Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
Api-Slide-64-2
previous arrow
next arrow

ජේසුස් වහන්සේගේ අද්විතීය බලය.

(ශුද්ධ මතෙව් 14 : 22 – 33)

"එකෙණෙහිම උන්වහන්සේ සමූහයන් අරින තෙක්, ඔරුවට

නැගී තමන්ට පළමුවෙන් එගොඩට යන්ට ගෝලයන්ට

බලකළසේක. උන්වහන්සේ සමූහයන් යැවූ පසු,

යාච්ඤාකරන පිණිස වෙන්ව කන්දට ගියසේක. සවස් වූ

කල්හි උන්වහන්සේ එහි තනියම සිටිසේක. එහෙත් හුළඟ

ඉදිරියට ගැසූ බැවින්, ඔරුව එවේලෙහි රැළවලින් සෙලවි

සෙලවී මුහුද මැද තිබුණේය. රෑ සතරවෙනි යාමයේදී

උන්වහන්සේ ඔවුන් වෙතට මුහුද පිට පයින් ආසේක.

ගෝලයෝ උන්වහන්සේ මුහුද පිට පයින් එනවා දැක,

කැලඹී: අවතාරයක්යයි කියා භයින් මොරගැසුවෝය.

එහෙත් යේසුස්වහන්සේ එකෙණෙහිම ඔවුන්ට කථාකොට:

ධෛර්යවත් වෙයල්ලා; මමය; භය නොවෙල්ලායයි කීසේක.

පේත්රැස් උන්වහන්සේට උත්තරදෙමින්: ස්වාමිනි,

ඔබවහන්සේ නම්, වතුර පිට ඔබ වෙතට එන්ට මට

අණකළ මැනවයි කීවේය. වරෙන්නැයි උන්වහන්සේ

කීසේක. එවිට පේත්රැස් ඔරුවෙන් බැස, යේසුස්වහන්සේ

වෙතට යන පිණිස වතුර පිට පයින් ගියේය. නුමුත් ඔහු

හුළඟ දැක භයවී, ගිලෙන්ට පටන්ගෙන: ස්වාමිනි, මා

ගැළෙවුව මැනවයි මොරගැසුවේය. එකෙණෙහිම

යේසුස්වහන්සේ අත දිඟුකොට ඔහු අල්ලාගෙන: ඇදහිලි

මඳ තැනැත්ත, කුමක් නිසා සැකවූයෙහිදැයි කීසේක. ඔවුන්

ඔරුවට නැගුණු කල හුළඟ නැවතුණේය. එවිට ඔරුවේ

 

සිටි අය: ඒකාන්තයෙන්ම ඔබ දෙවියන්වහන්සේගේ

පුත්රයාණෝය කියා උන්වහන්සේට නමස්කාරකළෝය."

මාගේ ප්රේමවන්ත සහෝදර සහෝදරයිනි මොහොතක් ඉහත බයිබල්

පදය දෙස ඔබගේ මනස යොමු කරන්න. එවිට අපට පෙනී යයි

ජේසුගේ අද්විතීය බලය කොපමණද කියා.

හොඳයි ඔබ සැමට ජේසුගේ ආදරය බලය අත්විඳින මාසයක් වේවා!!

1) සොබා දහම පවා වෙනස් කරන දෙවිඳුන්

අපගේ ජේසුස් වහන්සේ මහා සාගරය මත ඇවිදගෙන ආවා පමණක් නොවෙයි

ඔහු සොබා දහමට අණ කරන විට එයත් නිෂ්චල විය. ඉතින් මාගේ

සෙනෙහෙවන්තයිනි මොහොතක් කල්පනා කරන්න ඔබගේ ජීවිතයට කුමන

පීඩාවක්, කුණාටුවක්,බියක්, අවිශ්වාසයක්, වේදනාවක් ආවත් ඔබ

උන්වහන්සේගේ වචනයේ බලය විශ්වාස කරනවා නම් එක මොහොතකින්

උන්වහන්සේ ඔබගේ ප්රශ්නය විසඳනවා නොවේද..

2) ගිලෙන්න නොදී දියෙන් ගොඩගන්න ජේසුස්.

පේත්රස් ජලය මත විශ්වාසයෙන් ඇවිද්දත් බියට පත් වූ විට ඔහුගේ ඇදහිල්ල බිඳ

වැටී ජලයෙහි ගිලෙන්නට විය. නමුත් අපගේ ජේසුස් වහන්සේ පේත්රස් ගිලෙන්නට

නොදී අත දිගුකොට ඔහු ගලවා ගත්තේය.

3) කාන්තාරෙහිවත්, සාගරයෙහිවත් ජේසුස් වහන්සේ නතර කළ

නොහැක.

කතරෙහි වසර හතළිහක් සෙනග පෝෂණය කල දෙවිඳුන් සාගරය මැද

ගෝලයන් සමඟ හිටපු ජේසුස් සොබාදහමට අභිබවා ගිය ජේසුස් අදත් ඔබ

සමග සිටිමින් මෙම අද්විතීය බලය පෙන්වයි.

ඉතින් විශ්වාස කරන්න ජේසුස් වහන්සේට පුළුවන් ඔබට ජය දෙන්න..

ඔබ සැමට ජේසු පිහිටයි.

ඉවැන්ජලිස්ත අමිල දිසානායක

මාර්ගය සහෝදරත්වය සභාව මහරගම

Home / Religious / Catholic / 25-July-01