Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

පාඩම් මතක තබා ගැනීමට පහසු ක්‍රම 5ක්

පාඩම් කරන දේවල් මතක තබා ගැනීම කියන්නේ ගොඩක් අයට තියෙන ප්රශ්නයක්. වෙලාවට විභාගයට ලියන්න යනකොට පාඩම් කරපු දේවල් අමතක වෙනවා. ඒත් බය වෙන්න එපා! මේකට හොඳ විසඳුම් තියෙනවා. මෙවර ලිපියෙන් අපි වගේ පහසු ක්රම 5ක් ගැන කතා කරමු.
1. මතක සිතියම් (Mind Maps) සාදන්න
මතක සිතියම් කියන්නේ පාඩම් මතක තබා ගන්න තියෙන හොඳම ක්රමයක්. ප්රධාන මාතෘකාව පිටුවේ මැදට දාලා, ඒකට අදාළ අතුරු මාතෘකා සහ අදහස් රේඛා වලින් සම්බන්ධ කරලා සටහන් කරන්න. මේ වගේ දේවල් වලට විවිධ පාට පෑන් පාවිච්චි කරන්න පුළුවන්. මේ ක්රමය පාවිච්චි කරනකොට අපේ මොළය දෘශ්යමයව (visual) තොරතුරු සංවිධානය කරගන්නවා. ඒක නිසා මතක තබා ගන්න පහසුයි.
2. තොරතුරු කොටස් වලට කඩන්න (Chunking)
විශාල තොරතුරු ප්රමාණයක් එකවර මතක තබා ගැනීම අමාරුයි. නිසා තොරතුරු කුඩා කොටස් වලට කඩලා පාඩම් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට දුරකථන අංකයක් මතක තබා ගන්නකොට අපි ඒක කොටස් වලට කඩලා මතක තියා ගන්නවා. වගේම ඕනෑම විශාල තොරතුරක් කොටස් වලට කඩලා පාඩම් කරන්න පුළුවන්.
3. පුනරාවර්තනය (Repetition) සහ නැවත නැවත මතක් කිරීම
ඕනෑම දෙයක් මතක තබා ගන්න පුනරාවර්තනය අත්යවශ්යයි. ඔබ පාඩම් කරන දේවල් නිතරම ආවර්ජනය කරන්න. පොඩි වෙලාවක් අරන් කලින් පාඩම් කරපු දේවල් මතක් කරලා බලන්න. මේ ක්රමය ඔබ පාඩම් කරන දේවල් ඔබේ දිගුකාලීන මතකයට (long-term memory) ගබඩා කරගන්න උපකාරී වෙනවා.
4. ශබ්ද නඟා කියවීම (Reading Aloud)
පාඩම් කරනකොට ශබ්ද නඟා කියවීමෙන් ඔබට කියන දේ ඇහෙනවා. ඒකෙන් මතක තබා ගන්න පහසු වෙනවා. ඔබ පාඩම් කරන මාතෘකා අනිත් අයට තේරුම් කරලා දෙනවා වගේ හිතාගෙන කියවන්න. එහෙම නැතිනම් ඔබේම හඬින් රෙකෝඩ් කරලා පස්සේ අහන්න. මේ ක්රමය auditory learners ලාට (ඇසීමෙන් ඉගෙන ගන්නා අයට) ගොඩක්ම ප්රයෝජනවත්.
5. පාඩම් කරන ස්ථානය වෙනස් කරන්න
හැමදාම එකම තැනක පාඩම් කරනවට වඩා විවිධ තැන්වල පාඩම් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට එක දවසක් පුස්තකාලයේ, තව දවසක් උද්යානයක, තව දවසක් ගෙදර පාඩම් කරන්න පුළුවන්. මේකෙන් ඔබ පාඩම් කරන තොරතුරු ස්ථාන වලට සම්බන්ධ වෙන නිසා මතක තබා ගැනීම පහසු වෙනවා.
මේ ක්රම 5 ඔබගේ පාඩම් කටයුතු වලට එකතු කරගෙන බලන්න. ඔබට වඩාත්ම ගැලපෙන ක්රමය මොකක්ද කියලා තීරණය කරලා ඒක නිතරම භාවිතා කරන්න. එතකොට පාඩම් කරන දේවල් මතක තබා ගැනීම තවත් පහසු වේවි.


පියුමි නෙළුමිකා

Home / Life-Style / Daily-Topics / 25-Sep-10