Api-Slide-62-1
previous arrow
next arrow

කාන්තා පාර්ශ්වය ලුහුබඳින CTS

වයස අවුරුදු 30-60 අතර වූ බොහොමයක් කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන රෝග තත්ත්වයක් ලෙසට CTS හෙවත් Carple Tunnel syndrome තත්ත්වය හැඳින්විය හැක. ලෝක ජනගහනයෙන් 4.25% පිරිසක් පීඩා විඳින මෙම රෝග අවස්ථාව කාන්තාවන් හට වැළඳීමේ හැකියාව පිරිමි පාර්ශ්වයට වඩා 3 ගුණයක ප්රවණතාවක් ඇත.
CTS යනු අතෙහි මැණික් කටුව ආශ්රිතව අභ්යන්තර ව්යුහාවේ පවතින වලලු ආකාර කුහරමය ගමන් පථය (tunnel) පටු වීම, ආශ්රිත පටක ප්රදාහයට ලක්ව ඉදිමීම, අතෙහි ඇඟිලි කරා ස්නායු ආවේග සම්ප්රේෂණය සිදු කරන ප්රධාන ස්නායුව මත නිතර පීඩනයක් යෙදීම හා අතෙහි රුධිර සැපයුම අඩාල වීම යන ප්රධාන හේතූන් නිසා හටගන්නා රෝග අවස්ථාවකි.

දුරකථනය හෝ පුවත්පත අතට ගත් විට හෝ වාහනයේ සුක්කානම මත අත තැබූ විට ඉහත වේදනා හටගනී නම් බොහෝ විට එය CTS රෝග අවස්ථාව විය හැකිය.
රාත්රියේදී වේදනාව අධික වීම හේතුවෙන් නින්ද නොයෑම මෙන්ම උදෑසනට අතේ හිරියක් පැවතීම ප්රධාන රෝග ලක්ෂණ ලෙස දක්නට ලැබේ.

අතට ස්නායු ආවේග සපයන ප්රධාන ස්නායුව වන median nerve (මධ් ස්නායුව) මත අනවශ් පීඩනයක් නිතර යෙදීමෙන් පසු කාලීනව හිරිය, ක්ෂණිකව හිරි වැටී යාම, අස්වාභාවික දැනීම්, වේදනාව, දැවිල්ල හා අතෙහි ක්රියාකාරීත්වය දුර්වල වීම සිදු වේ.
නිසි ප්රතිකාර සඳහා යොමු නොවීම හේතුවෙන් ස්ථිර ස්නායු හානිය, මහපට ඇඟිල්ලේ අස්ථීන් විකෘති වීම හා මාංශ පේශි ක්ෂය වීම පවා සිදු විය හැක.
ආයුර්වේද වෛද් විද්යාත්මකව ස්ථිර ලෙසටම බටහිර රෝග විනිශ්චයන් සමඟ සමපාත කළ නොහැකි රෝගී තත්ත්වයක් වුවද CTS සඳහා සාර්ථක ප්රතිකාර පද්ධතියක් ආයුර්වේද ප්රතිකාර සතු වේ.

රෝග හේතු :-
කාන්තා හා වයස්ගත පුද්ගලයන් හට පහසුවෙන් වැළඳීමේ ඉහළ සම්භාවිතාවයක් ඇත.
ජානමය හේතුඇතැම් පුද්ගලයන්ට උපතින්ම ශරීර රචනාත්මක වෙනස්වීමක් ලෙස මෙම කුහරමය පථයෙහි (tunnel) පටු වීම පවතී. එමනිසා තුළින් ගමන් කරන ස්නායු මත පීඩනයක් යෙදීම නිරන්තරයෙන් සිදු වේ. පවුලේ අනෙක් අය අතර රෝග ඉතිහාසයක් පවතී නම් රෝගය හට ගැනීමේ ඉහළ හැකියාවක් පවතී.
සන්ධීන්ගේ අධික්රියාකාරීත්වයඅත හා මැණික් කටුව වෙහෙසවමින් එකම කාර්ය්යක බොහෝ වේලාවක් නිරත වීම නිසා අතෙහි හා මැණික් කටුව ආශ්රිතව බන්ධනී හා ඛණ්ඩරා මත ඇති කරන අනවශ් පීඩනය හේතුවෙන් සන්ධි ආශ්රිත ප්රදාහ තත්ත්ව පහසුවෙන් හට ගනී. එමනිසා සන්ධිය වටා ඉදිමීම සිදුවන අතර ඉදිමුම මඟින් නැවත නැවතත් ස්නායුව මත පීඩනයක් ඇති කරයි.

