කඳුළු වැස්සට තෙමි තෙමී දුක් කුණාටුවකට හසුවෙලාඅඳුරු ලෝකෙක අතරමං වී සිටියමුත් මග වැරදිලාසතුරු යැයි පෙර සිතු මිතුරු කැල ළඟට විත් සිත සනසලාරුදුරු ඔබගේ ලොවේ මායාවන් වෙතින් ආවෙමි පලාඑසේ සිටි මා නැවත පෙර සේ ඔබ වෙතට ඒ යයි සිතාකෙසේ දුක් ගී ගැයුවමුත් මගෙ සවන දැන් බිහිරියි ඉතාමෙසේ කීවත් ඔබේ ගැන මම නැතේ කිසි තරහක් සිතාලෙසේ පෙර නොරැවටෙමි. හඳුනමි හොඳින් ඔබ තුල ඇති සතා– තාරක ජයතිලක