙවත් Rapid eye movement Sleep නම්ත ත්වය හටගැනීම කෙරෙහි බලපවත්වන්නේද මෙම නිදන්ගත ස්නායු ආබාධයයි. රෝග ලක්ෂණ අතර දිවා කාලයේ ඇතිවන අධික නිදිමත ගතිය, නින්ද ආශ්‍රිත මායාවන්, නිද්‍රාගත අංශභාගය, බාධාකාරී රාත්‍රී නින්ද සහ හදිසි සහ තාවකාලික මස්පිඩු වේදනාව සඳහන් කළ හැකිය.
රුධිරගත බැන්ධනයෙන් හමුවන එකම ළබැඳියා ලෙසින් සිය මව පමණක් ඉතිරි වූත්, ඉහත ආබාධයෙන් පෙළෙන නිසාවෙන් කිසිඳු ස්ථීර රැකියා අවස්ථාවක් හෝ ආධායම්මා ර්ගයක් සොයා සපයා ගැනීමට සමත් නොවූත් අනූජ් නැමැති අවිහිංසක අව්‍යාජ තරුණයා හට සිය හෘදයාංගම මිතුරෙකු හරහා අහම්භෙන් උදාවන රංගන වරමක්තු ළ අතිසාර්ථකව නිරූපණයේ යෙදීම ඔහු හට නිර්මළ ප්‍රේමයේ සුමධුර පහස ලැබීමේ අවකාශයද සලසයි. විවේක කාලය උදාවන තුරු සිනමාපටයේ එන සිදුවීම්පෙළගැස්ම එලෙසින් සඳහන් කළ හැකිය. මනුශ්‍යත්වය මැනවින් හඳුනනා, ස්වාර්ථය පරයා පරාර්ථය ගරුකරනා කිසිවෙකු තුළ උපතින්ම ජනිත වන කුමන තරාතිරමක හෝ කුමන අන්දමක හෝ කායික සහ මානසික ආබාධයක් නිරාමිස ප්‍රේමසැරියට හෝ සන්තුෂ්ටිමය විවාහසැරියට හෝ සඵලදායී දිවිසැරියට සෘණාත්මක ලෙසින් එල්ලකළ හැකි බලපෑමත් ඉන් නොසැළී ධණාත්මක චින්තනයෙන් උක්ත සැරියන් සාර්ථකව සපුරාගැනීමට සොභාදම් මාතාව ආශ්චර්‍යමත් ආශීර්වාදය කැන්දන අයුරුත් සිනමාපටය තුළින් කතිකාවට බඳුන්ක රන්නට උත්සාහකරන මූලික ප්‍රස්තුතය ලෙසින් හඳුනාගත හැක.
ඉඳුරාම ප්‍රකාෂ කළහොත් එම සිනමාපටය මෙතුවක් කාලයක් පුරාවට හෙලවුඩ් සිනමා වංශකතාව තුළට එකදු පහදු වූ වීරයා, පෙම්වතිය හා දුෂ්ඨයා කේන්ද්‍රකොටගත් තුන්කොන් ප්‍රේමාන්දරයකට හාත්පසින්ම වෙනස් නැවුම් ප්‍රස්තූතයක් අන්තර්ගත වූවකි. ආලය, අනුකම්පාව, තණ්හාව, ඊර්ෂ්‍යාව, කෝපය, විරහව, සාංඛාව, කාංසාව, සංතාපය, ත්‍රාසය, භීතිය, කුතුහලය, විනෝදය ආදී වූ සකලවිධ මනු සංතානයන්හි නෛසර්ගිකව පහළවන්නා වූත්නි රන්තරයෙන් වෙනසට බඳුන් වන්නා වූත් අතිශය සංකීර්ණ වූත්අ තිශය සියුම් වූත් මනෝභාවයන් මහත් සංයමයකින් යුතුව රිදී තිරය මත ප්‍රක්ශේපනය කිරීමට ප්‍රදාන හා අනු චරිතයන් නිරූපණය කරන්නා වූ සියළු රංගන ශිල්පීන් විසින් පාන්නා වූ සමර්ථභාවය එය දෑසින්වි ඳ මනසින් කියවාගැනීමට සමර්ථභාවයක් ඇත්තා වූ සියළු ප්‍රේක්ෂකයන්ගේ සම්භාවනාවට බඳුන් විය යුතුයැයි තරයේ ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.
