Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

සන්ධි වේදනා ගෙනදෙන වාතරක්ත

වාතරක්ත රෝගය යනු, වාත දෝෂය හා රක්ත ධාතුව මූලික කොට ගෙන ත්රිදෝෂය කෝපවන හා රක්තය දූෂණය වන හේතු කාරණා නිසා හටගන්නා රෝග අවස්ථාවකි.

මෙය, ළමුන් හා ඔසප් වයසේ පසුවන කාන්තාවන්ට කලාතුරකින් වැළඳෙන රෝග අවස්ථාවක් වුවද, ආර්තවය අවසන් වූ කාන්තාවන් හට බහුලව වැළඳෙන රෝගී තත්ත්වයකි.

අධික වේදනාව හා ඉදිමුම යන රෝග ලක්ෂණ සහිත බැවින් බොහෝ දෙනා විසින් සාමාන් ආතරයිටීස් තත්ත්වයක් ලෙස සිතා නිසි රෝග විනිශ්චයකින් තොරව නිවැරදි ප්රතිකාර නොලබා නොසලකා හැරීමෙන්, පසු කාලීනව ස්ථිර අස්ථි විකෘතිතා පවා ඇති කරන රෝග අවස්ථාවක් ලෙස දැක්විය හැක.

වාතරක්ත යන වචනාර්ථයට අනුව වාතය හා රක්තය සම්බන්ධ වීමක් රෝග සම්ප්රාප්තිය කෙරෙහි හේතුවන බව පෙන්නුම් කෙරේ. නමුත් රක්තවාත යන රෝග අවස්ථාව හා මෙම රෝගී අවස්ථාව අතර වෙනස්කම් දක්වයි.

ආඩ්යවාතඑනම් සුවපහසු ජීවිත ගත කරන පුද්ගලයන්ගේ වාත දෝෂයේ විකෘති බව හේතුවෙන් රක්තය දූෂණය වීම නිසා හටගනු ලබන රෝගය ලෙස හඳුන්වන්නේ වාතරක්ත රෝගය යි.

දැවිලි සහිත අධික වේදනාව, සන්ධි ආශ්රිතව රතු වීම,
සන්ධි ඉදිමුම යන ප්රදාහ ලක්ෂණ මෙම රෝගයේදී පළමුව හට ගන්නා අතර ශරීරයේ කෙළවර පිහිටි කුඩා සන්ධීන්ගෙන් එනම් පාදයේ හා අතේ ඇඟිලි අතර පිහිටා ඇති කුඩා සන්ධීන්ගෙන් රෝග ලක්ෂණ ආරම්භ වීම විශේෂිත වේ.

නිසි ප්රතිකාර සඳහා යොමු නොවීමෙන් සන්ධි ක්රියා කරවීමේ අපහසුව, අධික වේදනාව, හන්දිවල තද බව හා සන්ධි විකෘති හැඩයක් ගැනීම සිදුවිය හැක.

බොහෝ විට පිරිමි පුද්ගලයන්ට මෙම රෝග තත්ත්වය වැලඳීමේ අවදානම කාන්තාවන්ට සාපේක්ෂව වැඩි වන නමුත් කාන්තාවන් හට ආර්තවහරණයෙන් පසුව රෝගය වැළඳීමේ අවදානම බොහෝ සෙයින් වැඩිවේ.

වාතරක්ත රෝගය, වාත දෝෂය ප්රධාන රෝග අවස්ථාවක් වුවද පිත හා කඵ දෝෂ සම්බන්ධිත ත්රිදෝෂ ජන් රෝග අවස්ථාවකි.

