යාන්තමින් හෝ නුඹේ කිරණින්නැහැවෙන්නට මග බලනඑතෙක් මැලවුණු මගේ වතනුඹේ උණුසුමෙන් පිබිදෙන්නනොඉවසිලිමත් වුනසූරියකාන්තියයි මම….කොයිතරම් නුඹ දුරින් දිලුනදනුඹ නැගෙන්නේමා වෙනුවෙන්ම නොවූවදනුඹේ පහසින් මුසපත් වන්නනුඹ දකිනු රිසියෙන්මනෙතු විදහනසූරියකාන්තියයි මම….නුඹ නැගුන වේලේ පටන්නුඹ දෙසම නෙත් යොමාගෙනසිතින් සැනසුම සොයනනුඹ ගිලී යන මූසලම හෝරාවේසිතින් ඉකිලනයළිත් නුඹ නැගෙන තුරුවිඩා නෙතු වසා සිටිනනුඹේම සූරියකාන්තියයි මම….