


නිසංසලාගේ චාරිකා
(පළවෙන දිනය )
උදැසන පටන්ම ඇද හැලෙන වර්ෂාව මොහොතකට හිතත් ගැස්සුවා…. සුන්දර කදු මුදුණක් සොයාන කඳවුරු බදින්න මවපු හීන හෙදිලාම යයිදො කියලා හිතුනා… වැස්සේ කඳවුරු බැදිම කියන්නේම සීතල කෙසේ වෙතත් මිනින්දෝරු මහත්තුරුන්ගේ ප්රහාරය එපා වෙන නිසා ( කුඩැල්ලො )
උදැසන නිවසෙන් පිටත් වෙන්න සූදානමි උනේ නමයට… නමුත් නමයි තිහටයි මම ගෙදරින් පිටත් වෙලා නුවරට යන්න බස් එකට ගොඩ උනේ… එ යන ගමනුත් මගේ මිත්රයන්ගෙන් මම ඇසුවෙි වර්ෂාව ගැන…. කොහොමත් කතා උනා නාන්න හරි දාගත්ත ගමන යමු කියලා…. අපි එහෙමයි….
අපේ ගමනාන්තය තමයි මෙවර වලපනේ කොතලාගල කන්ද…. එ ගමන යන්න අපි තුන්දෙනෙක් නුවරට එකතුවෙලා ගමන පටන් ගත්තා…. මගදි දින දෙකකට අවශ්‍ය කෑම බිම ගන්න නතර උන වෙලාවෙි ආයෙත් වැස්සා… උපුල් මල්ලි නමි කිවුවෙි නාන්න හරි යමං කියලා….
අවශ්‍ය කරන දේවල් රැගෙන නැවතත් අපි වලපනේ එ සුන්දර කදු මුදුණ සොයාගෙන යන්න පිටත් උනා…. මගක් යනකොට තමයි කො වැස්ස කියලා හිතුනේ…. වික්ටෝරියා ජලාශය පැත්තට නමි වැස්සක් වැටිලා නෑ මාස ගානකින්… එ තරමට වියලියි පරිසරයම…… දැඩි අවු රශ්මියක් තිබුනේ… සමහර කදු මුදුන් ගිණිබත් වෙන සැටි සියැසින් දකිමින් ගමන ඉදිරියට ඇදුණා අපි….
දහවල් 11.30ට පමණ නුවරින් පිටත් උන අපි කඳුකර මාර්ගයන් ඔස්සේ පැමිණියා 2.20ට වලපනේ නඟරයට එ මෙි ගමනට එකතුවෙන භාග්යාව ගන්න… ඇයවත් රැගෙන හොටලයකට ගොඩ වෙලා දහවල් ආහාරයත් රැගෙන නැවත පිටත් උනා අපට පෙනි පෙනිම තිබෙන සුන්දර කදු මුදුණත සොයාගෙන…
මෙි ගමන යන්න තියෙන්නේ වලපනේ රොහල ඇති මාර්ගයේ.. රෝහලට යන මාර්ගයේ කිලොමිටර් දෙකක් පමණ යා යුතුයි කදු මුදුණට ලගා වෙන්න ඇති අඩිපාරට අසලට යන්න…
ඇත්තටම මට නමි හිතුනේම වලපනේ කියන්නෙම වලක් කියලා.. තනිකරම වලක තමයි වලපනේ නඟරය තිබෙන්නේ… ඉතිං කාපටි පාරක් දිගේ ඇවිත් ගල් බොරළු මාර්ගයකට සෙන්දු උන අපි මෙි ගමනේ මග විස්තර කියාදුන් චරිත් අයියා පැවසු නිවසට පැමිණියා… අපි පැමිණි යතුරුපැදි ජාලිය අයියාගෙ නිවසේ නතර කර ගමනට සුදාණමි උනේ තවත් වෙලා නොගෙනමයි…
හවස 3.30වන විට අපි ගමන පටන් ගත්තා… බයිසිකල් දැමු නිවස ලගින් නැවතත් පහලට බැහැලා අපි සේන්දු උනේ තවත් නිවසකට යන්න තියන මාර්ගයකට… ඇත්තෙන්ම එ නිවැසියන් නමි අපිව පිලිගත්තේ කාලයක් තිස්සේ දන්නා අඳුරන අය වගේ.. එ තරමට සුන්දර හදවත් ඇති මිනිසුන් මම දැක්කාමයි ගමක… ගමනට අවශ්‍ය වතුරත් අපි පුරවා ගත්තේ එ නිවසෙන්.. ඉතිං එ නිවසේ මාමාත් මාමාගේ මිනිබිරියත් අපට කදු මුදුණට ඇතුල් වෙන මාර්ගය පෙන්නූවා… මෙි නිවෙස් මායිමෙි ඇත්තේ ගල් වැටියක්.. මෙි ගල් වැටිය එක්කම ඇලක්.. මෙතනින් ගොඩවී යා යුතුයි.. මෙසෙ මේ විදිහට ගල් වැටි බැද තිබෙන්න හේතුව ලැවුගිණි ගමිවැදිම නවතා ගැණිම, එ වගේම නාය යෑමි වලින් තරමක හො ආරක්ෂාවක් ලබා ගන්න… හැබැයි නාය යෑමි වලට වඩා ලැවුගිණි වලට තමයි මෙසේ අඩි දෙක තුනක ගල් වැටි බැද තබන්නේ…
කදු පාමුලම ඇති නිවස අසලින් වල් වැදි ඇති ගල් පඩිපෙල් නැඟගෙන අපි පැමිණියා ෆයිනස් යායට…. ඇත්තේ සීග්‍ර නැග්මක්… කොයි හරියෙන් ගොඩ වෙනවාදැයි සිතාගත නොහැකියි… මිට සති කීපයකට පෙර කොතලාගල කන්දේ මෙි ඉසවුව ගිණි අරගෙන.. එ නිසාම මාර්ගය අපැහැදිලියි..
