~ War Never Produces A Winner ~
යන්ත්‍ර හා සම්බන්ධ වු බුද්ධිමත් ක්රියාකාරීත්වය මෙන්ම එවන් ක්රියාකාරීත්වයක් ඇති කිරීම සදහා
ක්රියාත්මක වන විද්‍යා ක්ෂේත්රය හැදින්වීමට ද යෙදෙන පදයක් ලෙස කෘතිම බුද්ධිය ලෙස කෙටියෙන්
හැඳින්විය හැක. කෘතිම බුද්ධිය හා සම්බන්ධ වන ප්රමුඛ පෙලේ ග්රන්ථයන් විසින් කෘතිම බුද්ධිය අර්ථ
ගන්වන්නේ බුද්ධිමත් නියෝජිතයින් සම්බන්ධ අධ්යයනයන් සහ නිර්මාණයන් සිදු කිරීම ලෙසයි. මෙහිදී
බුද්ධිමත් නියෝජිතයෙකු ලෙස හැදින්වෙනුයේ තම පරිසරය අවබෝධ කර ගනිමින් සාර්ථකත්වය උපරිම
වන පරිදි ක්රියාකාරීත්වයන් දැක්වීමෙහි සමත්කමක් ඇති පද්ධතීන් වෙයි.
වර්ථමානයේ සිදුවෙමින් පවතින අති ධාවනකාරී තාක්ෂණික විප්ලවය සහ බුද්ධිමය විප්ලවයේ
ප්රතිඵලයක් ලෙසින් කෘතිම බුද්ධි තාක්ෂණය සෑම විෂය ක්ෂේත්රයකම පාහේ විවිධාකාරයෙන්
යෙදවෙන බැවින් ශ්රී ලාංකිකයන් හැටියට සිනමා කර්මාන්තය කෙරෙහි කෘතිම බුද්ධි තාක්ෂණයේ
යෙදවුම පරීක්ෂා කරවීමට සිතුවිලි නැගීම පවා ඇගයිය යුතු බව සිතේ.
යුධ වැදීමෙන් හෝ අවි ආයුධ අත දැරීමෙන් හෝ කිසිවෙකුට කිසිම කලෙක කිසිම අයුරකින් ජයග්රහණයක්
හෝ සැනසීමක් හෝ අයත් නොවන බව සිනමාත්මකව කියාපෑම චිත්රපටයේ තිර රචකයාගේ සහ
අදියුරුවරයා කලාත්මකව ඉස්මතු කරන්නට අපේක්ෂාකරන උඩුපෙළ වන්නට ඇති බව සිතේ.
ජීවිතය නම් හුස්මකින් ඇරඹී හුස්මකින්ම නිම වන අතිදීර්ඝ කාල පරිච්ඡේදය තුළ සිදුවන ඇතැම් සිදුවීම්,
හමුවන ඇතැම් පුද්ගලයන් හා හටගන්නා ඇතැම් පුද්ගල සම්බන්ධතා විග්රහ කළ නොහැකි පරිද්දෙන් අහඹු
විලසින් එකිනෙකට සම්බන්ධ වන ආකාරය පැහැදිලි කිරීමට විවිධ විෂයන් (දර්ශනවාදය, ආගම, කලාව සහ
විද්යාව) හරහා මිනිස් වර්ගයා අනවරත උත්සාහයක යෙදෙන්නේ වසර දහස් ගණනක සිටයි.
නිර්මාණකරුවන් විසින් මෙම උභතෝකෝටික ප්රස්තුතය සම්බන්ධයෙන්ද යම් ප්රශස්ථ කතිකාවතක්
ගොඩනැංවීමට උත්සාහ කිරීම චිත්රපටයේ යටි පෙළ වියයුතු බව හැඟේ.
ජාත්යන්තර ඇගයීමට බඳුන් වූ ශ්රී ලංකාවේ ප්රවීණතම තිර රචකයෙකු, සංස්කරණ ශිල්පියෙකු,
චිත්රපට අදියුරුවරයෙකු සහ නිෂ්පාදකවරයෙකු වන චන්ද්රන් රත්නම් මහතා විසින් අධ්යක්ෂක ධූරය
දරන ASIAN FILM ACADAMY (AFA) හී සිනමාව හදාරා අනතුරුව ශ්රී ලාංකේය රූපවාහිනී සහ සිනමා
කර්මන්තයන්හී නිර්මාණකරනයේ නියලෙන වෘතිකයින් දෙදෙනෙකු විසින් එක්තරා අයුරක නව තාක්ෂණික
අත්හදාදා බැලීමක් සිදුකරන අරමුණින් මෙම චිත්රපටිය නිපදවා තිබීමිතාමත් සුවිශේෂී මෙන්ම ඉමහත්
ප්රශංසනීය කාරණාවක් ලෙස හඳුන්වමි.
සංස්කරණය සහ අධ්‍යක්ෂණය – ලක්ෂාන් පෙරේරා
කතාව, දෙබස්, තිර රචනය සහ නිෂ්පාදනය – HORTON PICTURES වෙනුවෙන් හිරාන් ගමගේ
චිත්රපටයේ රූපරාමු නිර්මාණය කිරීම සඳහා Luma Dream Machine, pollo A.I., Mini Max සහ
Leonardo A.I. යන තාක්ෂණික මූලාශ්රයන් මෙන්ම පසුබිම් සංගීතය නිර්මාණය කිරීම සහ තේමා ගීතය
සැකසීම සඳහා Suno A.I. Music යන තාක්ෂණික මූලාශ්රය ද භාවිතා කොට තිබෙන බව දැකගත
හැකියි.
චිත්රපටය මේ වනවිට නියෝජනය කරමින් තිබෙන ජාත්යන්තර චිත්රපට උළෙල සහ වර්ගීකරණයන්
Neuro Masters AI Film Festival – Best AI Film and Best Social AI Film
Purple Sky International Film Festival – Best Experimental Film
Liverpool Indie Awards – Best Experimental Short Film
Reply AI Film Festival – General
ශ්රී ලාංකේය සිනමා කර්මාන්තයේ පැහැසර අනාගතයක් දකින නියාවෙන් ස්වදේශීය සිනමාකෘතීන්
නරඹන, ඒ පිළිබඳව ශාස්ත්රීය සංවාදයන්හී නියලෙන, ඒවා ඇගයීමට රුචි මෙන්ම ස්වකීය ජීවන මංපෙත
වෙතට යම් තරමක හෝ අරුණැල්ලක් පතිත කරවාගන්නා සිනමාලෝලීන් වශයෙන් මෙවන් ප්රශස්ථ
සිනමා භාවිතාවක් සමඟින් නැවතත් හෙලවුඩය වර්ණවත් කිරීමට අවැසි සියළු හේතු සම්පත් සැලසේවායි
නිර්මාණකරුවන් හට මුළු හදින්ම සුබාසිංශන එක් කරමි..