වාතය හා රක්තය කෝපකරන හේතූන් වාත දෝෂයත්, රක්ත ධාතුවත් දූෂණය කරමින් විකෘති වූ දෝෂධාතු මඟින් වාතරක්ත නම් රෝගය ඇති කරයි.
විකෘති වාත දෝෂය රක්තය අවුරුවා රක්ත ධාතුවේ දූෂණය තව දුරටත් සිදු කරන අතර, දූෂිත රක්තය ශරීරය පුරා පැතිරී ගොස් වාතයේ ක්රියාව අවුරුවාලමින් අතෙහි හා පාදයෙහි ඇඟිලි ආශ්රිතව අධික වේදනාවත් ගෙනදේ.
පසුව පිත දෝෂයද හා එක්ව විවිධාකාර වේදනාවන් හට ගැනීම වාතරක්ත රෝගයේදී සිදුවේ. තවද, කඵ දෝෂයේ විකෘතිවීම නිසා ස්රාව ගැලීම වැනි රෝග ලක්ෂණද දැකිය හැකි වේ.

රක්තය, සම හා මාංශ ධාතු දූෂණය කරමින් හස්තපාද සන්ධි ආශ්රිතව මෙම රෝගය පළමුව හටගනී.
ක්රියාකාරී බවින් අඩු ව්යායාම් වල නොයෙදෙන සුකුමාර පුද්ගලයන් නිතර නිතර පැණිරස භාවිතය, දිරවීමට අපහසු ආහාර භාවිතය වැනි අහිතකර චර්යයා රටා හේතුවෙන් පසු කාලීනව වාතරක්ත රෝගයට පහසුවෙන් ගොදුරුවිය හැකි බව ආයුර්වේද වෛද් ඉගැන්වීම් වල තවදුරටත් සඳහන් වේ.

බටහිර වෛද් විද්යානුකූල සංසන්දනය සමඟ බැලූ විට ගම්භීර වාතරක්ත අවස්ථාව බොහෝ සෙයින් ‘Gout’ රෝගය හා සමානතා දක්වයි. සාමාන් ආතරයිටීස් රෝග අවස්ථාවදී මෙන්ම සන්ධීන් ක්රියාකරවීමට අපහසු වීම, සන්ධීන්ගේ තද බව, ඇවිදීමට අපහසු වීම යන රෝග ලක්ෂණ ක්රමයෙන් හටගන්නා අතර ඇතැම් විට තීව් රෝග ලක්ෂණ එකවිටම ප්රකට වීමේ අවස්ථා පවතී.

 

Gout රෝග තත්ත්වය සිරුරේ පරිවෘත්තිය ක්රියාවලියේ දෝෂ තත්ත්වයක් නිසා ඇතිවන රෝගී අවස්ථාවක් වන අතර අධික තරබාරුව, දියවැඩියාව, අධි රුධිර පීඩනය, වකුගඩු රෝග තත්ත්ව, අධික ලෙස මත්පැන් භාවිතය, ඇතැම් ඖෂධ හා මානසික ආතතිය රෝග හේතු ලෙස දක්වා ඇත. රතු මස් වර්ග, පැණි බීම, මත්පැන්/බියර් වැනි ආහාරපාන නිතර ගැනීම නිසා ශරීරයේ යූරික් අම්ල සාද්රණය වැඩි වීමෙන් මුත්රා සමඟ නිසි ලෙස ශරීරයෙන් බැහැර වීම සිදු නොවීමෙන් යූරික් අම්ල (Uric acid) පදාර්ථ (මොනො සෝඩියම් යුරේට් ස්ඵටික) සන්ධිවල තැන්පත් වීම නිසා Gout රෝගය හට ගැනීම සිදුවේ.

නිරෝගී පුද්ගලයකුගේ සාමාන්යයෙන් සිරුරේ යූරික් අම්ලය නිපදවීම වැඩි වූ විට බැහැර කිරීමේ යාන්ත්රණය මඟින් එය පාලනය වේ. නමුත් මෙම යාන්ත්රණය නිසියාකාරව සිදු නොවීමෙන් ඇතැම් විට අධික ලෙස යූරික් අම්ලය නිපදවීමත්, නිසි ලෙස බැහැර කිරීම සිදු නොවීමත් යන හේතූන් නිසා රුධිරගත යූරික් අම්ල සාන්ද්රනය වැඩි විය හැක. මෙම යූරික් අම්ල පදාර්ථ, විශේෂයෙන්ම සන්ධි, කණ්ඩරා සහ සිරුරේ ඇතැම් වෙනත් පටකවල තැන්පත් වීමෙන් ආශ්රිතව වේදනාව, ඉදිමීම සහ සන්ධි ප්රදාහ තත්ත්වයන් ඇතිවීම සිදුවේ.

