Api-Slide-62-1
previous arrow
next arrow

Q20 with අමා | Shanudri Priyasad

දෙසැම්බර් මාසයේ අපි Magazine Q20 with අමා සමග කතා බහට එක්වන්නේ රංගනය, නර්තනය සහ ගායනය උපතින්ම ලබමින් එම ජන්ම කුසලතාවයන් තව දුරටත් පුහුණු කරමින් සහ මනා ලෙස හසුරුවා ගනිමින් ළමා ශිල්පිනියක් ලෙස කලා ක්ශේත්රයට පය තබා අද වන විට ඉතා සුන්දර යෞවනියක් ලෙස දිනෙන් දින බැබලෙමින් කල්පනාකාරිව අති සාර්ථක ලෙස පියවරින් පියවර හෙමින් ගමනක නමුත් ජයග්රාහී ගමනක යෙදෙන ඉතා ජනප්රිය කලා පවුලක තුන්වන දියණිය නැතිනම් වර්තමානයේ 3 sisters නමින් හදුන්වන යුවතියන් ත්රිත්වයෙහි තුන් වෙනි පුරුක එසෙත් නැතිනම් ඉතා ලයාන්විත හඩකට හිමිකම් කියන දක්ෂ ගායන ශිල්පියෙකුගේ ආදරවන්තිය ලෙසද නම් කල හැකි දක්ෂ, ජනප්රිය, සරල, සුරූපි රංගන ශිල්පිනිය ශනුද්රි ප්රියසාද්

1. ශරිර සෞඛ්‍ය වෙනුවෙන් පුරුද්දක් ලෙස එදිනෙදා කරන දේවල් 3 ක්

අවම වශයෙන් සතියට 5 වතාවක් වත් ව්යායාම කරනවා. Chia seeds, Flax seeds වැනි ගුණ දේවල් පානය කරනවා. එමෙන්ම, නර්තනය කටයුතු වෙනුවෙනුත් නිතරම කාලය වෙන් කරනවා.

2. Independent girl කෙනෙක් විදියට ඔබේ වයසේ ඔබව අනුගමනය කරන අයට දෙන්න පුළුවන් හොදම ආදර්ශයක්

තමන් තමන්ව විශ්වාස කලොත් ඕනේම දෙයක් සාර්ථකව කර ගන්න පුලුවන් කියලා මම හිතනවා.

3. Me time ගැන ඔබේ අදහස සහ එහෙම වෙලාවක් වෙන් කර ගන්න හිතන අයට අදහසක්

Me time එකිනෙකාට සාපේක්ෂයි. මට අනුව Me time කියන්නේ මම වෙනුවෙන් මම කැමති, හිත සැහැල්ලු වෙන, සතුටු වෙන, ආතතිය අඩු කරන දෙයක් කරන්න කාලය වෙන් කර ගැනිමයි.

4. ඔබේ හිත රිදුන වෙලාවට ඔබේ පවුල සහ ඔබ වටා ඉන්න ඔබේ සමීපතමයන් ගෙන් මුලුමනින්ම කතා කරන දෙතුන් දෙනෙක්

මම මුලින්ම හැමදේම කියන්නේ බෙදා ගන්නේ මගේ පෙම්වතා එක්ක. ඊලගට අනිවාර්යයෙන්ම මගේ අක්කලා දෙන්නාට, අයියලා දෙන්නාට කතා කරනවා.

5. රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක්, ව්‍යාපාරිකාවක් මෙවැනි ඔබ නියැලෙන වෘත්තීන් වලින් ඔබව හදුන්වා දෙනවට වඩාත් කැමති

වෘත්තීය රංගන ශිල්පිනියක් විදියට මාව හදුන්වා දෙනවට මම වඩාත් කැමතියි.

6. එතෙක් මෙතෙක් ජිවිතයේදි ඔබට ලැබුන වටිනාම අගය කිරිමක්

මම බලාපොරොත්තු නොවුන විදියට ක්ශේත්රය තුල ප්රවීනයන්ගෙන් මට අගය කිරිම් ලැබිලා තියනවා අතරින් මෙම දිනවල තිරගත වන නීරා ච්ත්රපටයෙහි රංගනය වෙනුවෙන් මෙතෙක් නොලැබුන විශේෂ අගය කිරිම් රාශියක් ලැබිම සුවිශේෂයි.

7. ඔබ මුදලක් උපයපු මුල්ම අවස්ථාව 

මට වයස අවුරුදු 6 දී විතර රූපවාහිනි දැන්විමකින්   

8. ප්‍රේක්ෂක අප නොදන්නා ඔබගේ තවත් දක්ෂතාවයක්

ප්රේක්ෂකයන් නොදන්න දෙයක් විදියට ගෘහ අභ්යන්තර නිර්මාණකලාව පිළිබදව මගේ හැකියාවන් නම් කරන්න පුලුවන්.

9. ඔබේ ආදරවන්තයාගේ ඔබ කැමති ගතිගුණයක්

මන් වෙනුවෙන් වගේම මගේ පවුලේ අය වෙනුවෙන් එයා ඕනෙම වෙලාවක ඉන්නවා. ඒවගේම එයාගේ යාළුවන්ට, නොදන්නා කෙනෙක්ට වුනත් උදව්වක් කරන්න දෙපාරක් හිතන් නැහැ.

10. ඔබ ඉදිරියේදි ඉගෙන ගන්න හිතන් ඉන්න අලුත් දෙයක්

2019 දි මම උපාධිය අවසන් කලා. එහි ඉදිරි පියවර (Masters) නුදුරු අනාගතයේදි හදාරන්න බලාපොරොත්තු වෙනවා.

