Api-Slide-62-1
previous arrow
next arrow

නෙළු මල් වසන්තේ තොටුපොළ කන්දට

නෙළු මල් වසන්තේ තොටුපොළ කන්දට
නිසංසලාගේ චාරිකා

වසර දොලහකට පසු පිපෙන මල් වර්ගයක් ගැන දැනගන්න ලැබුණාම මටත්ලොකුම ලොකු ආසාවක් ආවා මල් බලන්න යන්නඇත්තටම මම ආසම කැලෑ මල් වලට….. මල්වල සුන්දරත්වය අපි හැමදාම දකින මල් වලට වඩා ගොඩක් වෙනස්…..

ඉතිං මෙවර මම අරන් ආවෙි මම නෙළු මල් බලන්න ගිය අපූරු චාරිකාව ගැන පුංචි විස්තරයක්…. කොහොමත් මම ආසම දෙයක් තමයි නෙළු ගස් අතරින් ඇවිද යන්න…. මං එහෙම නෙළු ගස් අතරින් ඇවිද  ගිහින් තියනවා චැරියටිපාත්වලඑදා මං නෙළු මල් දැක්කා එක වර්ගයක්තැනින් තැන පිපි තිබු මල් වල ඡායාරූප ගත්තා දැනට අවුරුදු තුනකට පෙර

දැනගත්ත විදිහට මෙවර මෙි නෙළු මල් පිපි ඇත්තේ වසර දොලහකට පසුවයි…. ඉතින් කලින් 2013 හොර්ටන් තැන්නේ නෙළු පිපිලාඑත් කාලේ මට දැනගන්න ලැබුණේ නෑ…. නමුත් මෙවර ලොකු ප්රචාරයක් සිදු උනා සමාජ මාධ්යයේ

ලංකාවේ පිහිටා ඇති කඳු අතරින් උසින් තුන්වන ස්ථානය හිමි වන තොටුපොළ කන්ද මංපෙතේ මෙි නෙළු මල් පිපි ඇති සුන්දරත්වයත් විදින්න මමත් තොටුපොළ කන්ද තරණය කලා…. එහි උස මුහුදු මටිටමෙි සිට මීටර් 2357ක්…. පිහිටා තියෙන්නේ හෝර්ටන් තැන්න ප්රදේශයේ

නෙළු ගැන විස්තර මම ගොඩක් හොයන්න උත්සාහ කලා…. ඉතින් අතරතුර මට මේ නෙළුම් මල් ගැන පුංචි විස්තරයක් දැනගන්න ලැබුණා. වසර දොළහකට පස්සේ නෙළු වසන්තය ඇවිල්ලා.. නෙළු ප්රභේද පහක් දැක ගන්න පුළුවන් කියලා දැනගන්න හැකි වුණා…..

හෝර්ටන් තැන්නේ තොටුපොල කන්ද මංපෙතේ මේ නෙළුමල් වර්ග පහම දැක ගන්න පුළුවන්ඉතිං නෙළු කියලා හඳුන්වන්නේ strobilanthes කියන ශාක විශේෂ වලට….. ලංකාවේ මේ ශාක විශේෂ තිස්පහක් පමණ වාර්තා වෙලා තියෙනවා කියලා දැනගන්න හැකි වුණා…..

ඉතිංමේ නෙළු ශාක හොර්ටන්තැන්නට විතරක් ආවේනික ශාක නෙවේයි….. හොර්ටන් තැන්නේ පිපෙන නෙළු ශාක මධ්යම කඳුකරේ පිදුරුතලාගල, නකල්ස් කදුවල පවා දකින්න ලැබෙනවලු…. ඒක ඇත්ත….. මොකද මමත් කාලෙකට කලින් චැරියට්පාත් ගිය මොහොතේ එහෙදි මේ නෙළුම් මල් තැනින් තැන පිපිලා තියෙනවා දැක්කා…..

