දැනට වසර ගණනාවක් පුරාවට වැඩිම ප්රේක්ෂක පිරිසක් නරඹන රියැලිටි තරගාවලිය ලෙස ඔටුනු පැළදි හිරු ස්ටාර් ගායන තරු තරගය තුලින් ජනතා මනාප සජීවීව ලබමින් අවසන් මහා තරගාවලිය දක්වා ගමන් කල කන්ද උඩරටින් පැමිණ ගීතයෙන් ප්රේක්ෂක හදවත් ස්පර්ශ කල ලයාන්විත හඩ පෞර්ෂයකට හිමිකම් ලැබු අශාන් කපුගෙදර සමග මෙවර අපේ කතා බහ…
1. ලගදීම හැබැ කර ගන්න බලාගෙන ඉන්න හීනයක්
ලොකු හීන නෑ. එකින් එක හැබෑ කරගන යන ගමන්
2. ඔබ නිතර අහන ගීත ලැයිස්තුවෙහි ප්‍රියතම ගීතයෙහි හිමිකරු
චන්දන ලියනආරච්චි
3. ගායන ශිල්පියෙකු වීම නිසා ඔබට ලැබුන වටිනාම තෑග්ගක්
ආදරණීය ප්රේක්ෂක පිරිසක්
4. ඔබ ගායන ශිල්පියෙකු නොවුනේ නම් කුමන වෘත්තියක යෙදෙයිද
ව්යාපාරිකයෙක්
5. කලා ක්ශේත්‍රයේ ඔබට මුණ ගැසුනු ප්‍රියතම චරිතයක්
නිරෝශා විරාජිනි මිස්
6. ප්‍රේක්ෂකයන් නොදන්නා ඔබේ සහජ හැකියාවක්
ගායන හැකියාවම තමා ගොඩක් අය දැනගෙන හිටියෙ නැති හැකියාව
7. ජිවිතයේ අමතක නොවනම දවසක්
හිරුස්ටාර් තරගාවලියේ අවසන් මහා තරගයට ටිකට් එක දිනාගත්ත දවස
8. නිවාඩු දවසට ඔබ බොහෝ විට කරන්නේ
යාලුවෝ එක්ක නිදහසේ ගත කරන එක
9. ඔබව වෙනස් කර ගන්න ඔබටම වරමක් ලැබුනොත් වෙනස් කර ගන්නා දෙයක්
මගේ අසනීප තත්වය
10. ඔබ ලග නිතරම තියා ගන්නා දෙයක්
දුරකතනය
11. ඔබ නිතර භාවිතා කරන සමාජ මාධ්‍ය අවකාශය
ෆේස්බුක්
12. යුග ගීතයක් ගායනා කරන්න ඇරයුමක් ලැබුනොත් ඔබ තෝරා ගන්නා ගායිකාව
ශෂිකා නිසංසලා මිස්
13. හිරු ස්ටාර් වේදිකාවේ අමතක නොවන මතකයක්
මගේ යාලුවා සමග එකට තරග කරන්නට වුණු දවස
14. රංගන දායකත්වය ලබා දෙන්නට ඔබට ආරාධනාවක් ලැබුනොත්
ඒකනම් කරන්න ටිකක් විතර අමාරු වෙයි
15. ඔබ අදින්න කැමති විදිය
සරල විදිහට
16. ඔබේ දින චර්යාවෙන් ශරිර සෞඛ්‍යයට වැදගත් යයි නම් කල හැකි දෙයක්
වෙලාවට කෑම කන එක
17. ඔබේ ප්‍රියතම ආහාර වර්ගයක්
පීට්සා
18. ඔබේ විනෝදාංශවලින් එකක්
යූ ටියුබ් වීඩියෝ නැරඹීම
19. අශාන් කපුගෙදරගේ අනාගත බලාපොරොත්තුවක්
ලංකාවේ ජනප්රියම ගායකයා වෙන එක
20. ඔබේ ප්‍රේක්ෂකයන්ට පණිවිඩයක්
හැමෝටම ආදරයෙන් ඉන්න
අමා නාකන්දලගේ