


කොතලාගල camping
නිසංසලාගේ චාරිකා
( දෙවන දිනය )
සීතල එන්න එන්නම ටික ටික වැඩි වෙනවා…. ඒ වගේම හුළඟට ෆයිනස් කොළ එකට ගැටෙන ඒ හඬ හරි අමුතුයි… හරියට නිකමි මහා වැස්සක් වගේ… ඒත් ඉතිං මෙහාට වැස්ස කාලෙකින් ඇවිත් තිබුණෙ නෑ…. මේ කන්ද ගිනි අරගෙනත් තිබුණා එක කොටසක්…. ඒ හින්දම අපි පරිස්සම් වුනා ගිනි මැල දල්වන්න… ගල් වට කරලා ගින්දර පිටතට යන්නෙ නැති වෙන්න ආරක්ෂාව ඇතිව අපි ගිනි මැලය දැල්වුවා…
ගිනි මැලය දල්වලා රාත්‍රි ආහාරය විදිහට කොතුතුමිත් සොසේජස් හැදුවා.. ඒ හදාගත්ත කෑමත් කාලම අපි සිංදුවක් මුමුණනමින් බොහෝ වෙලාවක් ගිනි මැලේ වටා රැඳී සිටියා…..
ඇත්තටම ජීවිතේ අමතක නොවන රාත්‍රියක්… තරු පිරි අහස යට…. ලොකු සීතලක් තිබුණේ වත් නැති තරම්… නින්ද අහලකවත් නෑ….. ඒ වගේම තමයි මේ කැලේ හිටියා කිව්ව කුළු හරක් දැන් නෑ කියලා දැන ගත්ත නිසාම හිතේ අර තිබුණ පොඩි චකිතයත් නැති වෙලායි තිබුණේ…. ඒ හින්දම අපි හතර දෙනාම හිටියේ හරි සතුටින්….
රෑ බෝ වෙනකොට හතර දෙනාම ගිනි මැලයත් නිවා දමලා කුඩාරම් අස්සට රිංගා ගත්තේ හෙට උදෑසන සුන්දර ඉර උදාවත් දකින්න බලාපොරොත්තුවෙන්… ඉතින් තරමක සීතලක් තියෙන නිසාම මම නම් ස්ලීපින් බෑග් එක ඇතුලට රිංගා ගත්තේ සුව නින්දක් බලාපොරොත්තුවෙන්…
ඒ වගේම තමයි උදෑසන අවදි වෙනකොට අවටින් ඇසුණේ එක එක කුරුලු ශබ්ද විතරමයි…. ඒ වගේම යමිතමට පන්සලක පිරිත් හඬත් අපිට ඇහුනා…. එතමයි කොතලාගල කන්දට පහළ තියෙන ගමේ පන්සලේ පිරිත් හඬ……
ඉර උදාවක් කියන්නේ කඳු මුදුණකදි දකින්නම ආස කරන සුන්දර දසුනක්…. ඉතිං වලපනේට ඉර පායන්නේ කොහොමද කියල අපි හතර දෙනාම බලාගෙන හිටියා ඉර උදාවෙනකම්ම කොතලාගල කන්දට….. ඒක ඇත්තටම මගේ ජීවිතේ පළවෙනි වතාවට මං දැකපු අමුතුම ඉර උදාවක්….. මොකද ඒ තරම් ලස්සනයි…. තනිකරම මුළු කොතලාගල කන්දම තැබිලි පාටයි… වෙිලිලා ගියපු වල්පැළෑටිය පවා තැඹිලි පැහැයක් ගෙන තිබුණා…
බොහො වෙලාවක් එ සුන්දරත්වය විදගත්තේ ටිකෙන් ටික තිබුණු සීතලත් අඩුවීගෙන යද්දි…. පස්සෙ තමයි අපි උදේට තේ බිවුවෙි… තේත් බිලා අපි අපේ බඩුබාහිරාදිය ටෙන්ටි ඇතුලට දාලා ටෙන්ටි වහලා යන්න පිටත් උනේ තවත් ලස්සන ඉසවුවක් හොයාගෙන…
එ තමයි මෙි කන්දේ ලස්සනම තැන… ලස්සනම viewpoint එකට… ලංකාවෙි තුන්වෙනියටම උස දිය ඇල්ල කුරුදු ඔය දිය ඇල්ල පේන තැනට.. එ වගේම තමයි මෙි යන ගමනෙදි දකින්න පුළුවන් තවත් විශේෂම දෙයක් ගැන චරිත් අයියා වගේම අපට මග පෙන්වු මාමා පැවසුව කොතලාගල ගල… නිධානයක් ඇති බව කියන එ අමුතුම ගල් පර්වතය… එ පිහිටිම නමි හරිම අද්භූත ජනකයි..