11. ඔබ සංචාරයට වඩාත් කැමති දේශිය සහ විදේශීය තැන් කිහිපයක්

ලංකාවේ මුහුද ආශ්රිත විශේෂයෙන් දකුණ පලාතේ අහංගම වැනි ප්රදේශවල සහ ඕස්ට්රේලියාව, තායිලන්තය වැනි විදේශීය රටවල්වල සංචාරය කරන්න කැමතියි

12. ඔබ අනුගමනය හෝ අනුකරණය කරන Sri Lankan, Bollywood හෝ Hollywood රංගන ශිල්පිනියක්

මම කිසිම කෙනෙක් අනුකරණය කරන්න නැහැ. ආලියා බාත්, කාජොල්, විද්යා බාලන් සහ ජාන්වි කපූර් වැනි රංගන ශිල්පිනියන් වෘත්තීය වශයෙන් කරන කියන දේවල් බලනවා සහ මගේ වෘත්තීය ජීවිතයට ගත හැකි දෙයක් තියනවා නම් ඒවා අනුගමනය කරන්න උත්සාහ කරනවා.

13. ඔබ ලගින්ම ඇසුරු කරන මිතුරෙක් සමග හිත අමනාපකමක් ඇති වුනොත් ඔබේ හැසිරීම පියවර 3 කින් විස්තර කලොත්

මම රංඩු කරන කෙනෙක් නෙවෙයි. ටික දවසක් කතා නොකර ඉදියි. දුක හෝ තරහ නිවුනම මම
කතා කරයි. සිදුවිම ගැන මගේ පෙම්වතා සමග කියයි.

14. ඔබේ පවුලෙන් ඔබ වඩාත්ම සමීප

පොඩි කාලයේ ඉදලා මම ගොඩක්ම සමීප දෙවෙනි අක්කා එක්ක. හැබැයි මේ වෙනකොට අක්කලා දෙන්නායි මමයි හරිම එකතුයි.

15. ඔබ නිතරම තරහ යන, තමන්ගේ නිවැරැදිබව වෙනුවෙන් තර්ක කරන කෙනෙක්ද?

නිතරම තරහා යන්නේ නැහැ. තර්ක කරන්නෙත් නැහැ. නිවැරැදි බව ඔප්පු කරන්න යන්නෙත් නැහැ. මම වැරදියි නිවැරැදි කියලා තව කෙනෙක්ට කැමති විදියට හිතන්න ඉඩ දෙනවා.

16. ඔබේ මීලග උපන්දිනයට පෙර  ඉටු කර ගන්න සැලසුම් කරන දෙයක්

මීලග උපන්දිනයට තව මාස 10 ක් විතර තියනවා. එම කාලය ඇතුලත විශේෂ දෙයක් කරන්න සැලසුම් කරලා නැහැ. සැහැල්ලුවෙන් ජිවත් වෙන්න සහ මේ විදියට හෙමින් ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

17. දැනට ඔබ සතු වටිනාම වත්කම

දැනටත් ඉදිරියටත් මා සතු වටිනාම වත්කම් ලෙස පෞද්ගලික ජිවිතයේදි මගේ පවුල සහ වෘත්තීය ජිවිතයේදි මගේ ප්රේක්ෂකයන් නම් කරන්න පුලුවන්.

18. ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් ඔබ සැලසුම් කරන ඊලග පියවර

පහුගිය අවුරුද්ද පුරාවට ච්ත්රපට රූපගත කිරිම සදහා වැඩිපුර කාලය වෙන් කරන්න සිදුවුන නිසා ව්යාපාර කටයුතු පිළිබදව අවධානය යොමු කරන්න බැරි වුනා. අලුත් පියවරකින් ඉදිරියට යන්න අදහසක් තියනවා.

19. ඔබ මෑත කාලයේදි එකතු කර ගත් පොත් කියවන්න පුරුද්දෙන් ජිවිතයට එකතු වුන අලුත් දෙයක්

මම ගොඩක් පොත් කියවන කෙනෙක් නෙවෙයි. මම සංචාරය කරන කොට අනිවාර්යයෙන්ම පොතක් අරගෙන යනවා. මම හිතනවා කාර්යබහුල අවස්ථාවලදි මගේම ලෝකෙකට යන්න, ආතතිය අඩු කර ගන්න පොත් කියවන පුරුද්ද වැදගත් කියලා.

20. ඔබේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් පෙළ ගැසුනු ඔබේ ඉදිරි නිර්මාණ පිළිබදව විස්තරයක්

මෙම දිනවල ලංකාවෙහි සහ ලෝකයේ විවිධ රටවල්වල තිරගත වන නීරා ච්ත්රපටය සහ මෝඩ තරිඳු ච්ත්රපට දෙකෙයි ප්රචාරණ කටයුතුවල නිරත වෙනවා. ලබන වසරේ තවත් චිත්රපට දෙකක් තිරගතවිමට නියමිතයි. කවිදු මදිශාන් සමග නර්තන ප්රසංගයක් පවත්වන්න අදහසක් තියනවා. මෙතෙක් කල් මා සමග රැදුන මගේ ප්රේක්ෂකයන්ට ස්තුතිවන්ත වෙමින් ඉදිරියටත් මා සමග එකතු වෙන්න ආරාධනා කරනවා.

අමා නාකන්දලගේ

Photos Credit : Gayan Karunaratne