Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

Back Cover

අඩ සඳ වුවද කළු අහසට මනරම්ය
සේපාලිකා සුවඳ බිම වැටුණට අඩු නැතිය
තරවටු නෙතක් ගොළු මුවකට සෑහේය
සැමදා නැතත් නුඹෙ වදනද රන් සේය

නිදහස විඳින දඟ කෙහෙරැල් මද පවනේ
සංකාවෙන් සොයයි නුඹෙ දෑඟිලි තුඩු පහසේ
නොදැනිම සොයන නුඹෙ රුව මහ දන අතරේ
නොකියා කියයි නුඹ රැඳි යුරු හිත අස්සේ

නොකියන වදන් ප්රේමය ගැන හැමතිස්සේ
ඉඳ හිට වැටෙන පොද වැස්සක සැඟවූයේ
ළඟ හිඳ වැළඳ නොකලද හද රැඳි විලසේ
ප්රේමයෙ තරම දැනුනෙ නුඹ දුරකට ගිය දවසේ


සුරේඛා 

Home / Other / 25-may-20