Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

මේ ආදරේද

නිතර රංඬු කළේ
හිත පුරාම තිබුණ
ආදරේට,

හැම තැනකදීම
පේ උනේ
නුඹේ නමටයි තනි උන වෙලාවට,

දොස් කීවේ
මේ තරම් නුඹව
සොයන
මගේ තනිකමට,

අඩුපාඩු
කොච්චර තිබුනත්
ළඟම හිටියේ
දුන්න ආදරේ ආයෙත්
ගන්න බැරි ලෝබකට

ඇත්තටම,
ආදරේ හැටිද
නැත්තන් ආදරේ කරන විදිහද
ඒකමයි තාමත්
හිතාගන්න බැරි මට

ගගන ගුරුගේ

Home / Other / 25-June-10