Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

ජීවිතේ

ජීවිතේ විදින්න
ආදරේ කරන්න
එකවරක් ලැබුනු මේ
ආත්මයම දරාගන්න

එපා සිත ලතවන්න
වඩා සිප වැළදගෙන
ලැබුනු මේ ජීවිතේ
හැමදාම සැනහෙන්න

අත්හැරෙන බැමි ළිහෙන
සබදකම් නවතන්න
සිතින් දෝතින් වඩා
ඒහුස්ම රැකගන්න

රිදවනා හඩවනා
මතක දොර අගුළුලා
නවලු මං පෙතක් වෙත
ජීවිතය පදවන්න

කොතැන කොයි මොහොතෙ හෝ
තණග පිණි පොද සිදී
ජීවිතේ අවසන් සුසුම් පොද
වියැකී යයි මැකී

එදින ලතැවී නොවී
සිනාමුවෙකින් යන්න
එක්වරෙක ලැබුනු මේ
ජීවිතය විදින්න

 

රීනා

Home / Other / 25-may-16