ඇත්තටම හිතාගන්න බැරි තරමි හරියට චෛත්‍යක කොතක් වගේ. එ නිසාලුනේ මෙි කන්දට කොතලාගල කියන නමත් පටබැදිලා තියෙන්නේ… කොහොම උනත් අපි කඳවුරු බැන්ද තැන තමයි මෙි කන්දේ උසම තැන.. එතන ඉදන් ලොකු දුරක් නමි නෑ දිය ඇල්ල පෙන මානෙට එන්න… පුදුමය කියන්නේ ඇල්ලේ ශබිදයත් ඇසෙනවා… මෙි ඇල්ලට එද්දි නමි අපිට ඉදුණු රතු පේර කන්න ලැබුණා.. පේර ගස් විමානයක්… අමතක කලේ නෑ මම මගේ ආචිචි අමිමාටත් එ රස පේර ගෙඩි දෙකක් ගෙනත් දෙන්න….
හැබැයි යන්න තියෙන්නේ ගල් පර්වතය අයිනෙන් ලිස්සන සුලුයි ෆයිනස් කොළ නිසා.. එ හින්දාම පරිස්සමට යා යුතුයි…. එන්න එන්නම දැඩි අවු රශ්මියක් පතිත උනා දිය ඇල්ල පෙනෙන මානෙට.. එත් පැයකට වඩා අපි දිය ඇල්ල දිහා බලන් හිටියා.. දිය ඇල්ලට මෙහායින් ඇති කිරි කෑ කන්ද ගැනත් අපිට විස්තරයක් පැවසුවා ගමේ මග පෙන්වු මාමා…
ඉතිං… එ ලස්සන දර්ශනයට සමුදි අපි නැවත පැමිණියා අපේ කඳවුරු භූමියට… උදැසන අහාරය ලෙස පාන් සමග ජැමි ආහාරයට ගත් අපි අපේ ටෙන්ටි අකුලාගෙන කොතලාගල සුන්දර කදු මුදුණට සමුදි පල්ලමි බැස්සා….
කියන්නම ඔින කිසිම පොලිතින් කැල්ලක් තියා ජරාවක් තිබුනේ නෑ මෙි භූමිය පුරාම… එ තරමි පිරිසිදුයි…. අපිත් අපේ ලටිට පටිට සේරම අරගෙන පහලට බැස්සේ රෑ බෝ වෙන්න ප්‍රථම ගෙවල් වලට යන්න… අපි පහලට එන තෙක්ම අර මාමා බලන් ඉන්නවා දැක්කාම හිතට දැණුන හැඟිම නමි කියලා නිම කරන්න බෑ…
“මං මෙි බලන් හිටියේ එනකමි පහලට…. රෑට කැවෙි මොනවද.. බඩඟිනිද…. තේ එකක් බොමු”
එ තරමි එ මිනිසුන්ගේ හදවත් සුන්දරයි… අපි එපා කිවුවත් අපිට තේ හදලා දුන්නා.. කොහොමත් අපි හතර දෙනාම හිටියේ පිපාසයෙන්.. තේ ටික ඉක්මනින්ම බිලා කියලා අර මාමාගේ දුව නැවතත් අපිට තේ හදලා ගෙනත් දුන්නා.. පැයක් විතර අපි එ ගෙදර.. මාමා කඩලා දුන්න පැෂන් ගෙඩියත් බැගයේ දමාගෙන එ මාමාට නැන්දාට වැදලාම අපි ඔවුන්ගෙන් සමුගෙන නැවත පිටත් උනා…
කොතලාගල යනවා නමි අමතක නොකර මෙි නිවෙස් දෙකේම පුංචි බබාලා ඉන්නවා එයාලාට මොනවා හරි දෙයක් ගෙනියන්න…. වෙිලාවට අපි ගාව තිබුණා ඔිනවටත් වඩා කෑම… යනකොටත් දිලා එනකොටත් දිලයි ආවෙි…එ නිසා හිතට හොදයි…
ඉතිං සුන්දර ගමනක් සුන්දර හදවත් එක්ක දින දෙකක් ගෙවා දැමුවා…. එන්න හිතක් නැති තරමි… එතරමි සුන්දර සංචාරයක්… හිතම තාමත් එ සුන්දර වලපනෙ කදු මුදුණේ…
නැවත වලපනේ නඟරයට ඇවිත් දවල්ට බඩ පිරෙන්න බත් කාලා භාග්‍යාවත් බස් එකට දාලා අපි පිටත් උනා අපේ ගමි බිමි කරා එන්න… තාමත් හිත එහේ…. ආදරයෙන් මතක් කරන්න ඔින චරිත් අයියාව…. චරිත් අයියා මෙි කදු මුදුන් ගැන වගේම තවත් විස්තර ගොඩක් පැවසුවා. එ වගේම ගමන පටන් ගත් මොහොතේ ඉදන්ම ගෙදර එනකමි හොයා බැලුවා අපි ගැන… ඉතිං ස්තුතියි ගොඩක් චරිත් අයියේ..
එ වගේම මගේ ආදරණිය යාළුවො තුන්දෙනාටත් ගොඩක් ස්තුතියි… මට ලස්සන පොටො අරන් දුන්න උපුල් මල්ලිටත් ගොඩක් ස්තුතියි.. හැමදාමත් වගේ හැම ගමනක්ම අවසානේ මම ස්තුතියි කියනවා මෙි විශ්වයට…. ස්තුතියි මාව සතුටින් තබනවාට…. ඉතිං… තවත් සුන්දර සංචාරයකින් නැවත හමුවෙමු….
නිසංසලා රණසිංහ
