ශ්රි ලාංකේය නිවේදන ක්ෂ්රේත්රයේ අභිමානය ජාත්යාන්තරයට රැගෙන යන මෑත කාලයේ බිහි වූ ආදරණීය පුංචි සුරංගනාවිය……
හිරුන්දි තිරන්යා වික්රමසිංග
01. හිරුන්දි….මේ දවස්වල කොහොමද ජීවිතේ ?
හරිම සතුටින් ජිවිතේ ගත කරනවා.
02. මෑතකදී සම්මාන උලෙලවල් ද්විත්වයකින් සම්මාන පිදුම් ලැබුවා නේද ?Diamond Excellence Awards 2025 සම්මාන උළෙලේ ලැබුණ සම්මානය ගැන මතක් කළොත් ?
හරිම වටිනා අවස්ථාවක් තමයි Diomend Excellence Award 2025 කියන්නේ. දකුණු ආසියාවේ පවත්වපු සුවිශේෂි සම්මාන උළෙලක් තමයි ඒක. ඉතිං මට ගිය මාසේ සාරංගනාවී රන් සම්මානයත් ලැබුණා. ඉතින් රන් සම්මානයට පස්සේ Diamond සම්මානයත් ලැබීම මට හරිම නිහතමානී ආඩම්බරයක් දැනෙනවා.
03. Sri Lankan Top 100 සම්මානයෙන් ද පිදුම් ලැබීමටද අපේ පුංචි දියණියට හැකි උනා. ශ්‍රී ලංකාවේ දක්ෂයින් 100 අතරට තේරී පත්වීම ගැන ඔයාට දැනෙන හැඟීම මතක් කළොත් ?
මට ලැබෙන හැම සම්මානයක්ම මට ලොකු විශේෂත්වයක් එක්ක තමයි ලැබෙන්නේ. මගේ මුල්ම සම්මානය 2021 Future Leader සම්මානය. ඉතිං එදා 2023 Future Leader කෙනෙක් විදිහට සම්මානනිය කරපු අහස මීඩියා අද මට ශ්රි ලංකාවේ හොඳම දක්ෂයින් 100 අතරට එකතු කලා. මට හැකි උනා Sri Lankan Top 100 සම්මානය දිනාගන්න. මම හිතනවා මාමේ එදා ඒ අහස මීඩියා මට දීපු අඩිතාලම උඩ මම ලොකු මාලිගාවක් හැදුවා කියලා. මම ගොඩක් වැඩ කරලා තමයි මේ සම්මානය ලබාගත්තේ. ඒක නිසා ගොඩක් සතුටුයි.
04. හිරුන්දි අපිට ආරංචි වුණා ඔයා මේ දවස් වල අලුත්ම කලා කටයුතු ටිකක් නාලිකා මෙන්ම ආයතන එක්ක ආරම්භ කරලා තියෙනවා කියලා. ඒ අලුත් වැඩකටයුතු මොනවද ?
මම මාමේ ඇත්තටම අලුත් වැඩක්, අලුත් Team එකක් එක්ක කරන්න මේ දිනවල කටයුතු කරනවා. ඒ ගැන විස්තර ළඟදීම කියන්නම්. තව නිවේදන අංශවල පවත්වන දේශන වල ආරාධිත දේශන වලටත් ආරාධනා ලැබිලා තියෙනවා. දැනට නුවර/කොලොන්නාව/දේශන වලට සහභාගි වෙලා තියෙනවා. සැප්තැම්බර් 13 ගාල්ලේ දේශනයකටත් සහභාගි වෙනවා. මගේ නිවේදන අත්දැකීම් මගේ යහළුවන් එක්ක බෙදාගන්න එක මට සතුටක්.
05. නිවේදන ක්ෂේත්‍රට ආරම්භය ලබාගත්තේ කොහොමද ?
ඒක අහම්බෙන් සිදු වුණු දෙයක්. මගේ හොඳම යහළුවා දිනේලි. ඉතින් දිනේලිගේ තාත්තා මගේ දක්ෂතා දැකලා මාව සිරස TV ආයතනයට අදුන්වලා දුන්නා. එතනදි ටෂ්මා නැන්දා/විරාජ් මාමා/චන්ද්රිකා නැන්දා ළමයි ගොඩක් අතරින් මාව තෝරාගෙන තිබුණා.
