අහසට දුක සිතී කඳුළැලි වසින විටපහසට කඳුළු වල, සොම්නස දැනෙයි මටකඳුළට කඳුළ එක්වී මා වැඩෙන කොටරටකට දුක් දෙන්න පුලුවන් වේවි හෙටපෙරකල නිහඬවම සමුදුර තෙක් ඇදුණීපින් කල බෝ දනට පැන් පහසුව ලැබුණීකල හොඳ පසුව නරකෙන් නරකට හැරුණීකලගුණ නැති නිසාවෙන් හොඳහිත මැරුණීදැක මිනිසුන්ගෙ හීනව ගිය කුලුණු ගුණේදුක අනුකම්පාව යන කිසිවක් දැන් නොදැනේනෙක වතු උයන් රට තොට සිරි දකිනු මෙනේඑක වැස්සෙන්ම උතුරා යමි සතර කොනේ– තාරක ජයතිලක