Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

සිව්වෙනි මානය

කාලයක් ගතවෙලා යයි සිතෙන හැමවිටම

බොහෝ දේ වෙනස් වී ඇතසිතෙයි නිසැකවම

කාලයම විසින් වෙනස ඇතිකරනවද?

වෙනස් වීමම කාලයක් ලෙසින් දැනෙනවද?

 

පැයක් යනු පැයක් මයි ඔරලෝසු කටුවකට

නමුත් එය වෙනස් වෙයි  මිනිසෙකුගෙ මනසකට

විටෙකදී පැය විනාඩියක් ලෙස දැනෙනකොට

තව විටෙක විනාඩිය පැයක් සේ දැනේ මට

 

වැරදි ඔරලෝසුවද? කාලය ? අපෙ හිත ?

කාලයේ අර්ථයම අපිට දැනෙනා දේ ?

නිසැක ස්ථිරම දේවෙනස් වෙන බවනේද?

නිසැකවම දැනගන්න, කාලයක් ගත වෙයිද?


 *තාරක ජයතිලක*

Home / Life-Style / Daily-Topics / 25-June-14