Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

ශ්‍රී තාලේ

ශ්රී ලාංකික අපේ නර්තන සම්ප්රදායන් කියන්නේ මුලු ලෝකයක්  ඉතාමපුදුමාකාර විදියට ආදරේ කරන සහ රසවිදින්නට ආස කරන කලාවන් අතර මුල් පෙලේ තියන කලාවන් වශයෙන් කියන්න පුළුවන්අපේ වෙස් මුහුණු අපේ නර්තන අපේ බෙර හඬට ඔවුන් දක්වන්නේ පුදුම ආදරයක්. ඉතින් ලංකාවේ තියන මේ සාම්ප්රදායික කලාව වෙනත් රටක ප්රවර්ධනය කිරීම ටිකක් අපහසු කටයුත්තක්, කිසිම දිනක ශ්රී ලාංකේය නර්තන අංගයක්බෙර වාදනයක් වෙස්මුහුණක් නොදැකපු රටක එවැනි කලාවන් දකින්නට ලැබුනොත් එයට ලැබෙන පිළිගැනීම විශ්මයජනකයිශ්රී තාලේ කියන්නේ වගේ රටක ආරම්භ කරපු අපුරු සංස්කෘතික කණ්ඩායමක්

 

2022 වර්ෂයේ ජනවාරි මස නැගෙනහිර යුරෝපයේ  රුමේනියානු රාජ්යයේ ආරම්භ කල ප්රථම සහ එකම සංස්කෘතික කණ්ඩායම වශයෙන් මේ වන විට ඉතාම සාර්ථකව අපගේ සංස්කෘතික අංග රුමේනියාවේ විවිධ නගර වල ඉදිරිපත් කරමින් සිටින අතර මෙරට ජනතාව එම ප්රසංග අංග වලට ලබා දෙන ඉහල ප්රතිචාර වල සාඩම්බර කොටස් කරුවන් වන්නෙමු.

 

ආරම්භයෙදී ශිල්පීන් දෙදෙනෙක් හා ශිල්පිනියන් දෙදෙනෙකු වූ අප කණ්ඩායම මේ වන විට වෘත්තීය නර්තන ශිල්පීන් 30 කට අධික පිරිසක් කටයුතු කරන අතර එම පිරිසෙන් බහුතරයක් සෞන්දර්ය කළා විශ්වවිද්යාලයේත් ශ්රී පාලීමණ්ඩපයේත් , කැලණිය විශ්වවිද්යාලයේත් උපාධිධාරීන් වන අතර සාම්ප්රදායික නර්තනය හා බෙර වාදනය ඉතා හොදින් ප්රගුණ කර ඇති අතර ශ්රී ලංකාවේ සෞන්දර්ය ගුරුවරුන් ලෙසත් වෘත්තීය නර්තන හා බෙර වාදන ශිල්පින් ලෙසත් කටයුතු කල අය වෙති.

 

මේ වන විට රුමේනියාවේ බොහෝ ප්රදේශ වල අපගේ ශ්රී ලාංකේය සාම්ප්රදායික නර්තනයන් ඉදිරිපත් කර ඇති අතර ඒවා බොහොමයක් රුමේනියානු ජාතිකන් විසින්  සංවිධානය කරන සංස්කෘතික උත්සවයන් වේවාර්ෂිකව රුමේනියාවේ සංවිධානය වන බොහෝ අන්තර්ජාතික සංස්කෘතිකනර්තන  ප්රසංග වල නිල ශ්රී ලාංකේය නියෝජනය ලෙස අප කණ්ඩායමට ආරාධනා කිරීම අප හට ඉමහත් ගෞරවයක් ලෙස සලකන්නෙමු.

මේ වනවිට ශ්රී ලංකාවේ සාම්ප්රදායික නර්තනය හා බෙර වාදනය රුමේනියාවේ ජනතාව අතර ප්රවර්දනය කිරීමට අප කණ්ඩායම විසින් පළමු පියවර තබා ඇතශ්රී භේරී අපේ අලුත්ම වැඩසටහන , ඒක හරහා ප්රධාන වශයෙන් අපි  බලාපොරොත්තු වෙන්නේ අපේ බෙර වල තියන විවිධත්වය මේ රට තුල ප්රවර්ධනය කරන්නබැංකු රබානගැටබෙරය , අත් රබානඋඩැක්කියපහතරට බෙරයදවුලතම්මැට්ටම, හොරණෑව එක්ක රුමෙනියාවටආවේනික සංගීත භාණ්ඩත් එකතු කරගෙන හරි අපුරු වැඩක් කරන්න මේ දවස් වල පුහුණුවීම් සිදු කරගෙන යනවා