රංගන ධායකත්වය
නිසල හෙට්ටිආරච්චි
දිනක්ෂි ප්‍රියසාද්
දිල්හානි ඒකනායක
රජිත හිරාන් චාමිකර
පැතුම් රුක්ෂාන්
නිමේෂ් එදිරිසිංහ
රුමලී කෙෂීඩා
වසන්ත කුමාරවිල
වසන්ත කුමාරසිරි
ලාල් වීරසිංහ (ගරු රඟපෑම්)
අශේන් නවීන්
හේෂානි ලියදිපිට
සඳුනි වක්කුඹුර
ගයාන් කාන්චන
සැනට් දික්කුඹුර
රයන් වැන්‍රෝයන්
අතුල ඉද්දමල්ගොඩ
සුගත් ජානක
මංජුල සේනානායක
නාලක දළුවත්ත
ශැගී වීරනායක
ආකාෂ් බුද්ධි
චතුරංග පීරිස්
සචිනි යකුපිටිය
සමන්ත මායාදුන්න
මානෝජ් කොතලාවල
හිමල්ක මධුශාන්
අමායා දිල්‍රංගා
දයා ප්‍රතාපසිංහ
රෝහණ සේනාරත්න
සශින් පෙරේරා
එකී යථාර්ථවාදී වූත් අද්විතීය වූත් රංගන ප්‍රතිභාව පූර්ණ වශයෙන්වි දහාපෑමට මං සලසාදුන් ප්‍රශස්ථ සංකල්පය, තිර රචනය හා අදියුරුත්වය යන කාරණාවන් ත්‍රිත්වය විසින් සිනමාපටය රාමුගත වන ආකයානය තුළ ඉහත සඳහන් කරන ලද මනෝමූලික සංරචකයන්සි යල්ල වඩාත් හොඳින් ප්‍රේක්ෂකයන් වෙතට සන්නිවේදනය කිරීමට මහත් රුකුලක් වී ඇති බැව් සිනමාපටය සමඟින් තියුණු සබැඳියාවක්සකසාගත් සිනමා සංවේදී කා හට වුවද වටහාගැන්මට අපහසු නොවනු ඇත.
වර්ථමානය වන විට විද්‍යාව හා තාක්ෂණවේදය කොතරම් උද්දීපනය වුවත් ස්වභාවධර්මය තුළ ක්‍රියාත්මක වන්නා වූ ඇතැම් යාන්ත්‍රණයන්
ක්‍රියාවට නැංවෙන ආකාරය නිර්වචනය කරගැනීමට මානව ප්‍රජාව දක්වන පොහොසත්කම පිළිබඳව සිනමාපටය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන අතර ඒ තුළින් ජීවිතයේ සැබෑ අරුත පිළිබඳවද උභතෝකෝටිකයන් ගණනාවක් නිර්මාණය කෙරෙයි. (ඇතැම් ආගම්වලට අනුකූලව එම යාන්ත්‍රණයන් පුද්ගල ස්වරූපයකින්ප වතින මහානිර්මාණකරුවකු විය හැක)
සෑම රූපරාමුවකම පාහේ මිනිස් ඇසට මෙන්ම මනසටද වඩාත් ප්‍රිය උපදවන සුළු සොභා අසිරියෙන් අනූන වූ ස්ථානයන් රැසක සිනමාපටය රූපගතකොට තිබීමත් ඒවායේ පාරිසරික සාධකයන්ට උචිත පසුතලයන්, රංග වස්ත්‍ර හා රංග භාණ්ඩ ආදිය නිර්මාණයකොට භාවිතාව තුළින් ඉහත සඳහන් කරන ලද තිරය හා ප්රේක්ෂකයාගේ මනස අතර හටගන්නා සබැඳිය ශක්තිමත් කිරීමට උපකාරී වී ඇති බව විශේෂ කාරණාවක් ලෙස හුවාදැක්වීමට කැමැත්තෙමි. උක්ත කාරණාවෙහි පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ සිනමාපටයේ නිෂ්පාදකයා, අදියුරුවරයා, කැමරා අධ්‍යක්ෂවරයා, කලා අධ්‍යක්ෂකවරයා, රංග වස්ත්‍ර හා මෝස්තර නිර්මාණශිල්පියා හා වේශ නිරූපණ ශිල්පියා හට බැව් අවංකව ප්‍රකාශ කළ යුතුය.
