


බුද්ධ දේශනාව අනුව වෙනස්වීමේ විද්යාව ‘අනිච්ච‘ නම් වේ. ථේරවාද බෞද්ධ ධර්මයේ ‘අනිච්ච‘ යනු අස්ථාවරතාවය, “අනිත්යතාවය” ලෙස හැඳින්වෙන “ත්රිලක්ෂණ” තුනෙන් එකකි (අනිච්ච, දුක්ඛ, අනත්ත). අනිච්ච යන නම් ලෝකයේ සියලු දෙයින්ම නිරන්තරයෙන් වෙනස්වීම සිදුවන බවය. ඔබගේ හැඟීම්, හිතවත්කම්, ශරීරය හෝ කිසිවක් සදාකාලිකව එකම ආකාරයෙන් පවතින්නේ නැත. එබැවින් ඒවා ස්ථාවරය ලෙස බැඳී සිටීම නිසා අසතුට හා දුක පමණක් උපදවයි.
බුදුරජාණන් වහන්සේ මෙම සත්යය උපදේශනය කර ඇත්තේ සියලු ඇතිවන සියළු දේ කාලයක් පවතින අතර පසුව නවතින බව පෙන්වීමටය. එම පැවතීම යනු ද අඛණ්ඩ වෙනස්වීමයි (existence is constant change). බුද්ධ දේශනාව අනුව, මෙය දාර්ශනික අදහසක් පමණක් නොව, ඔබටම මෙහිදී ඔබගේම ශරීරය හා සිත තුළ නිරීක්ෂණය කළ හැකි සජීව අත්දැකීමකි.
දෛනික උදාහරණ:
ඔබේ ප්රියතම පාවහන් හෝ ඇඳුම සදා පරණ නොවී තබා ගැනීමට උත්සාහ කළද එය වෙනස් වීමයි සිදු වන්නේ. යම් දෙයක වෙනස්වීම ආරම්භ වන්නේ එය හටගත් මොහොතේදීමය.
ඔබ නව ජංගම දුරකථනයක් ලබාගැනීමේ සතුට ටික දිනකින් මැකී යයි.
සියළුම මනෝභාව අද “cool” යැයි හැඟුනද හෙට “cringe” බවට පත්වේ.
මෙයයි අනිච්ච — කිසිවක් එකම තත්ත්වයෙන් පවතින්නේ නැත යන සත්යයයි.
විද්යාත්මක සමානතා තුළින්ද මේ ගැන බලමු.
1. භෞතික විද්යාව (physics)– ඔබ වාඩීවී අසුන “ස්ථිර” දෙයක් නොවේ. එහි අණු නිරන්තරයෙන් සංචලනය වේ. එබැවින් එම “ස්ථාවර” යැයි සිතෙන වස්තුව පවත්නා තුරුම චලනයක පවතී. එම චලනය අනිච්ච ස්වභාවයයි. ස්ථාවර බව යනු මනෝකල්පිතයක් බවට සාක්ෂියකි.
2. ජෛව විද්යාව (biology) –
ඔබේ සම සති කිහිපයකට එක වරක් සම්පූර්ණයෙන්ම අලුත් වේ. දිනපතා මිලියන ගණනක් ශෛල මිය යයි. අලුත් ශෛල උත්පන්න වේ. ගතවූ වසරක සිටි “ඔබ” අද සිටින “ඔබ” නොවේ.
3. තාරකා විද්යාව (astronomy)–
තාරකා සදාකාලික ලෙස පෙනුනත්, ඒවා උපදියි, දැල්වෙයි, අවසානයේ විනාශ වෙයි. එබැවින් මුළු විශ්වයම අනිච්ච ගැන දේශනාවක් ලෙස පවතී.
4. තාක්ෂණය (technology)–
ඔබේ දුරකථනය ගැන සිතන්න: යෙදුම් නිතර යාවත්කාලීන වේ. බැටරි කෙටි කාලයකින් අඩුවෙයි. ඊයේ ‘නවතම‘ තාක්ෂණය අද ‘පැරණි‘ තාක්ෂණයකි. තාක්ෂණයම අනිත්යතාවය ඉතා වේගයෙන් පෙන්වයි.
මෙයයි බුදුරජාණන් වහන්සේ ඉගැන්වූ අනිච්ච — සියල්ල වෙනස්වීමේ සත්යයයි.
අනිච්ච ස්වභාවයට මුහුණ දෙන්නේ කෙසේද? ඒ අවබෝධය තුළින් විඳීම තුළිනි. ලොව බොහෝ අය විඳීම වෙනුවට විඳවන්නේ අනිච්ච හෙවත් වෙනස්වීමේ විද්යාව නොදන්නා නිසාය.
ඉලක්ක හඹා ගොස් සාර්ථක කරගෙන විඳින්න. එහෙත් සියල්ල වෙනස් වෙන බව සිතේ තබාගන්න. එවිට ඔබට කඳුළු වෙනුවට සිනාව ඇතිවේ.
– ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි, සාකල්‍ය මනෝචිකිත්සා උපදේශක
