Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

Knuckles five peaks

තාමත් මට සිතාගත නොහැකියි මගේ මෙි සැබැවු සිහිනය…. මිට මෙළවු අතක් බඳු නකල්ස් කදු වැටිය සොයා යාම මෙි වසරේ මගේ හොදම සංචාරය ලෙසයි මට හැඟි යන්නේ.. තරමට මම හීන දැක්කා ආස කලා මෙි කදු මුදුණ දැක ගන්නටත් සිසිල් සුළං රැල්ලක පහස විදින්නත් නකල්ස් ඇල්ලේ සුන්දරත්වය දකින්නත්

නිතරම මීදුමෙන් බරවී තිබිම නිසාම දුමිබර යන නමින් වගේම , බටදඬු ගස් බොහොමයක් ඇති නිසාම බටදඬු කදු වැටිය යන නමින්ද ප්රචලිත මෙි කොළපාට ලොකය හොයාන මට යන්නට හැකි උනා….  ඉතිං.. මෙි සුන්දර චාරිකාවෙි මම ලද අත්දැකීම් ගොන්නක් රැගෙනයි මම මෙවර ඔයාලා හමුවට ආවෙි….

මෙි ගමන යන්න මාත් සමග තවත් හතර දෙනෙක් එකතු උනාඉතිං අපි පස් දෙනාම එකතු උනේ වත්තේගමටවත්තේගමින් ගමන ආරම්භ කල අපි පන්විල හරහා බඹරැල්ලට පැමිණියේ ඉතාමත් සුන්දර මාර්ගයක් දිගෙයිමෙි එන මාර්ගයේදි බොහො දිය ඇලි ප්රමාණයක් දැක ගන්නට හැකියාව ලැබෙනවා.. අතර හුළුගඟ ඇල්ල රහස් ඇල්ල සාරි ඇල්ල ජොඩු ඇල්ල වගේ තවත් මා නොදන්නා බොහොමයක් සුන්දර තැන් දැක බලා ගන්න පුළුවන්

නමුත් අපේ ගමනාන්තය උනේ නකල්ස් කදු මුදුන් පහා නිසාම ජොඩු ඇල්ල වගේ තැන් ඇතින් දැකගෙන ගමන ආරම්භ කලාඑත් අමතක කලේ නෑ මම මෙි ගමන යන්නට මුලපිරු දින සිටම මගේ තාත්තා මට පැවසූ රහස් ඇල්ල බලන්න.. රහස් ඇල්ලත් බලාගෙන හුළුගඟ ඇල්ලත් බලාගෙන අපි ගියේ බඹරැල්ල දෙසට

බඹරැල්ලට ලගා උන අපි මඟ සිටි අයගෙන් මාර්ගය අසාගෙන ගියත් මඟදි එක් අයෙක් පැවසූවෙි වනජීවී කාර්යාලය ඇති ස්ථානයට බයිසිකල් වලට යා නොහැකි බවයි.. එසේ යනවා නමි තවත් මාර්ගයක් ඇති බවත් ඔහු පැවසූවා.. නැවත හරවාගත් අපි පස් දෙනාම කාපටි යෙදු මාර්ගයේ 3kmක් නැවත ගියේ වනජීවී කාර්යාලය ඇති ගොමරය ගමට යන්නට ඇති දුෂ්කර ගල් බොරළු මාර්ගය වෙතටයි….

ඉතාමත් අබලන්වු මාර්ගයක් ඔස්සේ ලගා උනා රක්ෂිතයට යන්නට අවසර ගන්න වනජීවී කාර්යාලය අසලටඅපි එහි යන විටත් වෙිලාව උදැසන දහයයි තිහ පසුවි අවසන්අප පැමිණි බයිසිකල් කීපය වනජීවී කාර්යාලයත් වනපෙතට ඇතුල් වෙන ස්තානයත් පසු කර ඉදිරියට ගොස් මෙි මාර්ගයේ අවසන් නිවස වන මල්ලිකා අක්කාගේ නිවසේ නවතා ගමනට සූදානමි උනා….