අතෙහි හා මැණික් කටු සන්ධිය ආශ්රිත චලනයන්ගේ ඇදීම්, තෙරපීම්, අනවශ් තරමට වඩා නැවීම් බොහෝ කාලයක් පුරාවට සිදුවීම හේතුවෙන් ස්නායුව මත පීඩනයක් නිරන්තරයෙන් ගොඩනැගේ. පසුකාලීනව CTS රෝගය ඇතිවීමට එය හේතු වේ.
ගර්භණීභාවය සමඟ ඇතිවන හෝර්මෝනමය වෙනස් වීම් හේතුවෙන් ශරීරයේ සන්ධි ආශ්රිත ඉදිමීම නිසා මධ් ස්නායුව මත පීඩනයක් ගොඩනැගීම සිදු වේ.

මැණික් කටු සන්ධියේ ඇතිවන අස්ථි බිඳීම්, අවහන්දි වීම්, රුමොටොයිඩ් ආතරයිටීස් වැනි ආතරයිටීස් තත්ත්ව නිසා කුඩා සන්ධීන්ගේ ස්වරූපයේ වෙනස්කම් ඇති වීම නිසා පසු කාලීනව මෙම රෝග තත්ත්වය ඇතිවීමේ හැකියාව පවතී. එමෙන්ම Carple tunnel ප්රදේශය කාන්තාවන්ගේ පිරිමින්ට සාපේක්ෂව කුඩාවට පිහිටා ඇති බැවින් කාන්තා පාර්ශ්වය අතර රෝගය හට ගැනීම ඉහළ අගයක් ගනී.
ස්නායු ආඝාත හා ඇතැම් කාලීන රෝග දියවැඩියාව නිසා පසු කාලීනව සිදුවන ස්නායු හානි වීම නිසා අතට ස්නායු ආවේග සම්ප්රේෂණය සිදු කරන මධ් ස්නායුවට හානිවීමත්, ඇතැම් ඖෂධ භාවිතය, ආර්තවාභාවය හා
තයිරොයිඩ් ග්රන්ථිය ආශ්රිත රෝග, වකුගඩු අකර්මණ් වීම, වසා ග්රන්ථි ප්රදාහ වැනි රෝග අවස්ථා වලදීත් CTS ඇතිවීමේ ප්රවණතාවක් පවතී.

