Api-Slide-62-1
previous arrow
next arrow

පිටපිට සම්මාන දිනන BVS Mortgages

ලන්ඩනයේ ලාංකීය අභිමානය 2018 වර්ෂයේදී, ඒක පුද්ගල උපදේශකවරයෙක්ගේ දැඩි කැපවීමෙන් කුඩා සමාගමක් ලෙස එක්සත් රාජධානිය තුළ ආරම්භ වූ BVS Mortgages & Financial Services සමාගම අද වන විට විශිෂ්ට කාර්ය මණ්ඩලයකින් යුතුව, වඩාත් පුළුල් සේවාවක් සපයන, එක්සත් රාජධානිය පුරා විශ්වාසනීය නාමයක් දිනාගත්,සමාගමක් බවට පත්ව ඇත.
ආරම්භයේ සිටම, මෙම සමාගමේ අභිප්රාය වූයේ ශ්රී ලාංකීය සංස්කෘතිය හා සමාජයීය අනන්යතා රැකගනිමින්, පාරිභෝගිකයන්ගේ නිවාස හිමිකරගැනීමේ සිහිනය සැබෑ කර ගැනීමට අවශ් පහසු සහ ආරක්ෂිත සේවාවක් ලබා දීමයි.මෙහිදී පාරිභෝගික අවශ්යතාවයට ගැලපෙන ණය ක්රියාවලියක් තුළින් පුද්ගල සහ ව්යාපාරික මූල් අවශ්යතා සපුරාලීමට පහසුකම් සපයනු ලබයි.

මෙම අභිමානවත් ගමනේදී BVS Mortgages & Financial Services සමාගම, පාරිභෝගික සේවාව, විශිෂ්ට වෘත්තීයභාවය, සහ කාර්යශූරත්වය යන මූලික වටිනාකම් කෙරෙහි වැඩි අවධානයක් ලබා දී ඇත. සමාගම දැඩි කැපවීමෙන් සහ කාර්යක්ෂමතාවෙන් නවෝත්පාදන ප්රතිපත්ති යොදා ගනිමින්, පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගෙන ඇති අතර අන්යෝන් විවිධත්වයට ගරු කිරීම සමාගමේ වටිනාකම තවත් ඉහළ නංවයි. සමාගමේ මෙම සියලු සාර්ථකත්වයට පාදක වී ඇත්තේ සමාගමේ නිර්මාතෘවරයා වන රොෂාන් විතාරණගේ මහතාගේ දූරදර්ශී නායකත්වයත්, යටතේ ක්රියා කරන advisers සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම සහ විශ්වාසවන්ත සේවා සැපයීමයි.

ක්ෂේත්රය පිළිබඳ මනා අවබෝධයත්, පාරිභෝගික අවශ්යතාවයන්ට ප්රමුඛත්වය දෙමින් ඔවුන්ගේ සිහින සැබෑ කරදීමට කටයුතු කිරීමත් නිසා පාරිභෝගික හදවත් දිනාගත් සමාගමක් බවට පත්වීමට BVS Mortgages & Financial Services සමාගම සමත් වී ඇත. එය සනාථ කරමින් mortgage broker සමාගම් අතරින් ලන්ඩනයේ ප්රථම ස්ථානය සහ එක්සත් රාජධානියේ අටවන ස්ථානය දක්වාත් Trustpilot හි ශ්රේණිගත කිරීම්වල ඉහළට පැමිණීමට BVS Mortgages & Financial Services සමාගමට හැකියාව ලැබී ඇත.

මෙම පාරිභෝගික විශ්වාසය නිසාම, 2025 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී, එංගලන්තයේ ප්රකට Barclays Intermediary Inclusion Summit and Awards උළෙලේ Best Inclusive Culture (Company) Award අංශයෙන් BVS Mortgages & Financial Services සමාගම ප්රථම ස්ථානය දිනා ගත් අතර, ආසියානු සම්භවයක් සහිත සමාගමක් මෙම සම්මානයෙන් පිදුම් ලද පළමු සහ එකම අවස්ථාව මෙය වීමද සුවිශේෂී කරුණකි.ශ්රී ලාංකීය සමාගමක් ප්රථම වතාවට ලබා ගන්නා ලද මෙම සම්මානය ලාංකීය ව්යාපාරිකයන්ට සහ සමාගමේ කාර්ය මණ්ඩලයට අභිමානවත් අවස්ථාවක් ලෙස සැලකේ.

