අඳුරු අහසේ වලාකුළු මතවිදුලි එළියෙන් ලියමි මගෙ කවකඳුළු වැහිබිඳු මවෙත දී ඔබහිරුත් සමඟින් පලා ගිය බවකඳුළු අකුරු ද එකට මුසුවීමහා වැසි මෙන් ඇද හැලෙන විටහදවතේ ශීතලට හසුවීසුදෝ සුදු හිම උපදවනු ඇතවැහිලිහිණියන් තනුව සපයාකවෙහි ලියවුණු දුක ගයනු ඇතශෝක ගීයේ උච්ච ස්වරයඅහස ගුගුරා පල කෙරෙනු ඇතඑහඬ නෑසෙන මානයේ ඇතිමන්දිරේ කවුළුවක් ලඟ ඔබවැටෙන හිම දෙස බලා සිටිමින්සතුටු ගිනි උණුසුම විඳිනු ඇත– තාරක ජයතිලක