Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

World අවුරුදු කුමරා කුමරිය 2025 එංගලන්තයේ අලුත්ම විස්තරේ

World අවුරුදු කුමරා කුමරිය 2025 එංගලන්තයේ පැවැත්වෙන තරගාවලියේ පළමුවැනි සම්මුඛ පරීක්ෂණය Manchester හීදී සාර්ථක අයුරින් පැවැත්වුණා. තවත් එවැනිම සම්මුඛ පරීක්ෂණයක් ලන්ඩන් හිදී පසුගිය මස විසි හත් වන දින holidayin හෝටල් පරිශ්රයේදී පැවැත්වෙන ලදී .

 

 එහිදී විශාල තරගකරුවන් තරගකාරියන් පිරිසක් හමුවේ නොයෙකුත් දක්ෂතා සමග පැවැති තරගාවලියක් සේ සඳහන් කරන්න පුළුවන්. රූමත් ලලනාවන් වගේම පෞරුෂ හෙබි පිරිමි ළමුන්, ඒවගේම සිඟිති අවුරුදු කුමරා කුමරියන් තෝරා ගැනීමට සම්මුඛ පරීක්ෂණය එදා දවසේදීත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. දක්ෂ විනිසුරු මඩුල්ලකින් හෙබි ඉතාමත් අසීරු තරගකාරී තීරණයන් ගන්නට වුනේ එකිනෙකටම වෙනස්ම දක්ෂතා පෙන්වමින් තරඟය පුරාවටම ඉතාමත් උද්යෝගිමත් වගේම හැමෝමත් පුදුම කරවන දවසක් වුණා

 

සියලුම සම්මුඛ පරීක්ෂණ 10 වෙනිදායින් අවසන් කර එදිනම අවසාන වටය සදහා තෝරා පත්කර ගන්නා දෙවන වටයද පැවති අතර එය ඉතාමත් උනුසුම් ස්වභාවයක් ගන්නා ලදි. මෙහිදී තෝරා ගනු ලබන්නේ අවසාන වටය සදහා වන සුරූපී සහ කඩවසම් දක්ෂතා වලින් සපිරි පිරිසක් වන අතර එම තෝරාගත් පිරිසසමඟින් මැයි මස තිබෙන දෙවන වටයේ සම්මුඛ පරීක්ෂණයෙන් මේ තරගය ඉතාමත් තරගකාරී මානයකට ගෙන ඒමට සංවිධායක මණ්ඩලය සූදානම්ව සිටිනවා.

 

අවසාන වටයට සුදුසුකම් ලබන තරුණ තරුණියන් මැයි මස 17 වන දින පවත්වන වැඩමුළුවෙන් සහ එදිනම පවත්වන දක්ෂතා එලිදක්වන සම්මුඛ පරීක්ෂණයන් ගෙන් තේරීපත් වන අයට අවසාන මහා තරගයේදී ඔවුන්ගේ ඇගයීමට සංවිධායක මංඩලය කටයුතු කරමින් සිටිනවා.එම දෙදින තුළ අප සිද්ගත් නෙත ගැටුනු පින්තූර කිහිපයකිනුත් මේ පිටුවේ සරසන්න අපි අමතක කරේ නැහැ

 

අවසාන තරගය මැයි මස 31 වැනිදා ලන්ඩන් ස්ලව් ක්රිෂ්ටල් ග්රෑන්ඩ් පරිශ්රයේ දී පැවැත්වීමට සියලු වැඩ කටයුතු සූදානම් කර තියෙනවා. අතර විශේෂාංග රැසක් , කලාකරුවන් සමඟින් නර්තන, ගායන සහ ආරාධිත ගායන ශිල්පිනිය නිරෝෂා විරාජණීය එක්ව වෙනම හෝරා කිහිපයක් ගත කිරීමට අවස්ථා ලැබෙනවා. තවත් වැඩි විස්තර අපි ඕගොල්ලන් එක්ක ඉදිරියේදී මේ වගේම අපි Magazine හරහා දිගහැරෙන බලාපොරොත්තු නවතිනවා.

Photos by

San Dias photography 

Home / Life-Style / Daily-Topics / 25-may-09