හරියටම මධ්යාහන උදා විමට හොරාවක් තබා මා විසින් චාරිත්රයක් ලෙස කොල අත්තක් කඩා මෙි වනයට අරක්ගෙන සිටින සියළු දෙවියන්ගේ ආරක්ෂාවත් අවසරයත් ඉල්ලා සිට ගමන ආරමිභ කලා….
අපි ඇතුල් වෙන්නේ හදවතක් බඳුවු ස්ථානයකටදවටගල ස්වාභාවික මංපෙත.. සමිපූර්ණ දුර කිලොමිටර් 08යිගමන ආරමිභ කලේම දහවලේ නිසා පුළුවන් තරමි දුරක් ගොස් හවස හතර වන විට නැවත පල්ලමි බැසිමට අප කතාබහ කරගත්තේ මෙි රක්ෂිතයේ රාත්රියේ රැදිම දඬුවමි ලැබිය හැකි වරදක් බව දන්නා නිසාමයි

ගමන ආරම්භ වන තැන සිට වනලැහැබ මැදින්
වනයට ඇතුල්වි මිටර් 300ක් පමණ ගිය විට හමුවන දිය පාරෙන් ගොඩවු විට ඇති තුන්මන් හන්දියෙන් දකුණු පසට ඇති අඩි පාරේ මදක් පහලට බැසගත් පසු නකල්ස් ඇල්ල හමුවෙනවාමගේ ජිවිතේ මම දකින්න හීන දැක්ක දිය ඇල්ලක් මෙි ලෙස මගේ දෑස මානයේ සුන්දරත්වය විදහාලමින් සිටියේ සතුට වැඩි කමට මටත් නොදැනි මා පිස්සෙකු සේ කෑ ගසද්දියි…. මෙි දිය කොමලියගේ උස 10mක් ලෙසයි දැනගත හැකි උනේ

සුන්දර නකල්ස් දිය ඇල්ල ලග මොහොතක් ගත කල අප ඉක්මනින් නැවත ගමන ආරම්භ කලේ අපේ කාල වෙිලාව පිළිබඳව ඇති ගැටලුව නිසාමයි.. දිය ඇල්ලෙන් සමුගෙන නැවතත් අප පැමිණි  තුන්මන් හන්දියට පැමිණ වමි පසට ඇති අඩිපාරේ ඉදිරියට ගමන් කලේ කදු පහා සොයා යෑමෙි අරමුණින්මද දුරක් අඩි පාරේ ගමන් කල අප අවතීර්ණ උනේ එළිමහන් ස්තානයකට.. මෙි ස්ථානයට නකල්ස් කදු පහා වගේම වමි පසින් රිලාගලත් පැහැදිලිව දැකගත හැකි උනාමෙි අතරමග තමයි මෙි ගමනේ හමුවන අවසන් දිය පාර හමුවන්නේ.. අපි රැගෙන ගිය බොතල් වලට එයින් ඇති පදමට ජලය පුරවාගෙන නැවත ගමන ආරමිභ කලා..

දහවල නිසා දැඬි අවු රශ්මියත් විදගෙන ඉදිරියට ඇවිද ගිය අප ඇතුල් උනේ අඳුරු වනලැහැබකටදැඬි අවු රශ්මියෙන් එළිමහන් ප්රදේශය පසු කර පැමිණි මට වචනයෙන් කියාගත නොහැකි සිසිලසක් ගතට දැණුනා මෙි වනලැහැබ තුලදිකෙමෙන් කෙමෙන් අප කදු මුදුණට ලගා වෙන නිසාම දැඩි වෙහෙසක් දැණුනා මට….

මෙි වන ලැහැබ පුරාම මම දුටුවෙි විසල් වනස්පතින් සමග ඇති කුඩා ශාකයටි රෝපණයක් නැති තරමි…  දහවල් ආහාරය ලෙස ගෙනා කුඩා ඉදි ආප්ප පාර්සලය ලිහා බඩකට පුරවාගෙන නැවතත් ගමන ආරමිභ කලේ කුඩැල්ලන්ගේ පහසත් විදගෙනමයි…..  බැලු තෙක් මානේ ඇත්තේ ඝන වනාන්තරය වෙනකොට නැවතත් අප මෙි අඳුරු වන ලැහැබ පසු කරගෙන ලගා උනේ එළිමහන් උස් ස්ථානයකටදැස් අදහාගත නොහැකි තරමි වට පිටාවෙිම තිබුණේ උස් කදු විතරමයිකොළපැහැති ලොකයක් තමයි අප වටා තිබුණේඅපේ මුහුණු වල තෙහෙටිටුව මදකට අඩුවි සිනාවෙන් මුහුණු වර්ණවත් වෙන්න ගියේ තත්පරයයි

