Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

එක්සත් රාජධානියේ උරුම බද්ද

එක්සත් රාජධානියේ උරුම බද්ද (Inheritance Tax) – පළමු සාකච්චාව

ශ්රී ලංකාව තුළ inheritance tax නොතිබීම නිසා, UK හි පදිංචි ශ්රී ලාංකිකයන්ට මෙය අලුත් කරුණු කිහිපයක්. නමුත්, මෙම නීති පිළිබඳ දැනුවීම සහ early planning ඔබේ පවුලේ ආර්ථික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට අතිශය වැදගත් වේ.

  1. Inheritance Tax (IHT) යනු කුමක්ද?

ඔබ මිය ගිය පසු ඔබ සතු නිවාස, ඉඩම්, බැංකු තැන්පතු, jewellery, shares, investments වැනි සියලු assets එකතුව estate ලෙස හඳුන්වයි.

  • Estate value £325,000 Nil-rate band ඉක්මුවොත්, ඉතිරි කොටසට 40% IHT අය වේ.
  • නමුත් spouse, civil partner, හෝ registered charity වෙත දී ඇති assets සඳහා IHT නොමැත.
  1. Estate Valuation

Estate value නිවැරදිව ගණනය කිරීම අත්යවශ් වේ, මන්ද estate valuation එක IHT liability නියම කිරීමට මූලික කරුණකි.

  • Assets ලැයිස්තුගත කිරීම – property, money, jewellery, motor vehicles, shares, insurance payouts සහ jointly owned assets සියල්ල මරණය සිදුවූ දිනේ අගය අනුව estate එකට ඇතුළත් කළ යුතුය. 2027 අප්රේල් සිට unspent pension pots සහ death benefits estate value එකට ඇතුළත් වේ.
  • Debts සහ Liabilities අඩු කිරීම – mortgages, household bills, credit card debts, funeral expenses ආදී estate value එක අඩු කර ගණනය කළ යුතුය.
  • Records maintain කිරීම – estate valuation records, asset valuations, gifts history අවම වශයෙන් 20 වසරක් සුරක්ෂිතව තැබිය යුතුය. HMRC විසින් පසුකාලීනව වසර 20 දක්වා විමසීම් සිදු කළ හැක.
  • Gifts within 7 years සහ reservation of benefit gifts – නිවසක් දී තිබුණත් දායකයා තවමත් rent-free වාසය කරනවා නම්, estate value එකට නැවත එකතු කර ගණනය කළ යුතුය.
  1. Nil-rate Band සහ Residence Nil-rate Band (RNRB)
  • Nil-rate band (NRB) – £325,000 tax-free allowance.
  • Residence Nil-rate band (RNRB) – £175,000 extra allowance, ඔබේ ප්රධාන නිවස දරුවන් හෝ දෙමව්පියෝ වෙත උරුම කරන විට.

 මෙය NRB සමග එකතු කළ විට, පුද්ගලයෙකුට £500,000 දක්වා  tax-free limit එකක් ලබා ගත හැක
Married couples / civil partners සඳහා unused allowances transfer කළ හැක. නිසා couple එකට එකතුවෙන් £1 million දක්වා  tax-free limit එකක් ලබා ගත හැක

  1. Estate value £2m ඉක්මුවේ සිදුවන බලපෑම්

Estate අගය £2 million ඉක්මවා තිබේ නම්Residence Nil Rate Band (RNRB) එක ක්රමයෙන් අඩු වේ (tapered withdrawal), estate value වැඩිවීමත් සමඟ home allowance අඩු කරනු ලබයි. මෙවැනි තත්ත්වයන්හි tax planning සඳහා විශේෂ අවධානයක් ලබා ගැනීම අත්යවශ් වේ.

  1. Gifts සහ Allowances
  • වාර්ෂික තෑගි සීමාව (Annual Gift Allowance) – එක් tax year එකක් තුළ £3,000 දක්වා cash හෝ assets තෑගි දී IHT වලින් නිදහස් විය හැක. භාවිතා නොකළ allowance portion එක ලබන වසරට transfer කළ හැක.
  • කුඩා තෑගි (Small Gifts) – £250 අඩු තෑගි IHT ගණනයට ඇතුළත් නොවේ. මෙවැනි තෑගි බොහෝ පුද්ගලයන්ට දිය හැක, නමුත් recipient එම tax year එකේ £3,000 annual allowance භාවිතා නොකල නම් පමණක්.
  • විවාහ තෑගි (Wedding Gifts) – දරුවාට £5,000, මවපියෝගේ දරුවන්ට £2,500, අනෙක් අයට £1,000 දක්වා wedding gifts, විවාහයට පෙර tax-free ලෙස ලබා දිය හැක.
  • Surplus Income Gifts – මාසික income වලින් ඉතිරි surplus portion එක regular payments ලෙස දීම IHT වලින් නිදහස් වේ. මෙවැනි regular payments සදහා proper record-keeping අවශ් වේ.
  • Charity Gifts – charity හෝ qualifying charitable trusts වෙත දෙන gifts සම්පූර්ණයෙන් tax-free වේ. Estate net value 10%+ charities donate කළොත් IHT rate 40% → 36% දක්වා අඩු වේ.
  • Potentially Exempt Transfers (PETs) – තෑගි දෙන පාර්ශවය මරණයෙන් 7 අවුරුද්දකට පසු IHT වලින් සම්පූර්ණයෙන් නිදහස් වේ. නමුත් මරණය මේ කාලය තුළ සිදු වූ විට, gift estate value එකට එකතු කර IHT ගණනය වේTaper Relief යටතේ: 3–4 years → 32%, 4–5 years → 24%, 5–6 years → 16%, 6–7 years → 8% අඩු වේ.
  1. IHT ගෙවීම හා Deadlines

