


කුඩා කාලයේ සිටම මා තුළ චිත්‍ර කලාව කෙරෙහි තිබුණේ සහජ ලැදියාවකි. එය
මා සිතාමතා තෝරාගත් දෙයකට වඩා ස්වභාවිකවම මා හා බැඳුණු කුසලතාවයකි.
මට අවස්ථාවක් ලැබුණු සෑම මොහොතකම පාහේ මගේ සිතේ උපදින අදහස්
රේඛා සහ වර්ණ ඇසුරින් සිතුවමට නැඟීම මා පුරුද්දක් කරගත්තෙමි. එදා
විනෝදාංශයක් ලෙස ඇරඹි ඒ ගමන, කාලයත් සමඟ වෘත්තීය මට්ටමින් වර්ධනය
වෙමින් අද වන විට මගේ ජීවිතයේ අනිවාර්ය කොටසක් බවට පත්ව තිබේ.
මම ශෙහාරා කාවින්දි. දැනට ලන්ඩන්හි පදිංචිව සිටින මම, ස්වාධීන
කලාකාරිනියක් (Independent Artist) ලෙස මගේ කලා කටයුතු සාර්ථකව ඉදිරියට
ගෙන යන්නෙමි. ඒ අතරතුර, ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක වෘත්තීය කටයුතුවල
නිරත වෙමින් මගේ කලා ජීවිතය සහ වෘත්තීය ජීවිතය අතර මනා සමබරතාවයක්
පවත්වා ගැනීමට ද මම නිරන්තරයෙන් උත්සාහ කරමි.
මගේ නිර්මාණ එක් මාධ්‍යයකට පමණක් සීමා වී නැත. තෙල් වර්ණ, ඇක්‍රිලික්,
පැන්සල් සිතුවම් සහ දිය සායම් වැනි විවිධ මාධ්‍ය භාවිතා කරමින්, නවීන
තාක්ෂණික ක්‍රම අත්හදා බැලීමට මම නිරන්තරයෙන් උනන්දු වෙමි. විශේෂයෙන්ම
මිනිස් මුහුණක මැවෙන සියුම් හැඟීම් සහ ඉරියව් (Hyper-realistic style) සිතුවමක්
තුළ ජීවමාන කර පෙන්වීම මගේ නිර්මාණවල ඇති සුවිශේෂී ලක්ෂණයයි.
මගේ නිර්මාණකරණය කැන්වස් එකකට පමණක් සීමා නොවේ. විශාල
ප්‍රමාණයේ බිතු සිතුවම් (Murals / Wall Art) නිර්මාණය කිරීම ද මගේ කලා ගමනේ
වැදගත් සන්ධිස්ථානයකි. එවැනි නිර්මාණ හරහා යම් අවකාශයකට නවතම
කලාත්මක හැඩයක් ලබා දීමට මට හැකියාව ලැබේ. ඒ වගේම, ලන්ඩන්හි
පැවැත්වෙන ප්රමුඛ පෙළේ කලා උළෙලවල් (Art Fairs) සහ ප්‍රදර්ශන සඳහා
ක්‍රියාකාරීව සහභාගී වෙමින්, ජාත්‍යන්තර කලාකරුවන් සහ රසිකයින් සමඟ
මගේ නිර්මාණ බෙදාහදා ගැනීමට ද මම නිරන්තරයෙන් කටයුතු කරමි.
නිර්මාණ 5,00ක අසමසම අත්දැකීම
මේ දක්වා මම ජාත්‍යන්තර මට්ටමේ කලා ඇණවුම් (Commissions) 5,000කට
ආසන්න ප්‍රමාණයක් සාර්ථකව අවසන් කර ඇත්තෙමි. එම නිර්මාණ අද වන විට
ලොව පුරා විවිධ රටවල පෞද්ගලික එකතුන් (Private Collections) අතර පවතී.
විවිධ රුචිකත්වයන් සහ අපේක්ෂාවන් සහිත ජාත්‍යන්තර පාරිභෝගිකයින් සමඟ
කටයුතු කිරීමෙන් මා ලබාගත් අත්දැකීම්, කලාත්මකව මෙන්ම වෘත්තීයමය
වශයෙන් ද මා ලැබූ විශාල පරිණතභාවයකි.
ලන්ඩන්හි වාසය කිරීම මගේ කලා ගමනට ජාත්‍යන්තර මට්ටමේ අවස්ථාවන්
රැසක් විවර කර දුන්නේය. එහිදී මා ලැබූ වැදගත්ම අත්දැකීමක් වූයේ ලන්ඩන්හි
පිළිගත් කලාගාරයන් තුළ මගේ නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබීමයි.
එහිදී විවිධ රටවලින් පැමිණි කලා ලෝලීන්ගෙන් ලැබුණු ප්‍රතිචාර සහ ඔවුන්
සමඟ ඇති වූ සංවාද, මගේ නිර්මාණ දිවියට නව පණක් ලබා දුන්නේය.
අනාගතයේදී මගේ අරමුණ වන්නේ නිරන්තරයෙන් අලුත් දේ ඉගෙන ගනිමින් මගේ
නිර්මාණ මට්ටම තවත් උසස් කරගැනීමයි. ඉදිරි කාලයේදී තවත් ජාත්‍යන්තර
ප්‍රදර්ශන පවත්වමින් මගේ කලා ගමන තවදුරටත් පුළුල් කරගැනීමට මම
බලාපොරොත්තු වෙමි. මගේ නිර්මාණ හරහා ශ්‍රී ලාංකීය කලා අනන්‍යතාවය
ජාත්‍යන්තර තලයේ ඉහළින්ම සනිටුහන් කිරීම මගේ එකම ප්‍රාර්ථනයයි.