අප සිටින මෙි ස්ථානයට අපේ ගමනාන්තය පැහැදිලිවම දිස් වෙද්දි අප නැවතත් ගමන ආරමිභ කලේ තවත් කිලොමිටර් කිපයක් අපට පළවන සහා දෙවන කදු මුදුන් වලට යෑමට ඇති හෙයිනිඅප මදකට විවෙික ගත් ගල් පර්වතයෙන් බැස නැවතත් සීග් නැග්මක් ඔස්සේ ගමන ආරමිභ කලේ පළවන කදු මුදුණතට ලගා විමටයි.. මෙි යන අතරමග අපට ලාංකිය සංචාරකයන් වගේම විදෙස් සංචාරකයන්ද මුණගැසුණු බව සදහන් කල යුතුමයි.

එළිමහන් ස්ථානය පසු කර ගිය පසු බට පඳුරු ශාක බහුලව ඇති සීග් නැග්මක් ඔස්සේ පැමිණි අප අවතීර්ණ උනේ තංගප්පුව මාර්ගය අප යන මාර්ගයට සමිබන්ද වෙන ස්ථානයටයි.. මෙි වෙතට ලගා වෙත්ම ලංකාවෙි සංචාරයට පැමිණි පොලන්ත ජාතිකයන් පිරිසක් අපට මුණගැසුණා.. ඔවුන් අපට දකුණු පසින් ඇති අළුගල් ලෙනට යන තංගප්පුව මාර්ගයෙන් පහලට බැස ගියේ මෙි පටු මාර්ගයේ ඔවුන් යන තෙක් ඉඩදී බලා සිටියදියි….

නොයෙක් වර්ගයේ ශාක කඳන් වසාගෙන ඇති තෙත පාසි වර්ග අතගා බලා සිසිලස විදගෙන වන මල් පිපි ඇති වනලැහැබෙි සුන්දරත්වයත් විදගෙන මම නමි දැඩි වෙහෙසකින් ඉදිරියට නැඟ ගියේ බලාපොරොත්තු දහසක් හිත තුල පොදි බැදගෙනයි

අපේ ගමනාන්තයේ පළවෙනි කදු මුදුණතට ලගාවු පසු මගේ විඩාව නමි කොහේ ගියාදැයි සිතාගත නොහැකි උනා.. 1500m උසින් පිහිටි මෙි කදු මුදුණත තරමක පටු තැනක් , පහලින් ප්රපාතය නිසා පළමු කදු මුදුණේ සිට අවට රිසි සේ නැරඹීමට නොහැකියි.. මද වෙලාවක් එහි සිටි අප නැවත අඩිපාර දිගේ ඉදිරියට ඇවිද ගියේ දෙවනි කදු මුදුණත සොයාගෙනයි

මාව පිස්සෙකු සේ මන්මත් කල නකල්ස් කදු මුදුන් පහේ උසම කදු මුදුණතට අප ලගා උනේ සියළු වෙහෙස මහන්සිය කොහෙන් ගියාදැයි සිතාගත නොහැකි වෙද්දියි

නකල්ස් කදු වැටියේ උසම කදු මුදුණ වන ගොමිබානියට දෙවනි වන කදු මුදුණත තමයි මෙි five peaks වල දෙවන කදු මුදුණ.. උසින් 1864m… දහවල් එකොලහට වනාන්තරයට ඇතුල්වි සීග් නැග්මන් ඔස්සේ 6kmක් ගෙවා අප දෙවන කදු මුදුණතට ලගා වෙන විට වෙලාව් හවස තුනයි

අප පසු කර පැමිණි කාපටි මාර්ගයේ අප ඉදිරියෙන් දිස්වු කන්ඳසාමි ගල පැහැදිලිවම අපට දැකගත හැකි උනා. වගේමයි මගේ තවත් හීන ගමනාන්තයක් වන ලකේගල , ගොමිබානිය අළුගල් කන්ද රිලාගල වගේ තවත් බොහො කදු මුදුන් මගේ දැස් මානයේ විරාජමානව තෙජාන්විතව සිටියේ හරියට කදු මුදුන් මට කතා කරනවා වගේ හදවතට දැනෙද්දි

