Api-Slide-62-1
previous arrow
next arrow

අභියෝග සඳහා සූදානම් වීමේ වැදගත්කම

ජීවිතය කියන්නේ අපූරු මාර්ගයක්. බලාපොරොත්තු උනාටත් වඩා ලස්සන මතකයන් වගේම අපේක්ෂා නොකළ වක්රතා සහ අවස්ථාත් මේ ගමන් මාර්ගයේ හමුවී ඇති .ඉදිරියට මුණගැහෙන්නට ඇති.

පෞද්ගලික සාර්ථක හාඅසාර්ථකතා සිට වෘත්තීය අභියෝග දක්වා, අභියෝග ජීවිතයේ අත්යාවශ් කොටසක් . කිසිවකට බිය නොවී, පෙර සූදානම්ව සිටින්නට හැකි නම්, තුළ අභියෝග ජය ගැනීමේ හැකියාව වැඩි වැඩියෙන් පවතී.

අභියෝග සඳහා සූදානම් වීමෙන් ඔබගේ ආරක්ෂාකාරීභාවය වර්ධනය කර ගන්නට පුලුවන්. අපිට අසාර්ථකතා වලින් නැවත නැගී ඉදිරියට යා හැකි මානසික සහ සංවේදී ශක්තියක් ගොඩනගා ගත හැකි නම්, ඉදිරියේදී ඇතිවන අපහසුතා හා අභියෝග සැලකිල්ලට ගෙන සැලසුම් සකස් කරගැනීමට හැකි නම් විට, එම අවස්ථාවන්ට බිය වීමට හෝ අනවශ් ලෙස තැති ගැනීමට උවමනා වන්නේ නැහැ.

එමෙන්ම පෙර සූදානම අපව අනාගත අවස්ථා විශ්ලේෂණය කිරීමට සහ නිර්මාණාත්මක විසඳුම් සොයා ගැනීමට හුරුකිරීමක් කරනවා. අපි සෑම සිද්ධියක්ම පෙරහුරු කරන විට, අවස්ථාවට සාමකාමී සහ තාර්කිකව ප්රතිචාර දැක්වීමට පුළුවන් වෙනවා. වෘත්තීය ක්ෂේත්රවල නම් අසාර්ථකතාවන් සාර්ථකතාවන්ට පත් කරගැනීමට අවශ් පුහුණුව සහ දැනුම නිරතුරුවම ක්රමානුකූලව ලබා දෙනවා.

ආතතිය සහ පීඩනය අඩු කරන කදිම කියාවලියක් තමයි මේ පෙර සූදානම. කිසිදු
නිරීක්ෂණයක් නොමැතිව උනත් ඇතැම් අවස්ථාවන් පිළිබඳව ආතතියක් අප තුල ඇති වීමට පුලුවන්.සූදානම් නොවී සිටීමත් ඒකට බලපාන ප්රබල හේතුවක් .

අභියෝග වලට මුහුණ දෙන්නත් කලින්, අපිට බරපතළ ලෙස බලය හීන වූවා මෙන් හැඟෙන්නේ මෙකී පෙර සූදානමේ අඩු වැඩිකම් නිසා වෙන්න බැරිද? සූදානම්ව සිටින විට, පැහැදිලි සැලැස්මක් සහිතව අවස්ථාවන්ට මුහුණ දෙන්න පුළුවන්, ආතතිය අඩු කරමින්, තමාගේ අභ්යන්තර ශක්තිය වඩවා ගන්න පුලුවන් .

ඇත්තටම හිතලා බැලුවොත්, පුද්ගලික සංවර්ධනය උද්දීපනය කරන්න තමයි
අභියෝග තියෙන්නේ. සඟවා ඇති අවස්ථා ලෙස අපි අභියෝග වලට මුහුණ දෙන්න සූදානම් උනොත්, අපේ ශක්තිය අපේම දුර්වලතා අභිබවා ගොස් අපි ගැනම අභිමානයක්, ආඩම්බරයක් අවසානයේ ඉතුරු කරනවා.

ඉතින් සෑම අවස්ථාවක්ම පුද්ගලික වර්ධනය සඳහා ඉදිරි පියවරක් විදියට දකින්න පුලුවන් නම්, ධනාත්මක මනෝභාවයක් ගොඩනගා ගැනීම තුළින් අපට අවස්ථාවට මුහුණ දීමට අවශ් මෙවලම්, දැනුම සහ විශ්වාසය අප තුලින්ම හොයා ගන්න එක අපහසු කාර්යයක් වෙන්නේ නැහැ.

එවන් මනෝභාවයක් ඔබගේ මානසික සෞඛ්යය වර්ධනය කරනවා වගේම , අනෙක් අය සඳහාත් උද්දීපනයක් ඇති කරනවා. ඉතින් අභියෝග අතහැරලා අපිට මේ ගමන යන්න බෑ. මේ ගමනම අභියෝගක්. මූලික සැලසුම්, පෙර සූදානම, එකී අභියෝග වලට මුහුණු දෙන්න අවශ් වටපිටාව, දැනුම සහ සම්පත් වලින් සන්නද්ධ වෙන එක තමයි අපි කරන්න ඕනේ, සාර්ථකත්වයේ සවුදිය අවසානයේ සමරන්න නම්.

දිමුතු සේනාදි .