Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

කමලට කියන්න එපා

මේ දවස්වල බ්රිතාන්යය පුරා සාමාජ මාධ්යවල දකින්න තිබුන පෝස්ට් ගනනාවක කිව්වේ මෙහෙම. අපි Magazine අද දවසේ කතාබහ දිගහරින්නට යන්නේ ගැනයි.

ලෝකයට Dark Comedy කියන සංකල්පය අලුත් නොවුනට, ශ්රී ලංකාවට නැතිනම් ශ්රී ලාංකිකයන් බහුතරයකට ඒක අලුත්. නිසාම තමයි මේ දවස්වල බොහොමයක් සමාජ මාධ්යවල viral වෙන සුවිශේෂි ශ්රී ලාංකික අග්රගන් සිනමා නිර්මාණයක් ගැන කතා වෙන්නේ. ලංකාවේ සිනමා ඉතිහාසය වෙනස් කල වර්ෂයක් බවට 2025 පත් වෙන්නෙත්, ලෝක සිනමාවේ සංකල්ප බද්ධව අපේ සිනමාව පැවතුනත්, අද වන විට ලෝක සිනමාව අපෙන් ඉගන ගන්නා තත්වයට පත් කරන්නට සමත් ඒකී Dark comedy තේමාවකින් ඉලංගෝ රාම් අතින් අධක්ෂණය වුනු නෙලුම් කුලුණ නවතම චිත්රපට අද වන විට ශ්රී ලාංකිකයන්ගේ රසවින්දනයට මෙන්ම ප්රේක්ෂක ආදරයට ලක්වීම සුප්රකට රහසක් බව කිව යුතුයි.

නෙලුම් කුලණ සැබෑම පවුලක වටා ගොනු වූ දුක්මුසු සිදුවීමක් වුවත්, එය චිත්රපටය පුරාවටම හාස්යය මෙන්ම විනෝදකාමීත්වය ජනිත කරවන්නට සමත් වීම මෙකී dark comedy තේමාවක් වටා ගොනු වුවක් බව සනාථ කරයි. විදේස් ගත ශ්රී ලාංකිකයන් තවමත් ලාංකීය සිනමාවට මෙන්ම නෙලුම් කුලූණ චිත්රපයට දක්වන ආදරය කැමැත්ත නිසාම අද වන විට ලෝකය පුරා විශාල වශයෙන් මෙම සිනමා නිර්මාණය ප්රේක්ෂක ආදරය දිනා අවසන්. ඉතිං ‘’කමලට කියන්න එපා’’ කියන්නේ නෙලුම් කුලුණ චිත්රපටයේ එන එක්තරා සංවාදයක උපුටා ගත්තක්. එය සිනමාව ගැන update අය දැනගත්තත්, අනික් අයට නම් හිතා ගන්න බැරි කතාවක්.

මෙවැනි සුවිශේෂි වූත්, අග්රගන් වූත්, ශ්රී ලාංකේය සිංහල සිනමාවේ අනපේක්ෂිත හැරවුම් ලක්ෂය, නෙලුම් කුලුණ බ්රිතාන් සිසාර විසිරි සිටින ආදරණිය ශ්රී ලාංකිකයන්ට නැරඕමේ අවස්ථාව උදා කර දීමට, හැමදාම අලුත් විදිහට සිතන අලුත් වැඩක් කරන Concept Crew PVT LTD සමගින් Vipula Nawadagala සුසංයෝගය සමත් වී අවසන් බව දැනුම් දෙන්නේ ඉතා සතුටින්. ඉතිං අයගේ උත්සාහය, මෙවැනි ප්රේක්ෂක ආදරයක් දිනා ගත් නෙලුම් කුලුණ බ්රිතාන්යයේ ප්රධාන නගර වන ලංන්ඩන්, බර්මින්හැම්, මැන්චෙස්ටර්, ලිවර්ෆූල්, කාර්ඩීෆ් ඇතුලු ප්රධාන නගර 10 ආදරණීය ශ්රී ලාංකිකයන්ගේ රසාස්වාදය වෙනුවෙන් ප්රදර්ශණය කරන්න.

ඉතිං ඔයත් නෙලුම් කුලුණ චිත්රපටය නරඔන්නට බලාපොරොත්තු වන ආදරණීය ශ්රී ලාංකිකයෙක් නම්, *concept crew* Facebook pan page එක follow කරල අලුත්ම updates දැනගෙන චිත්රපටය නරඔන්නට ඔබගේ ටිකට් පත හැකි ඉක්මනින් වෙන් කර ගන්න. අපි මැගසින් අපිත් සිනමාවට ආදරය කරන ඔයාල දකින්න නෙලුම් කුලුණ ඔබේ නරගයට එන දවසට හමු වෙන්න එන්න හිතන් ඉන්නවා.

Home / Life-Style / Daily-Topics / 25-April-20