Api-Slide-62-1
previous arrow
next arrow

එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් සඳහා Inheritance Tax (IHT) පෙර සැලසුම් කිරීමේ වැදගත්කම - දෙවන සාකච්චාව

එංගලන්තයේ පදිංචි ශ්රී ලාංකිකයන් සඳහා Inheritance Tax (IHT) පෙර සැලසුම් කිරීමේ වැදගත්කම – දෙවන සාකච්චාව

එංගලන්තයේ  හි පදිංචි ශ්රී ලාංකිකයන් බොහෝ විට සිතන්නේ, Inheritance Tax (IHT) ඔවුන්ට බලපාන්නේ නැහැ කියලාශ්රී ලංකාවේ IHT නොතිබීම හේතුවෙන් මෙම අදහස ඇති වුවත්, UK හිදී IHT ඔබේ UK-based assets පමණක් නොවසමහර අවස්ථා වල worldwide assets සඳහාත් බලපා හැක.

පසුගිය ලිපියෙන්, අපි IHT යනු කුමක්ද, එය කොහොම ක්රියා කරන්නේද, estate value එක ගණනය කරන ආකාරය, gifts, trusts, reliefs සහ IHT ගෙවීමේ ක්රම පිළිබඳ පැහැදිලි කළෙමු. මේ ලිපියෙන්, UK හි පදිංචි ශ්රී ලාංකිකයන්ට IHT සඳහා ඉදිරියට සැලසුම් කිරීමේ වැදගත්කම සහ early planning අවශ්යතාවය විස්තර කරනු ඇත.

 

  1. Domicile Rules – UK-හිපදිංචිශ්රී ලාංකිකයන්

2017–2025 නීති අනුව, ඔබ UK හි tax years 20 අතර 15 වසරක් පදිංචිවී ඇත්නම්, ඔබ UK domiciled (deemed domicile) ලෙස සැලකේ. එවිට worldwide assets: Sri Lanka property සහ සියලු overseas holdings, estate valuation එකට ඇතුළත් වේ.

Domiciled නොවන අය සඳහා, UK-based assets විතරක් IHT යටතේ ගෙවිය යුතුය. නිසා UK හි දිගු කාලීන ජීවත් වන ශ්රී ලාංකිකයන් තම domicile status හොඳින් තේරුම් ගෙන, professional advice ලබා ගත යුතුය.

 

  1. IHT සැලසුම්කිරීමේවැදගත්කම 

Seven-Year Rule

Gifts (තෑගි), estate එකෙන් පිටවන්නේ මරණයට පෙර අවසන් 7 වසරක පසු පමණි. පසු වයසේදී assets පවරනවා නම්, 7-year rule යටතේ IHT යටත් වීමේ අවදානම ඇත.

Wills සහ Trusts

නිසි will එකක් නොමැතිනම්, UK හි intestacy rules ක්රියාත්මක වේ. එය ශ්රී ලාංකික පවුල් වල සාම්ප්රදායික උරුම බෙදාහැරීමේ ආකල්ප සපුරාලිය නොහැකි විය හැක. උදාහරණයක් ලෙස, පවුලේ නිවස හෝ වෙනත් දේපල අනාගත පරපුරට සාමකාමීව පවරා ගැනීම අවශ් වුවත්, intestacy rules යටතේ එය සැලසුම් මගින් නොව, නීතිමය ආකාරයෙන් බෙදා හැරේ.

Record Keeping

HMRC පසුකාලීනව 20 වසරක gifts ලේඛන විමසිය හැක. ආරම්භයේ සිටම සරල, පැහැදිලි record-keeping කිරීම, disputes අවදානම අඩු කරයි.

Life Insurance

Whole-of-life insurance trust තුළ ලියා තිබේ නම්, IHT ගෙවීමට assets විකුණා නොමැතිව tax cover කළ හැක. මෙය family financial security සහ estate preservation සඳහා ඉතා වැදගත් වේ.

Reliefs (BPR / APR)

Business Property Relief (BPR) සහ Agricultural Relief (APR) වල උපරිම වාසිය ලබා ගැනීමට, qualifying assets නිසි ආකාරයෙන් structure කර, මරණයට පෙර අවම වසර 2ක් තබා ගැනීම අවශ් වේ. Proper planning මඟින් reliefs වල උපරිම වාසිය ලබා ගත හැක.

 

  1. පවුල්සහ සාම්ප්රදායික අදහස්

ශ්රී ලාංකිකයන් බොහෝවිට පවුලේ දේපල, අනාගත පරපුරට රැක ගැනීමට කැමතියි. නමුත් නිසි සැලසුම් නොමැති නම්:

  • දරුවන්ට පවුලේ නිවස විකුණා IHT ගෙවීමට සිදු වෙයි .
  • Surviving spouse  ආර්ථික අභියෝගයකට ලක් විය හැක.
  • උරුමකරුවන් අතර ගැටුම් සහ විවාද ඇති විය හැක, පවුලේ සාමය කඩාවැටේ.

