Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

නිවන් සුව!

නිවනට යන්න යැයි කියමින් රගපාතී
ආගිය මගතොටත් මතකයේ නැතී
දරුවන්, පවුල ලෝකෙට පරකාසයෙකි
එහෙමයි සමහරුන්ගේ සීලයේ හැටී

දෙසවන් පුරා වෑහෙන මී පැණි වාගේ
වදනින් වදන පෑ අනුනගේ මතවාදේ
දරුවන් වැදූ ගැහැනුත් ඇත වාගේ
දරුසිතකවත් දුක දන්නැති මරගාතේ

ලෝකෙට සොබා සිරියෙන් හිනාවෙවී
අනුනගේ ඇදකුදෙනුත් තව පිරි ඉතිරී
සියොලග පුරාවෙන් වෑහෙන නුගුණ වෙතී
දහමයි සොබාවයි දවසෙක කියාදෙතී

කරනට එපා කාහටවත් අපහාස
නගනට එපා අනුනට දෙස් දොස් දීම
කර්මය උනත් නැහැ වැඩි සෙල්ලම් පෑම
මැරෙනා ටිකට ඇයි මේ කැටයම් ලෑම


 රීනා

Home / Other / 25-June-12