Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

තවත් එක් වතාවක් හැකිනම්

නුඹව දැකගන්නට

නුඹ සතුටින් දැයි අහන්නට

නැහීගෙන දොඩමළු වූ කාලයේ මෙන්

හිඳ සුපුරුදු විලසට

සිහිකරමින්  අප පෙර සොඳුරු මතකයන්

තනිවෙන්න නිමේෂයකට

අපිට අපි අහිමි වූ තැන හිද

ආසයි  එකම එක වරක්වත් තව

දැකගන්න ඔය ඇස් දෙක

පෙර ලෙසට කතාවක් නැතුවම

බලා සිටින්නට නුඹේ රැව දෙස

ඒ මෘදු හැගුම් ළඟ නවතින්න වරම් නැති තැන

වෙන් උනත් අපි කලකට පෙර

ගෙව්නේ කාලය පමණක් මිසක

මා හදවතේ හැගුම් නොවන බව

අවැසිය නුඹට කියන්නට

සැබවින්ම

නුඹේ සුසුම් ළඟ දැවටෙමින් මට

නිශා

Sign up for our newsletter