අවුරුදු දොළහකට පස්සේ ශාක වල මල් පිපිලා තියෙනවා…. මෙි මල් පර වෙලා ගෙඩි හැදිලා ඉවර වුණාට පස්සේ මෙි ගස් මැරිලා යනවා.. හැදෙන ගෙඩිවල බීජ පොළොවට යට වෙලා තිබිලා නැවතත් ටිකෙන් ටික මේ ශාක වර්ධනය වෙනවා….  ඉතින් කාලය වසර දොළහක් වෙන්න ඇති…. වසර දොළහකට පසු නැවතත් අපිට මේ සුන්දර මල් දැක ගන්න පුළුවන් වෙයි

මවු මරා උපන් නෙළු කුමරියොඑසේ මෙි නෙළු වසන්තයට නමි පවා පටබැඳි තිබු අයුරු මම දුටුවා සමාජ මාධ්යයේ

මට නමි වාසනාව ලැබුණා නෙළුමල් බලන්න යන්නඇත්තටම රෝස පාට, දම් පාට වගේම කහ පාට, කොළ පාට සහා  සුදු පාට මල්වලින් තොටුපොළ මංපෙත වටපිටාවම වර්ණවත් වෙලා තිබුණා…… හිතා ගන්න බැරි තරම් සුන්දරත්වයක් තිබුණා…. ඉතින් මම පුදුම ආසාවකින් තොටුපොල කන්ද තරණය කලේ මේ මල් බලන්න වගේම තමයි මී මැස්සන්ට රජ දහනක්මගේ ජීවිතේට දුටුවාමයි මෙි තරමි මී මැසි ප්රමාණයක්…..

කොහොමත් මගේ ලොකු ආසාවක් තිබුණා තොටුපොළ කන්ද නගින්න…… එක හීනයක් උනා මගේ ජීවිතේ…. තොටුපොල කන්ද කියන්නේ ලංකාවෙ තුන්වෙනියට උසම කන්ද….

වගේම තොටුපොළ කන්ද වටා ජනප්රවාදයකුත් පවතිනවා…. තමයි රාවණ රජතුමා සම්බන්ධ ජනප්රවාදය…. රාවණ රජතුමා ඉන්දියාවෙන් සීතා දේවිය පැහැරගෙන ලංකාවට ඇවිල්ලා මුලින්ම දඬුමොනරය නවත්තපු තැන මේ තොටුපොළ කන්ද කියලා ජනප්රවාදයේ කියවෙනවා….. නිසාම මේ කන්දටරාවණ මං පෙතකියලත් ගම්මු හඳුන්වනවා…..

කොහොමත් එතන බෝඩ් එකක් ගහලා තියෙනවා බෝඩ් එකෙත් රාවණ කියන නම තියෙනවාගම්මු විශ්වාස කරනවලු තොටුපළ කන්දේ කොහේ හරි තාමත් දඬුමොනරය සඟවලා ඇති කියලා……

කොහොම හරි මගේ හීනයක් උන තොටුපොළ කන්දත් තරණය කරලා….. වසර දොලහකට පසු පිපුණු නෙළු මල් වසන්තයත් හිත පිරෙන්නම දෑසින් විදලා මම ගෙදර ආවෙි හිත එහේ තියලා…. මොකද මට ආයෙමත් යන්න ඔින එහේ…. සීතල මීදුම මට රිසිසේ විදින්නයි අවශ්….

යමි විදිහකින් මට සුන්දරත්වය දකින්න නොහැකි උනා නමි මගේ ජිවිතේ පුරාවටම මම පසුතැවෙන්න ඉඩ තිබුණානමුත් මට වාසනාව ලැබුණා සුන්දරත්වයත් දෑසින් දැකගන්න….. ඉතින් හැමදාමත් වගේ මම ස්තුතියි කියන්නේ මෙි විශ්වයට……..

නිසංසලා රණසිංහ