රෝග ලක්ෂණ :-
හිරිය, අසාමාන්/අස්වභාවික දැනීම්, දැවිල්ල, වේදනාව, මුල්ම අවස්ථාවේදී අතෙහි මහපට ඇගිල්ලේ සිට වෙදගිල්ල දක්වා (lateral half of ring finger) රෝග ලක්ෂණ හට ගනී.
රාත්රී කාලයේදී වේදනාව ප්රමුඛ රෝග ලක්ෂණ උත්සන්න වේ.
ඇඟිලි වල එකවර විදුලියක් දිවයන්නා මෙන් වේදනාවක් ඇතිවේ. ඇඟිලි වලින් ආරම්භ වී අත දිගේ ඉහළට දිවයන වේදනාව හා හිරිය ක්රමයෙන් හට ගනී.
අතෙහි හටගන්නා දුර්වලත්වය හේතුවෙන් අතෙන් සිදු කරන සියුම් ක්රියාවලි, උදාහරණ ලෙස කමිසයක බොත්තම් දමා ගැනීම වැනි දේ සිදු කිරීමට පවා නොහැකි වේ.
හිරිය, මාංශ පේශි දුර්වලත්වය හා පේශි සමායෝජනයේ අඩාලත්වය හේතුවෙන් රෝග ලක්ෂණ තීව් වී, අතට ගත් දේ බිම වැටීම පවා පසු කාලීනව සිදු වේ.
රෝගය ඇති වීම ක්රමක්රමයෙන් සිදු වන අතර රෝගය හටගත් පසු රෝග ලක්ෂණ කිහිපයක් එකවර තීව් ලෙස ඉස්මතු වේ. මුල් කාලයේදී රෝග ලක්ෂණ ඇති වීම දිනයේ ඇතැම් විට පමණක් වුවද පසු කාලීනව දිනය පුරා පැවතිය හැක.
නින්දට පවා බාධා ගෙනදෙමින්, එදිනෙදා වැඩ වලට පවා පීඩා ගෙන දෙන පරිදි රෝග ලක්ෂණ පවතින අවස්ථාව වනතුරු බොහෝ රෝගීන් වෛද් ප්රතිකාර සඳහා යොමු නොවේ. මෙම අවස්ථාවේදීත් ප්රතිකාර නොලැබ නොසලකා හැරීමෙන් ස්නායු හා මාංශපේශීන්හි ස්ථිර හානි වීම් සිදු විය හැක.

ඇඟිලි වල සංවේදනය හා මාංශ පේශී ශක්තිමත් බව පරීක්ෂා කිරීම මගින් වෛද්යවරුන් විසින් රෝගය නිශ්චිතව තහවුරු කර ගන්නා අතර මැණික් කටු සන්ධියෙන් අත නැවීමේදී මෙන්ම, මධ් ස්නායුව මදක් තෙරපීමේදී වේදනාව අධික වීම රෝගය හඳුනා ගැනීමේ ප්රධාන ලක්ෂණ වේ.
මීට අමතරව X-ray හා Scan පරීක්ෂණ මගින් වෙනත් රෝගයන්ගෙන් වෙන්කර හඳුනා ගනිමින් නිවැරදි රෝග විනිශ්චය පහසුවෙන් සිදුකළ හැක.

මාංශපේශීන්ගේ හා මධ් ස්නායුවේ (median nerve) නිසි ක්රියාකාරීත්වය පරීක්ෂා කිරීමට නවීන වෛද් විද්යාවේ දී Electromyography පරීක්ෂණ භාවිතා වේ.

බටහිර වෛද් විද්යාවේ සිදුකරන ශල් කර්ම මගින් රෝග ලක්ෂණ අඩු කිරීම සිදු වුවද නැවත රෝගය ඇතිවීමත්, උපද්රව හට ගැනීමත්, ඇතැම්විට ඇතිවන අතුරු ප්රතිවිපාක හේතුවෙන් සන්ධියේ ක්රියාකාරීත්වය කෙරෙහි අහිතකර බලපෑම් පසු කාලීනව ඇති විය හැකිය.

ආයුර්වේද වෛද් විද්යා මූලධර්මානුකූලව වාත ව්යාධි රෝගයක් වන බැවින් ප්රකුපිත වාත දෝෂය හා බැඳි රෝග ලක්ෂණ වලින් යුක්ත මෙම රෝගයට ස්නේහ යුක්ත මෘදු විරේචන සහිත වාත ව්යාධි චිකිත්සා ප්රත්යක්ෂ ප්රතිඵල ලබා දේ. කෂාය, චූර්ණ, වටී, ගුග්ගුලු, තෛල, ඝෘත හා රස ඖෂධ භාවිතය සාර්ථක ප්රතිඵල ලබා දෙන අතර අභ්යංග, ඌෂ්ණ ස්වේද, උපනාහ ස්වේද, බන්ධන (bandage) යෙදීම, පිචු, ලේපන, ධාරා, නස්, රක්තමෝක්ෂණ හා අග්නි ප්රතිකාර ක්රම සාර්ථක බාහිර ප්රතිකාර ලෙස දක්වා ඇත.