මුල් අවස්ථාවේදීම රෝග ලක්ෂණ පෙන්නුම් නොකළද, පසු කාලීනව පළමු ඇඟිලි පුරුක් ආශ්රිතව (first metatarsal joints) රෝග ලක්ෂණ ඇතිවේ.

වාතරක්ත රෝග හේතු :-

ලුණු සහිත ආහාර
අම්ල රසැති ආහාර
අධික කුළු සහ තික්ත රස ආහාර
කෂාරීය ආහාර
අධික පැණිරස ආහාර
අධික තෙල් සහිත ආහාර
උෂ්ණාධික ආහාර
අමු හෝ කලින් සකස් කරන ලද මස් වර්ග
වියළි එළවළු හා රූක්ෂ ධාන් වර්ග
ජලජ සත්ත්ව මාංශ
මීකිරි සහ මාළු ආදී වශයෙන් වූ විරුද්ධ ආහාර
අජීර්ණ ආහාර
ආහාර දිරවීමට පෙර නැවත ආහාරයට ගැනීම
නිරාහාරව සිටීම හා බොහෝ අඩුවෙන් ආහාර ගැනීම
නියමිත වේලාවට ආහාර නොගැනීම
පෝෂ් ගුණයෙන් අඩු ආහාර ගැනීම
උක්පැණි, කොල්ලු, උඳු, රාබු වැනි ආහාර අධිකව පරිභෝජනය කිරීම.

මත්පැන් පානය කිරීම
දහවල් නිදා ගැනීම
රාත්රී නිදි වැරීම
නිතර කෝප ගැනීම
අධික මානසික ආතතිය
අධික සීතලට නිරාවරණය වීම
රක්ත ශෝධනය නිසිපරිදි සිදු නොකිරීම
අධිකව ව්යායාම කිරීම හා ව්යායාම නොකර සිටීම
පිහිනීම වැනි ජල ක්රීඩා වල නිතර යොමු වීම
මල, මුත්රා වැනි පිට කල යුතු වේගයන් පිට නොකර දරා සිටීම
හදිසි අනතුරු
බොහෝ වේලාවක් පාද පහළට හෙළා දීර්ඝ ගමන්බිමන් වල යෙදීම

ඉහත සඳහන් අහිතකර ආහාර හා චර්යා රටා, වාතරක්ත රෝගයට හේතු වන බව ආයුර්වේද මූලග්රන්ථයන්හි දක්වා ඇති බැවින් එම හේතූන්ගෙන් වැළකීමෙන් රෝගය හටගැනීම වළක්වා ගත හැක. එමෙන්ම රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් අහිතකර ආහාර හා චර්යයා රටාවන්ගෙන් වැළකීමත්, හිතකර ආහාර හා චර්යයාවන් අනුගමනය කිරීමත් විශේෂයෙන් සිදුකළ යුතුය.

රෝග ලක්ෂණ :-

අධිකව දහඩිය දැමීම හෝ සාමාන් පරිදි දහඩිය දැමීම අඩුවීම
ශරීරය කළු පැහැ ගැනීම
ස්පර්ශය අපහසු බව
සන්ධීන්ගේ ලිහිල් බව ඇතිවීම
අලස බව, දුර්වල බව
අත්පා වල බර බව
හිරිය
සන්ධි ආශ්රිත කැසීම
කුඩා බිබිලි හට ගැනීම

වාතරක්ත ප්රබේද:-
1. උත්ථාන වාතරක්ත
2. ගම්භීර වාතරක්ත

මීට අමතරව,
1. වාත ප්රධාන වාතරක්ත
2. පිත්ත ප්රධාන වාතරක්ත
3. කඵ ප්රධාන වාතරක්ත
4. රක්ත ප්රධාන වාතරක්ත
ලෙස ප්රමුඛ වන දෝෂය අනුව ප්රබේද වේ.

