Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

තිරිසන් සතුට (schadenfreude)

මෙවර මේ ගැන ලියන්නට හිතුවේ ඔබේ විපතේදී ඔබව සොයා එන සියල්ලන්ම ඔබේ මිතුරන් නොවන බව පැහැදිලි කිරීමටය. ඔබ කරදරයකට පත්වූ විට හෝ යමක් ලබාගැනීමට අසමත්වූ ඔබ වෙනුවෙන් දුක් වෙන අය දෙවර්ගයකි. අතරින් අයෙකුගේ කඳුළු අවංක වන අතර තවෙකෙකුගේ කඳුළු ඔබේ වැටීම නිසා වන සතුටු කඳුළු . කඳුළු ඔබේ වැටීම නිසා ඔවුන් තුළ ඇතිවූ සතුට නිසාය. එයට තනිවචනයකින් සාර්ථකව ප්රකාශ කිරීම සඳහා ඉංග්රීසියෙහි භාවිත වන්නේශෝඩන්ෆ්රොඉඩනම් ජර්මන් වචනයයි. එහි තේරුම නම් කෙනෙකුගේ වැටීම නිසා තවෙකෙකු තුළ ඇතිවන ප්රීතියයි (taking delight in another’s downfall). සිංහලෙන් සඳහා හොඳම වචනයතිරිසන් සතුට

දැන් එම තිරිසන් සතුටෙහි ස්වභාවය විග්රහ කරනු. බුද්ධ ධර්මය තුළ මේ සඳහා භාවිත වචන කීපයකි. අතරින්ඉස්සාහෙවත් ඊර්ෂ්යාව (jealousy) ප්රධාන . ඊර්ෂ්යාව ඇති අයට ඔබේ සාර්ථකත්වය ගැන ඇත්තේ පුදුම වේදනාවකි. ඔබට යම් විපතක් වූ විට එවන් අය කොතරම් සතුටුවන්නේ කිවහොත් ඔබ හමුවීමට තෑගි රැගෙන ඒමට පෙළඹේ. ඔබේ සාර්ථකත්වය නිසා ඔවුන්ට ඇති වේදනාව නිසා ඔවුන් සිටින්නේ ඔබේ විනාශය ප්රාර්ථනා කරමින්ය. එය ධර්මයෙහි හැඳින්වෙන්නේ ව්යාපාද (ill-will) ලෙසය

 

මේ තිරිසන් සතුට කොතරම් හානිදායකද කිවහොත් එය පරාජය කිරීමට දිව්යමය මානසිකත්වයක් අවශ් වේ. එය මුදිතා හෙවත් අනුන්ගේ දියුණුවේදි සතුටුවීම (altruism) යි. එය සතර බ්රහ්මවිහාරවලින් (the four principles of divine life) එකකි. මෛත්රීය, කරුණාව සහ උපේක්ෂාව යන සෙසු බ්රහ්මවිහාරවලට සාපේක්ෂව බැලීමේදී සමාජ සත්ත්වයන් වන මිනිසුන්ට මුදිතාව පුරුදු කිරීම වඩා දුෂ්කර . නොදැනීම ඔබට මොහොතකට ශෝඩන්ෆ්රොඉඩ ඇතිවිය හැකිය. මොහොතකට හෝ එය ඇති වුවහොත් ඔබ දිව්යමය තත්ත්වයෙන් පිරිහී තිරිසන් තත්ත්වයට වැටේ. ඔබේ වැටීම ගැන යමෙකුට තිරිසන් සතුටක් ඇතිවී ඇතිබව හැඟුනොත් මෙත් සිතින් ඔවුන්ගෙන් ඈත්වීම මැනවි

 

බොහෝ මව්පියන්ට ආදරයේ වේශයෙන් ශෝඩන්ෆ්රොඉඩ ඇතිවේ. එය පාසැල් සහ දහම් පාසැල් තරඟ සංදර්ශන ආදියේදි මම දැක ඇත්තෙමි. තම දරුවාට වඩා දක්ෂ දරුවෙකුගේ රංගනයේදී සුළු අතපසුවීමක් දුටුවිට එම දරුවා හමුවී දුක ප්රකාශ කරයි. දුකක් නොව සතුටකි. පෙර වතාවකදී රංගනය අතිසාර්ථකව කළ විට සුබපැතුම් නොලැබිණ. මුදිතාවෙන් පිරුණු ළමා ලෝකයද කෙලෙසන්නේ වැඩිහිටියන් විසිනි.

 

ඔබ මුදිතාව වඩන්න. එහෙත් ඔබ වෙනුවෙන් කඳුළු සළන්නන් ගැන පරිස්සමෙන් ඉන්න.

 

ආචාර්ය දේදුනුපිටියේ උපනන්ද හිමි

Home / Religious / Buddhism / 25-June-16