Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

නිති පෙරලෙන දුක සැප

ජීවිතයත් හරියට මේ ගතවෙන ඍතු වගේ කියලා හිතෙනවා. සීතලම කාල, ගිනියම් කාල, වැහි කාල වගේම සුලි කුනාටු කාලවල් අපේ ජීවත වලටත් වරින් වර එනවා යනවා.

ඇවිත් යන මේ වෙනස්කම් තුලින් අත්දැකීම් ජීවිතේට එකතු කරගන්නවා වගේම පෙරට වඩා ශක්තිය සම්පන්න පුද්ගලයකු වීම තමයි කල යුතු වන්නේ කියලා හිතනවා. සමහර වෙලාවට මේ ගෙවෙන්නේ හරිම අමරු ඍතුවක් කියලා හිතුන, හිතෙන අවස්ථාවන් ඕන තරම් ඇති. එතනින් ඉදිරියට යන්න, වඩාත්ම කාලීන හා නිවැරැදිම තීරණය ගැනීම තමයි අභියෝගය. අවස්ථානුකූලව කටයුතු කරන්න පුලුවන් නම්, සමහර අමාරු කාල වල තරම් සුන්දරම මතක ජීවිතයට එකතු වෙන්නෙ නැහැ.

ලස්සනම දවස් වගේම හරිම අමාරු දවසුත් තියෙයි. අත හැරෙන්නට නොදී හැමදේම අල්ලාගෙන ඉන්න. හෙට දවස ශක්තිමත් වෙන්න අද දවසේ එකතු කරගත්ත දේවලුත් උදව් කරගන්න.

මොන ඍතුව ආවත්, ජීවිතය දිහා සුබවාදීව බලන එක නම් නතර කරන්න එපා.

දිමුතු සේනාදි

Home / Other / Back-Cover / 25-Sep-15