Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

Modern Music culture එකේ Vibe එක

Q). ඔබ පුද්ගලයෙකු වශයෙන් ඔබව

දකින්නෙ කුමන අයුරකින්ද යන්න පිළිබඳව

සඳහනක් කරමු

සංගීතය යන විෂයේ පරතෙර ගවේෂණය කරද්දී

ලබාගන්නා දැනුම් සම්භාරයත් මෙන්ම අත්දැකීම්

සම්භාරයත් ඇසුරින් පෙර නොවූ විරූ විලාසයක

නිර්මාණයන් ප්රේක්ෂකයන් වෙතට දායාද කරන්න

උත්සාහ කරන්නෙක් විදිහට මම මාව දකින්න

කැමතියි.

Q). ඔබ ජීවිතය දකින්නෙ කුමන අයුරින්ද යන්න

පිළිබඳව හැඳින්වීමක් කරමු.  

තුළ තෝරාගත් ඉලක්කයක් හෝ කිහිපයක්

සාක්ෂාත් කරගන්න යොදවන උත්සාහයත්, එය

අඩාළ කරවන බාධාවනුත් මෙන්ම බාධක

මැඩලන්න සොයාගන්නා උපක්රමත් කැටිකොටගත්

ඉතාමත්ම දීර්ඝ කාල පරිච්ඡේදයක්.

 

Q). ඔබේ වැටහීමේ පරිද්දෙන් මනුශ්යත්වය අරු

ත්ගන්වන්නේ කෙසේද යන්න පිළිබඳව විස්තර 

කරමු.

වත්මන් මනුසත් ප්රජාව තුළින් ගිලිහී යමින්

තිබෙන මනුෂ්යත්වය ප්රශස්ථ සංගීත භාවිතාව

 

තුළින් නැවතත් ඔවුන් වෙත කැඳවන්න දරණ

වෙහෙස හරහා මනුෂ්යත්වය අරුත් ගැන්වේවි

කියලා මම විශ්වාස කරනවා.

Q). ඔබ කලාව නිර්වචනය කරගන්නේ

කෙසේද

මනුෂ්යයෙකු විසින් තවත් මනුෂ්යයෙකුගේ චිත්ත

සන්තානය පිනවීම වෙනුවෙන් මනුෂ්යයා විසින්ම

සකසපු කදිමතම සංස්කෘතික අංගය කලාව

ලෙසින් හඳුන්වාගන්න කැමතියි.

Q). ඔබ කලා මාධ්යයක් ලෙස සංගීතය හඳුනාග

න්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක්

කරමු.

කලාව විකාශනය වන ප්රමුඛතම මාධ්යයන්

කිහිපයෙන් එකක්.

 

Q).Vibe Music හී ආරම්භය සිදු වූ

ආකාරය පිළිබඳව සඳහනක් කරමු.

මලින්ද ප්රදීප්, දම්මික ක්රිෂ්ණදාස, තිමිල

ප්රමිලංක, දුල්ශාන් මදුරංග, අයේෂ් පීරිස් සහ

සුමීර අරංගල යන දැනුම පිපාසයෙන් යුතුව

සංගීතය හදාරපු නිපුණතාවයෙන් අනූන මිත්රයො

 

සය දෙනෙකුගේ එකමුතුව තමයි Vibe Music

ආරම්භය වෙන්නෙ.

 

Q). වෘත්තීය සංගීත කන්ඩායමක් ලෙස මේ

දක්වා ඔබ අත්කරගෙන තිබෙන සුවිශේෂී ජයග්

හණයන් පිළිබඳව මතකාවර්ජනයක් සිදුකරමු.