ආයුර්වේද වෛද් විද්යාවට අනුවමනිබන්ධ මර්මයමැණික් කටු සන්ධිය ආශ්රිතව පිහිටා ඇති අතර මර්මය පීඩාවට පත් වීම රෝගය හට ගැනීම හා උත්සන්න වීමට හේතු වේ. දීර්ඝ කාලීනව මර්මය පීඩාවට පත් වීමෙන් අතෙහි ක්රියාහානිය පවා සිදු විය හැක. එමෙන්ම හදිසි අනතුරු හේතුවෙන් මර්මය පීඩාවට පත්වීමෙන් පසු රෝගය හට ගන්නා අවස්ථාවන්ද පවතී. රෝග ලක්ෂණ හටගත් මුල්ම අවස්ථාවේදී ප්රතිකාර වෙත යොමු නොවීමෙන් රෝග ලක්ෂණ තීව් වීමත්, රෝගය සුව වීමට කල්ගත වීමත් සිදු වේ.
රෝග ලක්ෂණ උත්සන්න වීමේදී අත දිගේ ඉහළට වේදනාව පැතිර යාම දක්නට ලැබෙන අතර, මෙම අවස්ථාව ආයුර්වේද වෛද් විද්යාවේ සඳහන්විශ්වාචීරෝග අවස්ථාව (Brachial neuralgia) හා සැසඳීම සිදු කළ හැක.

හිතකර ක්රියා :-
කාර්ය්යන්ගේ නිරත වීමේදී යොදන බලය අවම කිරීම හා විවේකය ලබා දීම. උදා:- යතුරුපුවරුවක ක්රියාවේ යෙදේ නම් පීඩනයකින් තොරව යතුරු එබීම සිදු කළ යුතුය. ලිවීමේදී ප්රමාණයෙන් ලොකු පෑනක් භාවිතා කිරීම හා මෘදු ලෙස අල්ලා ගැනීමට හැකි වන අයුරින් සකසා ගැනීම මෙන්ම මෘදුව ලිවීමට උත්සාහ ගැනීම කළ යුතුය.
කඩින් කඩ විවේක ගැනීමත්, අල්ල දිගහැර ඇඟිලි විහිදුවීම හා මැණික්කටු සන්ධියෙන් දෙපසට අත නවමින්, දිගහරිමින්, සෙමෙන් කරකවමින් අතට ව්යායාම ලබා දීමත් සිදුකළ යුතුය.

බෙල්ලේ හා උරහිස්මාංශපේශීන්ගේ තද බවද ස්නායු තෙරපීමට හේතු විය හැකි බැවින් ඇඟිලි හා අතෙහි වේදනාව ගෙන දිය හැකිය. එබැවින් නිවැරදි ඉරියව් භාවිතය අනිවාර්යයෙන්ම කළයුතුය.
එමෙන්ම වායු සමීකරණ තුළ රාජකාරියේ යෙදීමේදී වේදනාව වැඩි විය හැකිය. එමනිසා අත් උණුසුම්ව තබා ගැනීමට උණුසුම් අත් ආවරණ පැළඳීම සුදුසු වේ.
අති ස්තෞල් පුද්ගලයෙක් නම් ශරීර බර පාලනය කළ යුතුය.
මැණික් කටු සන්ධිය වටා ප්රත්යස්ථ වෙළුම් පටියකින් වෙළීම හෝ elastic band එකක් පැළඳීම සුදුසුය.
අත මත නිදා ගැනීම සිදු නොකළ යුතුය.

රෝග ලක්ෂණ හටගත් වහාම සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්යවරයෙක් වෙත ගොස් නිසි ඉක්මන් ප්රතිකාර ලබා ගැනීමෙන් මෙම රෝග තත්ත්වය පහසුවෙන් සුවකර ගත හැක.

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක
BAMS – Colombo (SL)