Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

The London Show 2025

Art Exhibition by Holy Art Gallery

 

The Holy Art Gallery විසින් සංවිධානය කරනු ලැබූ චිත් ප්රදර්ශනයක් පසුගිය ජුනි 28 වැනිදා

සිට 30 වෙනිදා දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්විණි. එංගලන්තය, ප්රංශය, ඇමෙරිකාව,

ඇතුළු ලෝකයේ බොහෝ රටවල චිත් ප්රදර්ශන පවත්වන The Holy Art Gallery, මෙම

ප්රදර්ශනය නම් කර තිබුනේ The London Show 2025 නමිනි. 67 Great Titchfield Street හී

Noho Showrooms තුළ දී පැවැත් වූ මෙම චිත් ප්රදර්ශනයට ලෝකයේ බොහෝ රටවල්

නියෝජනය කරන චිත් ශිල්පීන් ගේ විවිධ ශෛලීන්වල සිතුවම් හා නිර්මාණ ඇතූලත්ව තිබුණි.

 

ජාතියන්තර චිත් ශිල්පීන් බොහෝමයක් සහභාගි වූ මෙම ප්රදර්ශනයට දැනට එංගලන්තයේ

ජීවත්වන ලාංකීය චිත් ශිල්පියකු වන සිසිල් ප්රනාන්දුගේ සිතුවමක්ද ඇතුළත්ව තිබීම

විශේෂතත්වයකි. the power of life ලෙස නම් කර තිබූ සිසිල්ගේ මෙම සිතුවම ප්රදර්ශනයට

සුවිශේෂි අලංකාරයක් එක්කර තිබූ අතර එය නැරඹීමට පැමිණි අමුත්තන්ගෙන් හා අනෙකුත් චිත්

ශිල්පීන්ගෙන් ලැබුනේ සුවිශේෂී පැසසුමැකි.

 

මිශ් මාධ්යයෙන් කැන්වසය මත ඇඳ තිබූ මෙම සිතුවම උසින් සෙන්ටිමීටර් එකසිය අසූවක් හා පළලින්

සෙන්ටිමීටර සියයකින් යුක්තය. සුරතල් සතුන් හා මිනිසුන් අතර ඇති සම්බන්ධය හා සුරතල් සතුන්ගෙන්

මිනිසුන්ගේ ජීවිත වලට ලැබෙන ධනාත්මක බලපෑම පිළිබධ අන්තර්ගතයකින් යුතු මෙම සිතුවම

ප්රදර්ශනයේ වටිනාකම තවත් වැඩි කිරීමට සමත් විය.

 

චිත් ශිල්පියෙකුලෙස වසර ගණනාවක අත්දැකීම් ඔස්සේ යමින් පුවත්පත්, යුටියුබ්, මැගසින් ආදී

මාධ්යන් තුල තම සිතුවම් තුළින් ජනතාවට ධනාත්මක පණිවිඩයක් ලබා දෙමින් සිදු කරන මෙහෙවර

ඉදිරියටත් හොඳින් කරගෙන යාමට හැකි වේවායි අපි මැගසින් අපි මෙලෙස සුබපතන්නෙමු.

Home / Life-Style / Daily-Topics / 25-Aug-12