මේ වනවිට අපි නිර්මාණය කරලා මාධ්යය වෙත

මුදාහැරපු " දුක දරාගෙනම සිටියා, මට බඳින්න

බෑ, පළවෙනි ප්රේමය, මෙහෙම ගෑණු, මම

මැස්සෙක් හා මම මේ පාළු යාමේ " ගීතයන්

පහම අතිමහත් ජනප්රියත්වයක් හිමිකරගෙන

තියෙනවා. ඉතාමත්ම කෙටි කලකින් මිලියන

සංඛ්යාත රසික උන්මාදයක් අප වටා

ඇතිකරවන්නට සමත්වීම තමයි මේ දක්වා

පැමිණි ගමන්මගේ සුවිශේෂීම ජයග්රහණය.

Q). වෘත්තීය සංගීත කන්ඩායමක් ලෙස ගෝලීය 

සංගීත කරළියේ වෙළඳ අනන්යතාවයක්

ගොඩනගාගැනීම උදෙසා ක්රියාත්මක කරමින්

සිටින සැලසුම් පිළිබඳව හැඳින්වීමක් කරමු

අපේ සංගීත සංස්කෘතියට වඩාත්ම

ගැළපෙන්නෙ ගෘහස්ථ පරිශ්රයක් තුළ

සිදුකෙරෙන සංගීත භාවිතාවක් නිසා අපි

ප්රමුඛත්වය ලබාදෙන්නට තීරණය කර

 

තිබෙන්නෙ ගෘහස්ථ ප්රසංග වලට පමණයි.

ඔස්ට්රේලියාවේ, දකුණු කොරියාවේ හා ඉතාලියේ

ප්රදාන නගර කිහිපයක ප්රසංග පැවැත්වීම සඳහා

මේ වනවිට ඇරයුම් ලැබිලා තියෙනවා.

 

Q). ඉදිරියේදී එළිදැක්වීමට සැලසුම් කරමින්

සිටින නිර්මාණාංගයන්

පිළිබඳව විග්රහයක් කරමු

" Wibe Music Live in Concert " ලෙස ප්රසංග

මාලාවක් සංවිධානය කිරීමේ මූලික කටයුතු මේ

දිනවල සිදුකෙරෙමින් පවතිනවා. ඊට අමතරව

ස්වතන්ත් ගීතයන් කිහිපයක් එළිදක්වන්නත්

බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

Q). වෘත්තීය සංගීතවේදීයෙක් ලෙස වර්ථමාන ශ්රී

ලාංකේය සිනමා කර්මාන්තය

තුළ සංගීතයේ භාවිතාව නැතහොත් සිනමා

සංගීතය පිළිබඳව ඔබේ අදහස් ඉදිරිපත්කරමු

විශේෂයෙන්ම මෑත කාලයේ බිහිවූ කලාත්මක

මාදිලියේ සිනමා නිර්මාණයන් තුළින් විද්යාමාන වූ

සංගීත භාවිතාව ඉතාමත්ම ප්රතිභාන්විතයි.

ඉදිරියේදී අපිටත් සිනමා කෘතියක් උදෙසා

 

සංගීත සංරචනයෙන් දායක වීමට අවස්ථාව

උදාවේයැයි විශ්වාසයෙන් බලා ඉන්නවා.

 

Q). වෘත්තීය

සංගීතවේදියෙකු වීමට අපේක්ෂාවෙන් සංගීතය

හදාරණ්නෙකු හට ශ්රී ලාංකේය

සංගීත කර්මාන්තය තුළ සඵලධායී අයුරින්

ස්ථාවරත්වයට පත්වීම සඳහා ආධාර විය

හැකි යම් ඔවදනක් හෝ උපක්රමයක් සඳහන්

කරමු.

නිරන්තරයෙන්ම දැනුම් පිපාසයෙන් යුතුව

විවිදාකාරයේ ප්රගතිගාමී අත්හදාබැලීම් සිදුකරමින්

නිර්මාණකරණයේ යෙදීම විෂය ප්රාගුණ්

ගොඩනැංවෙන්නට කදිම තෝතැන්නක්

සකසනවා සහතිකයි.

සැකසුම | හිරාන් ගමගේ

අපි Magazine

Home / Life-Style / Interviews / 25-June-11