මෙම උත්සවය සඳහා හිටපු එංගලන්ත පාපන්දු ක්රීඩක Fara Williams සහ Para- Olympic ටෙනිස් ක්රීඩිකා Lucy Shuker සහභාගී විය. ඔවුන් BVS Mortgages සමාගමේ ගමනේ විශිෂ්ටත්වය, කණ්ඩායමේ කැපවීම සහ සමාගමේ සංස්කෘතික වටපිටාව අගය කරන බව ප්රකාශ කළහ.

එපමණක් නොව BVS Mortgages & Financial Ltd සමාගමේ අඛණ්ඩ විශ්වාසවන්ත සේවාවේ ප්රතිඵලයක් ලෙස, SME NEWS මඟින් සංවිධානය කරනු ලැබූ Financial Awards 2025හි දී Best Mortgage & Protection Advisory Firm 2025-London සහ Homebuyer Support Excellence Award 2025 යන සම්මානයන්ගෙන් පිදුම් ලැබීමද, සමාගමක් ලෙස ඔවුන් ලද සුවිශේෂී ජයග්රහණයකි.


එමෙන්ම, BVS Mortgages සමාගම හුදෙක් ලාභ පමණක් අරමුණු කර නොගෙන ඉන් එහා සමාජයට වටිනා යමක් ලබාදිය යුතු යන විශ්වාසය පෙරදැරි කරගෙන 2018 වසරේ සිට EduCare Foundation සමග එක් වී ශ්රී ලංකාවේ අඩු ආදයම්ලාභී ග්රාමීය දිස්ත්රික්ක වල අඩු වරප්රසාද සහිත දරුවන්ගේ අධ්යාපන අවශ්යතා සඳහා පාසල් උපකරණ ලබා දීමේ වැඩපිළිවෙළක් දියත් කර ඇති අතර 2018 වසරේදී ළමුන් 100කගෙන් ඇරඹි මෙම ව්යාපෘතිය මෙම වසරේ අභිප්රාය වී ඇත්තේ පාසල් ළමුන් 1000කට ආසන්න ප්රමාණයකට අනුග්රහය දැක්වීමයි.

එලෙසම එක්සත් රාජධානියේ සෑම වසරකම පවත්වනු ලබන RBC Race for the kids ධාවන තරඟය පැවැත්වීම මඟින් ලන්ඩනයේ Great Ormond Street රෝහල සඳහා නවීන මට්ටමේ ළමා පිළිකා ප්රතිකාර මධ්යස්ථානයක් ඉදිකිරීමට 2025 වසරේදී පවුම්3500 කට වැඩි අරමුදලක් රෝහල වෙත පරිත්යාග කිරීමට සමත් වී ඇත. මෙවැනි ව්යාපෘති සිදුකිරීම මඟින් ආයතනික සමාජ වගකීම මනාව පිළිබිඹු කරයි.

මෙවන් සංස්කෘතික සහ සමාජයීය අගයන්ද BVS Mortgages & Financial Services සමාගමට මෙම සම්මාන දිනා ගැනීමට හේතු විය. මෙම සමාගම සමස්ත ප්රජාව වෙත මෙවන් වටිනා සේවාවක් ලබා දීම අගය කළ යුතුය.සමාගම සිදු කරනු ලබන මෙම සේවාව සමාගමේ සාමාජික වගකීම, සංස්කෘතික අනන්යතාවය සහ ප්රජාභාවය පිළිබඳ කැපවීම මනාව පෙන්නුම් කරයි.

සමාගමේ Director වන රොෂාන් විතාරණගේ මහතා මෙම ජයග්රහණ පිළිබඳ මෙසේ ප්රකාශ කරයි.

මෙම ජයග්රහණ, අපව විශ්වාස කළ කණ්ඩායමටත්, අප සමඟ ගමන් කළ ගනුදෙනුකරුවන්ටත් අයිති විය යුතුයි. එංගලන්තයේ මූල් ක්ෂේත්රය තුළ ශ්රී ලාංකීය සමාගමක් ලෙස අපට මෙය ඉමහත් අභිමානයකි.”

BVS Mortgages ගමන, ශ්රී ලාංකීය ව්යාපාරික ක්ෂේත්රයේ කැපවීම, සහ විශ්වාසය සමඟ සංවර්ධනය වෙමින්, එංගලන්තයෙහි මූල් ක්ෂේත්රයේ ආදර්ශමත් සමාගමක් බවට පත්ව තිබේ. මෙම ජයග්රහණ, කණ්ඩායමේ කැපවීම සහ සමාගමේ වටිනාකම් පිළිබඳ ලෝකයට පෙන්නුම් කරන අතර, අනාගතයේ තවත් සම්මාන සහ සාර්ථකත්වයන් දිනා ගැනීමේ මාර්ගය සකසා දෙයි.