අසා දැනගත් විදිහට කොතලාගල කඳු මුදුණත කුළු හරක් සිටින බව දැගත්තා. නමුත් අපට මග පෙන්වු මාමා පැවසුවෙි කඳු මුදුණත සිටි එ අහිංසක සතුන්ව ගමෙි මිනිසුන්ම මසට මරා දමා ඇති බවයි… ඇත්තෙන්ම එයට නමි පුදුම දුකක් දැණුනා… කාලෙකට කලින් කොටියන්ද සිටි නමුත් දැන් නමි කිසිදු සතෙක් නැති බවයි එ මාමා පැවසූවෙි….
අපිට චරිත් අයියා පවසා තිබු විදිහට අපි වමට බර නොවි මෙි සීග්‍ර නැග්ම නගින්න පටන් ගත්තා… හිතුවාට වඩා අමාරු නැති කන්දක්… ෆයිනස් කොල වගේම වැලි බොරු පස නිසා ලිස්සන සුළුයි.. එත් ඉතිං අපිට ඇති හදිසියකුත් නැති නිසා මෙි වටපිට සුන්දරත්වය විදින ගමන් ඇවිද ගියා…
ටික දුරක් මෙි විදිහට අපි නිසි අඩි පාරක් නොමැතිව හිතුමතේ මුදුණ බලාගෙන ඇවිද ගියේ රසබර කතා එක්ක.. කෙසෙ හො චරිත් අයියා පැවසු කාලෙකට කලින් කරන්ටි ලයින් එකක් ගිය ෆයිනස් ගස් නැති එ සුන්දර මාර්ගයක් වගේ තැනට පැමිණි විටයි අපිට අඩි පාර මුණගැසුනේ… ෆයිනස් වනාන්තරය ගිනි අරගෙන තිබුණ නිසාම බොහො ගස් බිම වැටිලා.. මාර්ගය වැසි ගිහින්…
අඩිපාර ඔස්සේ අපි කොතලාග කදු මුදුණේ ඉහලම ස්ථානයට එන විට නමි ඈතින් රන්දෙණිගල ජලාශය වගේම මම නමි නමි නොදන්නා කදු බොහොමයක් දැකගන්න පුළුවන් උනා… වර්ෂාව නොමැති වීම නමි හිතට ගෙන දුන්නේ සහනයක්..
මෙි කදු මුදුණේ සුන්දරම ස්ථානය.. සුන්දරම කඳවුරු භූමිය වෙතට ලගා වෙන විට හවස පහයි.. මහන්සියක් දැනුණේ නැති තරමි… එ තරමි අපහසු නෑ මෙි කඳු තරණය… දවසින් උවත් පැමිණ ගිය හැකි තැනක් බව පැවසිය යුතුමයි….
කඳවුරු භූමිය වෙත පැමිණි අපි හතර දෙනාම ඉක්මනින් රෑ බො වෙන්න ප්රතම අපෙ කූඩාරම් දෙක අටවා ගත්තේ ඉක්මනින් තේ කොප්පයක් සාදාගෙන පානය කිරිමෙි හදිසියෙන්……
(රාත්රි කඳවුරු අත්දැකිම සමග දෙවනි කොටසින් හමුවෙමු )
නිසංසලා රණසිංහ