උත්ථාන වාතරක්තරෝග අවස්ථාවේදී, සම සහ මාංශ (මස්) ආශ්රිතව රෝග ලක්ෂණ හටගන්නා අතර සම මත තුවාල ඇති වීම, කැසීම, සන්ධි ඉදිමීම, දැවිල්ල, අනින්නාක් බඳු වේදනාව, සම දුඹුරු/කළු, රතු පැහැයක් ගැනීම හා ස්රාව ගැලීම වැනි ලක්ෂණ දැකිය හැක. මෙය වාතරක්ත රෝගයේ ප්රාථමික අවස්ථාව වශයෙන් දැක්විය හැකිය.

ගම්භීර වාතරක්තඑසේත් නැති නම් අස්ථි, ඇටමිදුළු, ආශ්රිතව නොයෙක් විෂ පදාර්ථ තැන්පත් වීමෙන් හටගන්නා රෝග තත්ත්වය රෝගයේ උත්සන්න අවස්ථාවයි. ඉදිමුම හා සන්ධීන්ගේ තද ගතිය, දාහ, වේදනා, සපර්ශ කිරීමේ අපහසුබව, පැසවීම වැනි ප්රදාහ ලක්ෂණ මෙහිදී දක්නට ලැබේ.

රෝග ප්රතිකාර :-
රෝගයේ නිවැරදි විනිශ්චය සඳහා රෝගරෝගී පරීක්ෂාව සඳහා රෝග ඉතිහාසය ඉතා වැදගත් වේ. ඇතැම්විට පවුලේ සාමාජිකයන් අතර රෝග ඉතිහාසයක් පැවතීමද රෝගය හටගැනීමට හේතුවක් විය හැක.
Serum uric acid මට්ටම පරීක්ෂා කිරීම තුළින් රෝග තත්ත්වයේ තීව් තාවය හඳුනා ගැනීම ඉතා පහසු වේ.

මෙම රෝගය ශරීරයේ විෂ පදාර්ථ තැන්පත් වීමක් නිසා හටගන්නා රෝග අවස්ථාවක් බැවින්පංචකර්මප්රතිකාර මඟින් සිරුරෙන් එම විෂ සහිත දොස් බැහැර කිරීම ආයුර්වේද මූලධර්මානුකූලව චිකිත්සාවේදී සිදු කරයි.

සඳහා විරේක, වස්ති,රක්ත මෝක්ෂණය යන පංච කර්ම ප්රතිකාර මෙන්ම, අවස්ථානුකූලව විශේෂිත බාහිර ප්රතිකාර ලෙස ප්රදේහ, පරිශේක, අභ්යංග ප්රතිකාර සිදු කෙරේ.
කෂාය, ගුලි, කල්ක, ගුග්ගුලු, චූර්ණ ඖෂධ මඟින් අභ්යන්තර ප්රතිකාර ලබා දීමෙන් ශෝධන හා ශමන ප්රතිකාර පද්ධතියක් පුද්ගල ප්රකෘතිය, රෝගයේ තීව්රතාවය, රෝගයේ හා රෝගියාගේ ශක්තිමත් බව සළකා බලා ආයුර්වේද වෛද්යවරයා විසින් තීරණය කරනු ලැබේ.

රෝගය පිළිබඳ මනා දැනුවත් බව තුළින් රෝගය හටගැනීම වළක්වා ගැනීමත්, රෝග ලක්ෂණ හඳුනාගත් වහාම සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්යවරයෙක් වෙත ගොස් ඉක්මන් ප්රතිකාර ලබා ගැනීමෙන් රෝගී තත්ත්වය උත්සන්න වීම වළක්වා ගැනීමත් අතිශය වැදගත් වේ.

ආයුර්වේද වෛද් නාලිකා හංසිනී ජයතිලක
BAMS – Colombo (SL)

Home / Ayurvedic / 25-Sep-13