Api-Slide-62-1
previous arrow
next arrow

දරුවන් හදන එක පස්සට දාන එංගලන්තයේ අම්මලා

දරුවන් හදන එක පස්සට දාන එංගලන්තයේ අම්මලා.

එක්සත් රාජධානියේ ජාතික සංඛ්යාලේන කාර්ය්යාලයේ දත්ත වලට අනුව එංගලන්තයේ සහ වේල්ස් හී කාන්තාවන් දරුවන් ලැබීම දිගින් දිගටම ප්රමාද කරන බව සොයාගෙන තිබේ. එම හේතුවෙන්ම පෙර පරම්පරාවල් වලට වඩා කුඩා පවුල් වලට ඔවුන් හිමිකම් කියන බවයි එම දත්ත වාර්ථා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

සංඛ්යාලේන කාර්ය්යාලයේ පෙරයීම් අනුව 2025 වසරේදී 18 විය සපුරණ තරුණියකට වයස 35 වන විට ඇයට එක දරුවෙකු පමණක් සිටීමේ බොහෝ ඉඩකඩක් ඇති බව ඔවුන් ප්රකාශ කරයි. නමුත් එම කාන්තාවන්ගේ මව්වරුන්ගේ පරම්පරාවේ සාමාන්යක් ලෙස ගත්කල කාන්තාවකට වයස 31 ක් වන විට එක දරුවෙකු සිට ඇත.

එංගලන්තයේ සහ වේල්ස් හී තරුණ පරම්පරාවේ කාන්තාවන් දරුවන් හැදීම පිළිබදව තවදුරටත් විස්තර කරන සංඛ්යාලේඛන කාර්ය්යාලය වර්ථමාන පරම්පරාවේ කාන්තාවන්ට සිය ජීවිත කාලය තුල දරුවන් 1.52 ක් ක් සිටිනු අඅති බව ප්රකාශ කරයි. එහෙත් ඔවුන්ගේ මව්වරුන්ගේ පරම්පරාවේ කාන්තාවන්ට සාමාන්යයක් ලෙස දරුවන් 1.95 ක් සිටි බවත් ඔවුන්ගේ ආත්තම්මලාගේ පරම්පරාවේ කාන්තාවන්ට දරුවන් 2.04 සිටි බවත් සදහන් කරයි.

මෙම සමීක්ෂණය සදහා පරම්පරා තුනක දත්ත යොදාගෙන ඇති අතර 1978 වසරේ උපන් කාන්තාවන්, 1951 වසරේ උපන් කාන්තාවන් සහ 2007 වසරේ උපන් එනම් 2025 වසරේදී වයස 18 සපිරෙන තරුණියන් යොදාගෙන ඇත. අනුව මෙරට කාන්තාවන් දිගින් දිගටම දරුවන් හැදීම කල් දමන බවත් පෙර පරම්පරා දෙකේදී පිළිවෙලින් වයස 26 වන විට එක් දරුවෙකුත් , වයස 31 දී එක දරුවෙකුත් සිට ඇත. එම පුරෝකථනයන්ම සදහන් කරන ආකාරයට 2025 වසරේ උපත ලබන කාන්තාවකට ප්රථම දරුවා ලැබීම වයස 36 දක්වා පසුපසට යනු ඇති.

 

 තිලාන් ජයසේකර 

Home / Life-Style / Daily-Topics / 25-April-09