Estate taxation manage කිරීම Executor (Will ඇතොත්) හෝ Administrator (Will නැතිනම්) වගකීම යටතේ සිදු වේ.

  • Direct Payment Scheme – bank accounts වල funds HMRC වෙත direct transfer කර IHT settle කළ හැක.
  • Life Insurance – whole-of-life policy trust ලෙස ලියා තිබේ නම්, payout estate valuation එකට count නොවී tax save කළ හැක.
  • Deadlines – මරණ දිනයෙන් පසු මාස 6 ඇතුළත IHT ගෙවිය යුතුය. ප්රමාද ගෙවීම් සඳහා interest පනවන අතර, estate value වැඩි වූ විට, IHT 10 වසරක් දක්වා installments ලෙස බෙදා ගෙවිය හැක. interest අඩු කිරීමට උපකාරී වුවත්, interest පනවීම තවම සිදු විය හැක.
  • Payment on account – විශාල estate සඳහා, probate finalize වීමට පෙර estate value පරීක්ෂා කර partial tax early pay කිරීම interest අඩු කිරීමට උපකාරී වේ.
  1. Trusts සහ ඒවාගේ බදු බලපෑම්

Trusts,  estate planning සඳහා භාවිතා කළ හැකි අතර, ඒවා ස්වකීය බදු නීති (tax rules) සහිත වේ.ජීවිත කාලය තුළ trust එකට දෙන assets, beneficiary සහ estate valuation එකට බදු බලපෑම් ඇති කළ හැක.

  • Discretionary Trusts – ජීවිත කාලය තුළ trust එකට දෙන assets Nil-Rate Band ඉක්මුවන විට, පළමුව 20% upfront බදු අය වේ; ඉන්පසු 10 වසරකට වරක් “periodic charges” ලෙස 6% දක්වා බදු අයකිරීම සිදු වේ.  
  • Life Interest Trusts (Interest in Possession) – beneficiary (බොහෝ විට spouse) lifetime තුළ trust income හි හිමිකමක් සතු වේ. එම beneficiary මිය යාමේදී trust assets estate valuation එකට ඇතුළත් වේ.
  • Flexible Life Interest Trusts (FLITs) – Will වලදී බොහෝ විට භාවිතා කරයි. spouse income ලබා ගැනීමට හැකි වන අතර, assets දරුවන් වෙනුවට ආරක්ෂා කර තබාගත හැක.
  1. Business Relief (BPR) & Agricultural Relief (APR)
  • Business Relief (BPR) – qualifying business assets, shares, unlisted company shares, business property, machinery වැනි දේ සඳහා 50%-100% IHT relief. Executors HMRC forms IHT400 සහ IHT413 භාවිතා කර claim කළ යුතුය.
  • Agricultural Relief (APR) – family farmland, crops, livestock, stud farms වැනි agricultural assets සඳහා 50%-100% IHT relief යෙදේ. මෙය family farm ownership පරපුරට transfer කිරීමට පහසු කරයි, heavy IHT burden මතු නොවීමට උපකාරී වේ.

Inheritance Tax (IHT) ගැටළුව ඉතා ධනවත් පවුල් වලට පමණක් සීමා නොවේ. නිවාස මිල ඉහළ යාම නිසා, සාමාන් families IHT බලපෑම්ට ලක් විය හැක. සරල වචන වලින්: estate value £325,000 ඉක්මවූ විට (home allowance එක එක් කළොත් £500,000) 40% බද්දට යටත් විය හැක. නීති පිළිබඳ අවබෝධය ලබා ගැනීම ආරම්භක පියවරයි.   ඊළඟ ලිපියෙන්, UK හි පදිංචි ශ්රී ලාංකිකයින්ට estate planning මඟින් ආර්ථික ආරක්ෂාව සහ බදු කාර්යක්ෂමතාව සුරක්ෂිත කරගැනීමේ වැදගත්කම විස්තර කරනු ලැබේ.

අදම කරන සැලසුම, හෙට ඔබේ ආදරණීය පුද්ගලයන්ට ලැබෙන උරුමය සුරක්ෂිත කරයි.



Home / Life-Style / Daily-Topics / 25-Oct-04