Api-Slide-62-1
previous arrow
next arrow

කන්ද නුඹ මන්ද

ඉර හඳ සිඹ වැලඳ දිව රෑ
විසිතුරු සෙවණැලි ඇන්ද
දුර ළඟ නොසැලි අභිමන් පෑ
පියෙකුව සෙනෙහස බැන්ද
දර කොළ පලා ඔසු පැණි දෑ
නොමසුරුවම දුන් කන්ද
කර මහ විපත පෙරදින රෑ
නපුරුම වී ගියෙ මන්ද

නෑ සිය මිතුරු කැල සමගින්
සිනහව සොම්නස වින්ද
මහගෙයි පිරුණු මහ සතුටෙන්
පොළොවට බර වැඩි වී
හිටි වන වැටුණු වැහි කඳුලින්
මිහිකත නෙත රතු වී
මිටි තැන් බල බලම පහලින්
ගලනුව සිතුවේ මන්ද

– තාරක ජයතිලක