නිෂ්පාදන කාර්‍යමණ්ඩලය
දෙබස්, තිර රචනය, කාර්මික තිර රචනය සහ අධ්‍යක්ෂණය | හර්ෂ
උඩකන්ද
නිෂ්පාදනය | අශෝක් ජයකොඩි
කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය | නිශාන් හසිත
කතා සංකල්පය | අනූජ් රණසිංහ
සහය අධ්‍යක්ෂණය | බන්දුල කැබැල්ලහිටියාව
සංස්කරණය සහ දෘශ්‍ය ප්‍රයෝග අධීක්ෂණය | තිවංක අමරසිරි
වර්ණ සංයෝජනය | ශාන් අල්විස්
ශබ්ද සැලසුම | සශින් ගිම්හාන් පෙරේරා
දෙබස් පටිගතකිරීම | තනුෂ්ක කහඳවල
අංග රචනය | මනුක ගලගෙදර
අංග රචනා සහය | නවෝද්‍ය සත්සර
කලා අධ්‍යක්ෂණය | හර්ෂණ ලාල් කුමාර
සහය කලා අධ්‍යක්ෂණය | කෙනිෂ් නවරත්න, තමීර කරුණාරත්න,
අෂාන් ද සිල්වා
ඇඳුම් නිර්මාණය | දුල්ශාන් රත්නායක
නර්තන වින්‍යාසය | ශේන් ආර්‍යන්
සටන් අධ්‍යක්ෂණය | සමන්ත මායාදුන්න
නිෂ්පාදන කළමනාකරණය | නන්දලාල් ජයසිරි
විධායක නිෂ්පාදනය | ශලිනි ප්‍රනාන්දු
නිෂ්පාදන සහය | දුෂ්‍යන්ත පෙරේරා, උපුල් බාලසූරිය
නිෂ්පාදන සම්බන්ධීකරණය | හිමල්ක මධුශාන්
සංගීත අධ්‍යක්ෂණය | නිමේෂ් කුලසිංහ
ගීත රචනය | ශෙහාන් ගලහිටියාව, කුසල විදානපතිරණ
ගීත ගායනය | රවීන් තාරුක, ආදිත්‍යා වැලිවත්ත, ෆැලන් ඇන්ඩ්‍රියා,
හිරුෂ ප්‍රනාන්දු, සෙව්මිණි සංජනා
නිෂ්චල ඡායාරූප | ස්කයි ගැලරි
කැමරා සහය | සුරේෂ් කුමාර, ජනිත් දෙව්මින
හෙලවුඩ් සිනමාවේ මධුර ගීත රචකයින්, ගායක ගායිකාවන් හා සංගීත නිර්මාපකයන්කි හිපදෙනෙකුගේම නොමඳ ධායකත්වය සැපිරීම තුළින් ප්රේක්ෂක හදවත් වසඟ කරවමින් පිනා යෑමට සමත්
අතිශය චමත්කාරජනක රූපරාමු රැසකින් සමන්විත ගීතයන්
සිනමාපටය තුළ විද්‍යාමාන කරවීමට අදියුරුවරයා අමතකකොට
නැතිවීම පිළිබඳව මාගේ හෘදයාංගම තුති පිදීමට කැමැත්තෙමි.
විදේශීය සිනමාපටයන්හි දක්නට ලැබෙන ආකාරයේ ඉහළ ගුණාත්මක
භාවයකින් යුත් ක්‍රියාදාම ජවනිකා හා දෘශ්‍ය ප්‍රයෝගයන් සිනමාපටය
ගලාගෙන යන රිද්මයට හා ඉන් ප්‍රේක්ෂකයාගේ මනස තුළ උපද්දවන
භාවයන්ගේ තාත්වීකරණයට දශමයකුදු හානියක් නොවෙන අයුරින්
සංගෘහිත අනුපිළිවෙලකට ඇතුළත් කිරීම ඉතාමත්ම ප්‍රශංසනීයයි.
මේ සඳහා සිනමාපටයේ තාක්ෂණික කාර්ය මණ්ඩලය, කැමරා
ශිල්පීන් මෙන්ම සංස්කාරකවරුන්ද මහත් වගකීමකින් හා
ප්‍රවේශමකින් යුතුව කටයුතුකොට ඇති බව විෂයානුබද්ද දැනුමැති
කවරෙකු හටත් පහසුවෙන් ප්‍රත්‍යක්ෂ වන කාරණාවකි.
ඇක්ෂන්, ඩ්‍රාමා, රොමෑන්ස්, ක්ෂානරයේ සිනමාපටයක් සඳහා දර්ශීය
උදාහරණයක් වන මෙම සිනමාපටය හෙලවුඩ් සිනමා වාංශ කතාවේ
තවත් එක් සුවිශේෂී කඩඉමක් බැවින් සියළු සම්ප්‍රධායික
ගතානුගතික රාමු අභිබවා අනාගත ලෝකය සමඟින් මැනවින්
යාවත්කාලීන වන නැවුම් අනාගත හෙලවුඩ් සිනමාවක පහස විඳීමට
කැමති සියළු දේශානුරාගී සිනමාලෝලීන් සඳහා මෙම ආකර්ෂණීය
ගුණාත්මක සිනමාපටය නුදුරේදීම නැරඹීමට අවස්ථාව උදාවීම ඔවුන්
ලත් භාග්‍යයකි.
හෙලවුඩ් සිනමා කර්මාන්තයේ අනාගතය පිළිබඳ සාධනීය
අපේක්ෂාවන් ඇති කරවන මෙවන් ප්‍රශස්ථ සිනමා භාවිතාවක්
සමඟින් නැවතත් හෙලවුඩය වර්ණවත් කිරීමට අවැසි සියළු හේතු
සම්පත් සැලසේවායි හර්ෂ උඩකන්ද අතුළු සමස්ථ නිෂ්පාදන කාර්‍ය
මනඩලය වෙත මුළු හදින්ම සුභාශිංශන එක්කරමි.
සැකසුම | හිරාන් ගමගේ