Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

ජීවිතය සමරන්න, ලැබෙන හැම ඇසිල්ලේ..

අපි හැම කෙනාටම තමන්ටම ආවේණිකවූ ජීවන රටාවක්, ගති පැවතුම් ස්වභාවයක්, අනන්යතාවක් තියනවා. මෙකී සාධකත්, නොකී යම් යම් සාධකත් පදනම් කරගෙන අපි අපේම කියලා ගමනක යෙදෙනවා. එතනදී පෞද්ගලික ඉලක්ක, වෘත්තීමය ඉලක්ක වගේම ආධ්යාත්මික ඉලක්ක මුල් කරගෙන සැලසුම් ක්රියාත්මක කරනවා. මේ අතරමැද හමුවන ජයග්රහණ, විශේෂ අවස්ථාවන් හැකි ශක්ති ප්රමාණයෙන් සමරන්න කියලා පොඩි ආයාචනාත්මක ලිපියක් අද දවසේ ගෙනෙන්නට හිතුවා.

ඇතැම්විට ඔබ මේ කටයුත්ත දැනටමත් ඉතාම සැලසුම් සහගතව, ක්රමානුකූලව, හොඳ සංයමයකින් කරනවා වෙන්න පුලුවන්. අනෙක් අතට පිළිබඳව ලොකු අවදානයක් නොදී, සාමාන් පරිදි එදිනෙදා කටයුතු වල නිරතවෙමින් ඉන්නවා වෙන්නත් පුලුවන්. එහෙම විශේෂ සැමරුම් පිළිබඳව ස්ථිර අදහසක් හෝ මුලපිරීමක් නොමැති නම් මේ ලිපිය ඔයාට.

ඉතාම කෙටි කාල පරාසයක, දුක සැප පෙරළෙන අස්ථිර ගමනක ,කොටස්කාරයො උන ඔයාට මට, මේ ගමන තුළ සතුටු වෙන්න පුලුවන් හැම කඩඉමක්ම දිනුම් කණු. ඉලක්ක වලට සීරුවෙන්, මහන්සියෙන් යන්න එපා කියල නම් නෙමෙයි මේ කියන්නේ. අතරමග හිනා වෙන්නත් මතක් කරගන්න ඕනෙ කියලයි ලියන්න ඕනෙ උනේ.

ඉතින් සීත කාලය ඉවර වෙනකන්, අමාරු කාල ඉවර වෙනකන්, ආදායම් මාර්ග තර වෙනකන්ම ඉන්න අපිට කල් නෑ. සතුටින් ඉන්න පුලුවන්, සවුදිය පුරන්න පුලුවන් හැම මොහොතකටම, හැම දවසකටම උපරිම සාධාරණයක් ඉටු කරමු. මොකද, එහෙම සතුටු වෙන්න අපි හැම කෙනාටම සමාන අයිතියක් තියනවා, සම්පත් විශමාකාරයෙන් එකිනෙකා අතරේ බෙදී ගිහින් තිබුණත්. සතුට සමරන්න කල් ගන්න එපා.

හති අරින්නට ඕනෑ,
දුවන ඔය දිවිල්ලේ
පලක් වෙද තුටක් නැති,
වේගවත් විදිල්ලේ
හිනැහෙමින් කාලයට,
පියඹලා නිදැල්ලේ
සමරන්න ජීවිතය ,
ලැබෙන හැම ඇසිල්ලේ

දිමුතු සේනාදි

Home / Life-Style / Daily-Topics / 25-Oct-14