 

රුමේනියාවේ ප්රධාන විශ්වවිද්යාලයක ශාස්ත්රවේදී උපාධිය හදාරන උපාධි අපේක්ෂකයන්ට අපේ නර්තන කලාව වෙස්මුහුණු ගැන සහ බෙර පිලිබදවවැඩමුළුවක් කරන්නට අපට ආරාධනාවක් ලැබිලා තියෙනෙවාඅපේ කලාවේ වටිනාකම සහ විවිධත්වය පිළිබඳව අපි එහිදී කතා කරන්නට බලාපොරොත්තු වෙනවා.

 

මෙම කණ්ඩායමේ ඉන්න සියලුම ශිල්පීන් රුමේනියාවේ විවිධ ප්රදේශවල විවිධ ක්ෂේත් වල රැකියාවන් සිදුකරන රටවිරුවන් වෙති , තමන්ට ලැබෙන විවේක දිනය ඔවුන් කැප කරන්නේ විවිධ ප්රසංග සදහා පුහුණුවීම් කටයුතු සිදු කිරීමට හෝ ප්රසංගයන් සදහා සහාභාගී වීමටයි.පුහුණුවීම් සිදුකරන්නේ රුමේනියාවේ අග නගරය වන බුකරස්ට් හි බැවින් ඈත ප්රදේශවල සේවය කරන ඇතැම්ශීල්පීන් සහ ශිල්පිනියන් පුහුනුවිමට පැමිනීමට  පෙරදින රාත්රියේ දුම්රිය ගමන ආරම්භ කරති. ඇතැම් විට එය පැය 12 ගමනකි

ශ්රී තාලේ නර්තන කණ්ඩායමේ සිටින අපගේ ශිල්පීන් ශ්රී ලාංකේය සාම්ප්රදායික නර්තනයන් මෙන්ම භාරතීය නර්තන සම්ප්රදායන්ද ප්රගුණ කර ඇතඉදියේදීපැවැත්වීමට නියමිත ඉන්දියානු සංස්කෘතික කටයුත්තක් සදහා අප කණ්ඩායම ආරාධනා ලබා ඇති බැවින් ඉන්දියානු හා ශ්රී ලාංකේය කලාවන් එක්කොටඅපුරු නිර්මාණයක් ඉදිරිපත් කිරීම අපගේ අරමුනයි.

ලබන වසරේ අප කණ්ඩායම අපුරු වැඩකට සුදානම් වෙනවා ප්රථම වතාවට ලංකාවේ සංස්කෘතික නර්තනය බෙර වාදනය ගායනා ඔක්කොම එකතු කරලා ලස්සන ප්රසංගයක් පවත්වන්න. මෙම ප්රසංගය හුදෙක් නර්තන ප්රසංගයක්විතරක්ම නෙවේවෙනස්ම හැඩයක් ගත්ත අපුරු වැඩක් මේ වැඩෙන් පස්සේ ශ්රී ලාංකේය සලකුණ රුමේනියාවේ බොහොම අපුරු විදියට සනිටුහන්  වනවැඩක් බවට කිසිම සැකයක් නෑ,

 

මෙම කටයුත්ත පිටුපස බොහෝ පිරිසක් තමන්ගේ උපරිම කැපවීම වගේමසහයෝගය ලබා දෙනවාආරම්භයේ සිටම අපේ කණ්ඩායමට “ශ්රී තාලේ”  කියන නම ලබා දුන්න සහන් රන්වල ගුරුතුමන් මෙන්ම අප කණ්ඩායමේ ශිල්පීන්ට ගුරුහරුකම් දුන්න සියලුම ගුරුවරුන්ගේ ආශිර්වාදය ලැබෙනවා  වගේම අපට සහය ලබා දෙන පේජ් ඇඩ්මින්වරු අපගේ කණ්ඩායමේ ශිල්පීන් හා එම පවුල් වල සාමාජිකයන්රුමේනියානු ජාතිකයන්  වගේම ශ්රී ලාංකිකයන් බොහොමයක් අපගේ ගමනට සුබ පතනවා.

Home / Life-Style / Daily-Topics / 25-June-09