Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
Api-Slide-64-2
previous arrow
next arrow

අත්හැරීම

හමුවුණත් බොහොදෙනා දිවියේ පුරාම
බැහැ සතුටු කරන්නට හැම දෙනාම
හමුවුණොත් දුක් දෙනා දන, වැටහුණාම
නැහැ දුකක් ජීවිතෙන් ඈතට කලාම

සඳ වුණත් කලු වලාකුලකින් ගතොත් වසා
පුන් පොහොය වුණත් එලැඹෙනු ඇත අඳුරු දසා
ගඟ වුණත් එක තැනක නොනැවත ගලන නිසා
සිඳු සිඹින අතර, මග කෙත් සරු දියෙන් වසා

සිත අඳුරු දණන් හා ගනුදෙනු කිරීම
දුක් නොවී කල යුතුම වෙයි නොවැරදීම
ගැටුමකට නොඑලැඹී මගහැර සිටීම
සමුගන්න ඕනි උන්ගෙන් සමු නොදී

– *තාරක ජයතිලක*

Home / Other / 25-July-12