06. පාසලේ කටයුතුත් සමග නිවේදන කටයුතු කළමනාකරණය කර ගන්නේ කොහොමද ?
ඒකට නම් මගේ අම්මා තමයි ලොකුම වගකීම ගන්නේ. අම්මා මාත් එක්ක එකතු වෙලා දවසේ වැඩ ප්ලෑන් කරනවා. සමහර දවස් අපිට දිගයි. නින්ද අඩුයි. ඒත් අපි දවසේ වැඩ ඒ දවසේම ඉවර කරනවා. අපි නිදහසේ හොඳ කැපවීමෙන් වැඩ කරනවා.
07. හිරුන්දි කියලා කියන්නේ ජාත්‍යන්තර ජයග්‍රහණයන් ලබපු කෙනෙක්. දේශීය මෙන්ම විදේශීය ලබාගත් ජයග්‍රහණ ගැන මතක් කළොත් ?
ඒක වෙනමම අත් දැකීමක්. ජිවිතේ අමතක නොවන එකක්. තමන්ගේ රට වෙනුවෙන් ලෝකේ තියෙන ලොකුම Stage එකේ තමයි අපි ඉදිරිපත් කිරිම් කරේ. මට ඒ දවසේ තමයි මගේ රට ගැන ලොකුම ලොකු දෙයක් දැණුනේ. හරිම ශක්තියක් දැනෙනවා. අපේ ජාතික කොඩිය ලගදී. විවිධ රටවල් 30 ක් ඉන්දියාවේ ප්රාන්ත 29 ක ළමයි ඉදිරියේ මගේ උපරිමය කලා. ලෝකයෙම 3 ස්ථානය සහ Best team player ශ්රි ලංකාවට අරගෙන ආවා.
08. නිවේදනයට අමතරව මේ දවස් වල රංගන කටයුතුවලත් නියැලෙනවා නේද ?
ඔව් වේදිකා නාට්යයක රංගනයෙන් දායක වෙනවා. වෙනස්ම අත්දැකීමක්. ටෙලිනාට්‍ය වලටත් ආරාධනා නම් ලැබිලා තියෙනවා. ඒ ගැන නම් තාම හිතනවා. ඊට අමතරව මම Tebale Tennis ක්රීඩාව කරනවා. නිවේදන වලට අමතරව දැනට වැඩි කාලයක් දෙන්නෙ ක්රීඩාවටයි.
09. නිවේදන ක්ෂේත්‍රය සම්බන්ධ වැඩමුළු යම් ආයතන සමඟ එකතුවෙලා කරනවා නේද ?
ඔව් ඇත්තටම මගේ නිවේදන සහ හඬ කැවීම් වල අත් දැකිම මම වගේම පුංචි යහළුවන්ට බෙදා දෙන්න මම හරිම ආසාවෙන් ඒ ආරාධිත දේශන වලට සහභාගි වෙනවා. පුංචි අපි හැමෝටම දක්ෂතා තියෙනවා. මම ආසයි මගේ අත්දැකීම් වලින් ප්රයෝජන අරගෙන මම වගේ හැමෝම ඉදිරියට යන එකට. දැනට මම ආයතන කිහිපයක් එක්ක ආරාධිත දේශන වලට සහභාගි වෙනවා. ඉදිරියේදි ගොඩක් වෙනස් වැඩක් ආයතනයක් සමග කරන්න බලාපොරොත්තු වෙනවා.
10. හිරුන්දි ඔයාගේ ඉදිරි බලාපොරොත්තු මොනවද ?
මම හරිම ආසයි හැමෝටම මට පුළුවන් උදව්වක් කරගෙන සතුටින් ජීවත් වෙන්න. මගේ අම්මා මට නිතර පුරුදු කරන දෙයක් තමයි අපිට කාටහරි උදව්වක් කරන්න පුළුවන් පලවෙනි අවස්ථාවෙම ඒ දේ කරන්න කියන එක. අපි හැමෝටම විවිධ දක්ෂතා තියෙනවා. අපි හැම වෙලාවෙම අනිත් අයගේ පුංචි දක්ෂතාවයක් උනත් අගය කරන්න ඕනි. අපේ අත්පුඩි හැම වෙලාවෙම අනුන් වෙනුවෙන් ගැහෙනවා නම් අපිට අත්පුඩි නිකම්ම ලැබෙනවා.
සටහන – බුද්ධික පින්නදුව