මෙම දිනවල ලොකු කුඩා වයස් භේදයකින් තොරව සියළු දෙනා මුමුණන, රසවිදින නැවත නැවතත් රසවිදින්නට හිතෙන Youtube නැරඹුම් වාර මිලියන 10 ක් අති සාර්ථකව ඉතාම කෙටි කාලයකින් ජයග්‍රාහී ලෙස පසු කරමින් දෙස් විදෙස් ශ්‍රී ලාංකිය ප්‍රේක්ෂක සිත් වසග කරගත් “අපි ජෝඩු දාලා යං… ” ගීතයෙහි හිමිකාරිත්වය දරණ තාරුණ්‍යයේ ගායන ශිල්පි ගජිඳු ෆොන්සෙකා සමග Q20 with අමා මෙවර කතාබහ සමග අපි Magazine පාඨක ඔබට එකතු වන්නට ආරාධනාව…
1. ගජිඳු කොයි වගේ කෙනෙක්ද
සරලව හිතන, අවංක, හැම දෙනා එක්කම හොදින් සතුටින් ඉන්න කැමති කෙනෙක්…
2. “ජෝඩු දාලා යන්” ගීතයට ලැබෙන ප්‍රතිචාර
මම නොහිතපු විදියේ විශාල ප්‍රේක්ෂක ආදරයක් ලැබුනා. මගේ ගීතය ආදරයෙන් වැලදගත් ප්‍රේක්ෂකයන්ට මම ආදරෙයි.
3. ඔබේ ගී ගොන්නෙන් ඔබ ගයන්නට කැමතිම ගීතය
නුඹට දුන්නු ආලේ
4. ඔබ වෘත්තිය ගායන ශිල්පියෙකු නොවුනේ නම්
පරිඝණක සම්බන්ධ රැකියාවක් කරයි.
5. ජනප්‍රිය පුද්ගලයෙකු වීම නිසා ඔබට ලැබුන වටිනා තෑග්ගක්
නුඹට දුන්නු ආලය සහ ජෝඩු දාලා යන් ගීත ජනප්රියවිම නිසා අම්මාට ලබා දෙන්න පුලුවන් වුන සතුට. මගේ තාත්තා අපි අතර හිටියා නම් අම්මටත් වඩා සතුටු වෙන බව නොඅනුමානයි.
6. ගජිඳු මේ දවස්වල නිතරම මුමුණන ගීතය
මග හැරි
7. ඔබ අනුගමනය කරන කලා ක්ශේත්‍රයේ ප්‍රියතම චරිතයක්
භාතිය සහ සංතුෂ්
8. ඔබේ කර ගන්න ලැබුනා නම් හොදයි හිතෙන වෙනත් කෙනෙකුගේ ගීතයක්
වික්ටර් රත්නායක මහත්මයාගේ ආදරයේ උල්පත වු අම්මා
8. ජිවිතයේ අමතක නොවනම මොහොතක්
මගේ තාත්තා අපි අතරින් නැති වුන දවස මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.
10. Me time or Time with friends ඔබේ තෝරා ගැනීම
Me time වඩා කැමතියි.
11. ගජිඳු ගැන ප්‍රේක්ෂක අප නොදන්නා රහසක්
විශේෂ රහසක් නැහැ.
12. ඔබ ගැන හිතට එකගව කතා කරන්න පුලුවන් කෙනෙක්
මගේ අම්මා
13. තවමත් හැබෑ කර ගන්න නොලැබුන හීනයක්
ජාත්‍යන්තර මට්ටමෙහි ජනප්‍රිය වෙන ගීතයක් නිර්මාණය කරන්න.
14. ඔබ කියවපු නැවත කියවන්න හිතෙන පොතක්
කුමාරතුංග මුණිදාස මහත්මයාගේ හත් පන
15. “ජෝඩු දාලා යන්” කියලා කියපු කෙනෙක්, කියන්න හිතේ ඉන්න කෙනෙක් ගැන
එහෙම කෙනෙක් මට නැහැ.
16. ඔබ නිතර සමාජ මාධ්‍ය භාවිතා කරන්නෙක්ද
ඔව්
17. ඔබ ශරිර සෞඛ්‍යය වෙනුවෙන් කාලය වෙන් කරන කෙනෙක්ද
ඔව්
18. අනාගතයේදි ඔබ ඔබව දකින්නට කැමති විදිය
ගීත ගායනයෙන් වගේම සංගීත අධක්ෂණයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.
19. ප්‍රේක්ෂකයන්ට ඔබෙන් ලැබෙන ඊලග නිර්මාණය ගැන ඉගියක්
ජෝඩු දාලා යන් ආදරයෙන් වැලදගත් ප්‍රේක්ෂකයන්ට එවැනි ආරයේ තවත් ගීතයක්…
20. ප්‍රේක්ෂකයන්ට ඔබ දෙන ආදර්ශමත් පණිවිඩයක්
හැමදෙනා එක්කම හොදින් ආදරයෙන් ඉන්න. නැති බැරි අයට පුලුවන් විදියට උදව් කරන්න. ජීවිතයේ වැටෙන තැන තිබුනත් හීන අතාරින්න එපා.
අමා නාකන්දලගේ