මොහොතකට මට සිතුනා මගේ දැස් කොයිතරමි නමි වාසනාවන්තදැයි කියලත්.. වර්ණවත් ශාක පත් වගේම වනමල් මගේ හිත වශිකරගෙනරාවණ ඉතිහාසය ගැන බොහො කතාන්දර මෙි නකල්ස් කදු මුදුණ් සමග බැදී පවතිනවා.. කතා ලියා තැබිමට ගියහොත් මගේ ලිපිය තවත් දීර්ඝ වෙන බව මා දන්නා නිසාම ලකේ ගල ගිය දවසක විස්තර රැගෙන එන්නට පොරොන්දු වෙනවා

අපේ රට මොනතරමි නමි සුන්දරද.. මෙි රටේ සුන්දරත්වය දැක බලා ගන්නට මෙවැනි කදු මුදුණකට එන්නම ඔිනදෑස් මානයේ පෙනෙන්නට ඇති අනෙක් කදු මුදුණ් ත්රිත්වය දෙස බලා සිටියේ එහි යාමට අපට කාල වෙිලාව නොමැති සොවින්

ඉතිංබොහො වෙිලාවක් මෙහි සුන්දරත්වය විදගෙන ගෙනා කෙටි ආහාර වලින් කුසත් පුරවාගෙන හතරයි තිහ වන විට අප පල්ලමි බැස්සේ අඳුර වැටෙන්නට ප්රතම අප පැමිණි දුශ්කර බොරළු ගල් ගොඩැලි ඇති ගොමරය ගමි පියසේ මාර්ගය පසු කර යා යුතු නිසයි

හදවත නකල්ස් දෙවන කදු මුදුණත තබා මෙි විශ්වයට ස්තුති කර නැවත පහලට බැස ගත්තාපැමිණි මාර්ගයේ එළිමහන් තැන්නට පැමිණි පසු නැවතත් සුළු මොහොතක් අප තරණය කල දෙවන කදු මුදුණත දුටු විට ඇතිවු තෘප්තියෙන් හදවත පිරි යද්දි බස්නාහිරි හරි අපූරුවට හිරු බැස යන සුන්දරත්වයත් මෙි විශ්වය අපට තෑගි කලා

මෙි සුන්දරත්වය දෑස් පුරා පුරවාගෙන නකල්ස් වලට සමුදි සවස හයයි තිහ වන විට අප පැමිණි යතුරුපැදි නවතා ඇති නිවසට පැමිණියා එන විටත් මල්ලිකා අක්කා ඇගේ නිවසේ ඉදිකඩ ලග පෙර මඟ බලා සිටියේ අප දහවලේ කදු තරණයට ගිය හෙයින් අඳුර වැටෙන විට අතරමං උවාදැයි බියෙන්.. මදක් ඇගේ නිවසේ ගිමන් හැර නැවත අප අපේ ගමි බිමි කරා පිටත්ව ආවෙි සුන්දර මතක ගොන්නකින් හදවත පුරවාගෙනයි….

මෙි ගමන පුරාවටම මගේ හිත සතුටින් පිරිලාවෙනදා වගේම මෙි ගමනෙත් මාව පරිස්සමට එක්ක ගිය මගේ මිත්රයන් උපුල්,සංජිව, නදීශාන් සමග අලුත් මිත්රයා මහීවත් ආදරයෙන් මතක් කරනවාකදු තියෙන්නේ නගින්න හදවත් තියෙන්නේ සතුටින් පුරවා ගන්න.… සුන්දර මතක පුරවාගෙන තාමත් සුන්දර මකත මතක් කරමින් සතුටු වෙන මම වෙනදා වගේම අවසානයේ ස්තුති කරන්නේ මෙි විශ්වයට…. ස්තුතියි මාව සතුටින් තබනවාට

ඔබත් දිනක එහි යන්න සුන්දරත්වය විදින්න.. වගේම මතක තබාගන්න නොයිදුල් පරිසරය ආරක්ෂා කරන්න.. තමන් රැගෙන යන දේ නැවත රැගෙන එන්න තරමි කාරුණික වෙන්නඑහෙනමි තවත් නිසංසලාගේ චාරිකාවකින් ඔබ හමුවට එන්නමි..

නිසංසලා රණසිංහ

Home / Nature / 25-Sep-09