Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

අසාර්ථකත්වයට බයද?

අසාර්ථකත්වය යනු සාර්ථකත්වයේ පළමු පියවර බව ඔබ දැන සිටියාද?
Failure is not the opposite of success it’s part of success.

අසාර්ථක වීම කියන්නෙ අප සැමට අපගේ ජීවිතයේ යම් අවස්ථාවකදී මුහුණ දීමට සිදු වන දෙයක්.බොහෝ අයට, ඕනෑම ආකාරයක පසුබෑමක් අත්විඳින විට ජීවිතයේ ඉදිරියට යෑමට අපහසු බවක් දැනෙනවා. නමුත් අසාර්ථකත්වය ඔවුන්ගේ වර්ධනයට, සාර්ථකත්වය තරම්ම තීරණාත්මක බව ඔවුන් දන්නේ නැහැ. බොහෝ විට ප්රධාන ගැටලුව වෙන්නේ අසාර්ථකත්වයට පත්වීම නෙවෙයි අසාර්ථකත්වය කියන්නේ කඩාවැටීමක්,පරාදවීමක් කියා සිතීම යි.

අසාර්ථක වීම් එකක් දෙකක් නෙවෙයි. අසාර්ථක වීම් රාශියකට පස්සේ සාර්ථක වුණු ලොකු කුඩා කවුරුත් දන්න චරිතයක් තමයි ජේ. කේ රෝලින්ග් කියන්නේ.

ඉතින් ජේ කේ රෝලින්වත් දැන් නොදන්න කෙනෙක් නැති තරම් රෝලින්ව නොදන්න කෙනෙක් උනත් ඇගේ හැරී පෝටර් කතා මාලාව නම් නොදන්න කෙනෙක් නැති තරම් බිලියනයටත් වඩා ඉපැයූ ලේඛිකාව විදියටත් රෝලින්ව හඳුන්වනවා. මෙච්චර සාර්ථක ඇගේ පටන් ගැන්ම නම් සාර්ථක එකක් නෙවෙයි. රෝලින් වයස අවුරුදු 17 දී ඔක්සෝඩ් සරසවියට ඇතුල් වෙන්න ගියත් ඇයව ප්රතික්ෂේප වෙනවා. හේතුව නිසාම ඇය එක්ස්ටර් සරසවියට ඇතුල් වෙනවා. එතනින් පස්සේ ජීවිතයේ අවාසනාවන්ත සිදුවීම් වැරදි විවාහයක් ගෘහස්ථ හිංසනය වගේ දේවල් රාශියක් එක්ක ඇය නිසාම 1993 වෙනකොට රෝලින් යනවා තමන්ගේ සහෝදරියත් එක්ක එකට ජීවත් වෙන්න වෙනකොටත් ඇගේ විවාහයේ ඉඳලා වෘත්තිය දක්වාම හැමදේකින්ම ගොඩක් අසාර්ථක වෙලා තමයි හිටියේ. රෝලින්ගේ අවට පිටාවේ අයත් ඇයව ගණන් ගන්නේ නැති තරම්. වෙනකොටත් රෝලින් විශාදයෙන් පෙළෙමින් හිටියා විතරක් නෙමෙයි. දිවි තොර කරගන්න පවා පෙළඹිලා තියෙනවා.

කොහොම හරි ඊට අවුරුදු දෙකකට පස්සේ ඇය හැරී පොටර් පළවෙනි අත්පිටපට ඉවර කරනවා. වෙනකොට අදහස ඇවිත් ලියන්න පටන් අරගෙනත් අවුරුදු පහක් වෙනවා. එතනින් පස්සේ ඇය පොත ප්රකාශයට පත් කරගන්න ඒජන්ට් කෙනෙක් හිටියත් අවුරුද්දක් තිස්සේ ඒකත් අසාර්ථක වෙනවා.
ලෝකයේ ප්රධාන ප්රකාශන සමාගම් 12ක්ම අත්පිටපත ප්රතික්ෂේප කරනවා. හැබැයි අන්තිමට රෝලින්ට පොඩි ප්රකාශන සමාගමකින් මේ පොත ප්රකාශ කරනවා කියලා පවුම් 1500 ඇඩ්වාන්ස් එකක් විදියට ලැබෙනවා. හැරී පොටර් අදහස ඇවිත් අවුරුදු හතකට පස්සේ තමයි ගැන රෝලින්ට තිස් දෙකේදී පළවෙනි හරි පොටර් පොත ප්රකාශයට පත් වෙනවා.
එතනින් එහාට රෝලින්ගේ ගමන් මග විශේෂ එකක් වෙනවා. රෝලින් කොහොම බිලියන පැතියෙක් එතනින් එහාට උනාද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.

ජෙ.කෙ රොලින්ගෙ කතාව ගත්තත් දියුණු වෙන්න නම් මනුස්සයෙක්ට අනිවාර්යෙන්ම
අසාර්ථකත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා අපිට තේරෙනවා.
ඇත්තටම ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් ලෝකෙ ඉහළටම නොයා මොකක් හරි පරිස්සම් ජොබ් එකක් කරගෙන ඉන්න එක හේතුවක් වෙන්නෙත් මේ අසාර්ථකත්වයට මුහුණ දෙන්න තියෙන බය හැබැයි දවසක සුවොත්සහයෙන් දියුණු වුණු මනුස්සයෙක් විදියට නම තියන්න ඕන නම් අසාර්ථක වීම් වලටත් එක වගේ මූණ දෙන්න සහ අසාර්ථක වීම් හින්දා වැඩේ මඟ අතෑරලා නොදා ආයෙමත් ආයෙමත් උත්සහ කරන්න අධිෂ්ඨානයක් ශක්තියක් තියෙන්න ඕනේ.

මොකද මේ ලෝකේ එක වරක්වත් අසාර්ථක නොවී අසාර්ථකත්වයෙන් නොපසුබටව ආයෙ ආයෙත් උත්සාහ නොකර සාර්ථක නම තියපු මිනිස්සු බිහිවුනේ නැහැ.

කෙනෙක්ට ජීවිතෙ ඉලක්ක ජයගන්න අවශ් කරන්නේ අධිෂ්ඨාන ශක්තිය පමණයි. තමන්ට දේවල් කරන්න පුළුවන් තමන්ට ඉලක්ක වලට යන්න පුළුවන් කියන ආත්ම විශ්වාසයක් ඔයාලට හදාගන්න පුලුවන්නම්.
තමන්ට දෙයක් කරන්න පුළුවන් කියන නොසැලෙන විශ්වාසයක් තියෙනවා නම් ආයේ ඊට වඩා අධිෂ්ඨානයක් අවශ් වෙන්නේ නැහැ. තමන්ට පුළුවන් කියන විශ්වාසය පොඩ්ඩක් අඩු වෙනවා වගේ දැනෙනකොට, තමන්ට යන්න ඕන ඉලක්කයට ගිහින් තියෙන හැටි එදාට තමන් සතුටු වෙන හැටි පොඩ්ඩක් සිහිපත් කරගන්න.
එතකොට කොයිතරම් අසාර්ථක වුණත් තමන්ට ආයෙ ආයෙත් නැගිටින්න පුළුවන්.

හරියන්න හෝ වරදින්න හෝ දේවල් කරන්න. වරදින දේවල් ආයෙ ආයෙත් කරන්න හරියන දේවල් වලින් එහාට දේවල් කරන්න අසාර්ථක වීමට බය නොවෙන්න.

සටහන
නවොද්යා දෙව්මිණි ආරියවංශ.

Home / Life-Style / Daily-Topics / 25-April-25