නමුත් නිසි සැලසුම් කර තිබේ නම්:

  • දේපල අනාගත පරපුරට ගැටලුකාරකමකින් තොරව බෙදා හැරිය හැක.
  • Inheritance Tax වගකීම අඩු කරගත හැක.
  • පවුලේ සම්පත් සහ ධනය දරුවන් සහ පැරපුරේ දරුවන් (grandchildren) සඳහා සුරක්ෂිතව රැකිය හැක, පවුලේ උරුමය (family legacy) ආරක්ෂා කරයි.

 

  1. Common Myths
  • “£325,000 අඩු estate නම් IHT බදු නොයෙදේ → නිවසේ වටිනාකම වැඩිවීම සහ pensions එකතු වීමෙන්, estate එක tax-free threshold ඉක්මවිය හැක.
  • ශ්රී ලංකාවේ ඇති දේපළ IHT යටතේ සැලකෙන්නේ නැහැ → ඔබ deemed domicile නම්, Sri Lanka සහ overseas ඇති සියලු assets estate valuation එකට ඇතුළත් වේ.
  •   “Gifts දුන්නොත් බදු වලින් නිදහස් විය හැක” → PETs 7-year rule යටතේ, gift එක මරණයට පෙර අවසන් 7 වසර ඇතුළත සිදු වූ නම් IHT යටතේ ගණනය කෙරේ; reservation of benefit gifts estate එකට add කර ගණනය වේ.
  • “IHT only affects rich” → UK හි property price inflation නිසාමධ්යම පන්තියේ families හි estates  IHT threshold ඉක්මවීමට පුළුවන්උදාහරණයක් ලෙස, £525,000 estateක් තියෙන family එකකට £80,000 IHT liability ඇති විය හැක.
  • “Trusts සියල්ල විසඳයි → Trusts වල 10-yearly periodic charges සහ වෙනත් නීතිමය රීති ඇතනිසි professional උපදෙස් අත්යවශ්යය.

 

  1. Practical Planning Tips
  • Will සකස් කරන්න – පවුල් අතර ගැටලු වැලැක්වීමට සහ probate ක්රියාවලිය සරල කිරීමට.
  •  Gift allowances use කරන්න – £3k annual, £250 small gifts, wedding gifts properly plan කරන්න
  •  PETs early plan කරන්න – 7-year rule යටතේ gifts structured කරන්න  
  •   Estate records update කරන්න – property valuations, bank statements, jewellery appraisals, share certificates, gift records maintain කරන්න.
  •  Charity donations consider කරන්න – net estate 10%+ charities donate කලොත් IHT rate 36% දක්වා reduce වේ.  
  •  BPR / APR සුදුසුකම් පරීක්ෂා කරන්න – පවුල් ව්යාපාර හෝ ගොවිපල හිමියන් නිසි සැලසුම් සකස් කරන්න.
  • Life insurance trust තුළ සලකා බලන්න – payout estate එකට count නොවී බදු ආරක්ෂාව ලබා ගත හැක.
  •  Professional උපදෙස් ලබා ගන්න – solicitors, financial advisers, විශේෂයෙන් සංකීර්ණ estate සඳහා.
  •    නවතම නීති පිළිබඳ යාවත්කාලීන වන්න – 2027 සිට pensions ගණනය, 2025+ දී long-term residency / domicile rules වෙනස්කම්.

 

  1. Planning Timeline
  • 40 වන වියේදී: Gifts (තෑගි) සහ long-term planning පිළිබඳව සලකා බලන්න.
  • 50 වන වියේදී: Wills සහ trusts review කර, අවශ් සංශෝධන කරන්න.
  • 60 වන සහ ඊට පසුව: Life insurance සැලසුම් කරන්න, spouse ආරක්ෂා කර, grandchildren සඳහා අනාගත සැලසුම් සකස් කරන්න.

 

Inheritance Tax (IHT) සැලසුම් කිරීම යනු, පවුලේ ආර්ථික ආරක්ෂාව සහ දේපල අනාගත පරපුරට නිසි ලෙස පැවරීම සඳහා අත්යවශ් ක්රියාවලියකි.

නිසි සැලසුම් සහ professional උපදෙස් ලබාගැනීමෙන්, ඔබේ දේපල අනාගත පරපුරට ගැටලුකාරකමකින් තොරව බෙදාහැරිය හැකි අතර, IHT වගකීම් අඩු කර, පවුලේ උරුමය (family legacy) ආරක්ෂා කළ හැක. Estate planning මඟින් පවුලේ සාමය රැක ගත හැකි අතර, financial uncertainty අවම කර, ආර්ථික ආරක්ෂාව සහ continuity එකක් පවත්වා ගත හැක. එමනිසා, UK හි පදිංචි ශ්රී ලාංකිකයන් IHT සම්බන්ධ සැලසුම් දැන්ම ආරම්භ කළ යුතුය