Api-Slide-62-1
previous arrow
next arrow

කොතලාගල Camping

කොතලාගල camping 
නිසංසලාගේ චාරිකා
( දෙවන දිනය )


සීතල එන්න එන්නම ටික ටික වැඩි වෙනවා…. වගේම හුළඟට ෆයිනස් කොළ එකට ගැටෙන හඬ හරි අමුතුයිහරියට නිකමි මහා වැස්සක් වගේඒත් ඉතිං මෙහාට වැස්ස කාලෙකින් ඇවිත් තිබුණෙ නෑ…. මේ කන්ද ගිනි අරගෙනත් තිබුණා එක කොටසක්…. හින්දම අපි පරිස්සම් වුනා ගිනි මැල දල්වන්නගල් වට කරලා ගින්දර පිටතට යන්නෙ නැති වෙන්න ආරක්ෂාව ඇතිව අපි ගිනි මැලය දැල්වුවා… 

ගිනි මැලය දල්වලා රාත්රි ආහාරය විදිහට කොතුතුමිත් සොසේජස් හැදුවා.. හදාගත්ත කෑමත් කාලම අපි සිංදුවක් මුමුණනමින් බොහෝ වෙලාවක් ගිනි මැලේ වටා රැඳී සිටියා…..

ඇත්තටම ජීවිතේ අමතක නොවන රාත්රියක්තරු පිරි අහස යට…. ලොකු සීතලක් තිබුණේ වත් නැති තරම්නින්ද අහලකවත් නෑ….. වගේම තමයි මේ කැලේ හිටියා කිව්ව කුළු හරක් දැන් නෑ කියලා දැන ගත්ත නිසාම හිතේ අර තිබුණ පොඩි චකිතයත් නැති වෙලායි තිබුණේ…. හින්දම අපි හතර දෙනාම හිටියේ හරි සතුටින්….

රෑ බෝ වෙනකොට හතර දෙනාම ගිනි මැලයත් නිවා දමලා කුඩාරම් අස්සට රිංගා ගත්තේ හෙට උදෑසන සුන්දර ඉර උදාවත් දකින්න බලාපොරොත්තුවෙන්ඉතින් තරමක සීතලක් තියෙන නිසාම මම නම් ස්ලීපින් බෑග් එක ඇතුලට රිංගා ගත්තේ සුව නින්දක් බලාපොරොත්තුවෙන්

වගේම තමයි උදෑසන අවදි වෙනකොට අවටින් ඇසුණේ එක එක කුරුලු ශබ්ද විතරමයි…. වගේම යමිතමට පන්සලක පිරිත් හඬත් අපිට ඇහුනා…. එතමයි කොතලාගල කන්දට පහළ තියෙන ගමේ පන්සලේ පිරිත් හඬ……

ඉර උදාවක් කියන්නේ කඳු මුදුණකදි දකින්නම ආස කරන සුන්දර දසුනක්…. ඉතිං වලපනේට ඉර පායන්නේ කොහොමද කියල අපි හතර දෙනාම බලාගෙන හිටියා ඉර උදාවෙනකම්ම කොතලාගල කන්දට….. ඒක ඇත්තටම මගේ ජීවිතේ පළවෙනි වතාවට මං දැකපු අමුතුම ඉර උදාවක්….. මොකද තරම් ලස්සනයි…. තනිකරම මුළු කොතලාගල කන්දම තැබිලි පාටයිවෙිලිලා ගියපු වල්පැළෑටිය පවා තැඹිලි පැහැයක් ගෙන තිබුණා

බොහො වෙලාවක් සුන්දරත්වය විදගත්තේ ටිකෙන් ටික තිබුණු සීතලත් අඩුවීගෙන යද්දි…. පස්සෙ තමයි අපි උදේට තේ බිවුවෙිතේත් බිලා අපි අපේ බඩුබාහිරාදිය ටෙන්ටි ඇතුලට දාලා ටෙන්ටි වහලා යන්න පිටත් උනේ තවත් ලස්සන ඉසවුවක් හොයාගෙන

තමයි මෙි කන්දේ ලස්සනම තැනලස්සනම viewpoint එකටලංකාවෙි තුන්වෙනියටම උස දිය ඇල්ල කුරුදු ඔය දිය ඇල්ල පේන තැනට.. වගේම තමයි මෙි යන ගමනෙදි දකින්න පුළුවන් තවත් විශේෂම දෙයක් ගැන චරිත් අයියා වගේම අපට මග පෙන්වු මාමා පැවසුව කොතලාගල ගලනිධානයක් ඇති බව කියන අමුතුම ගල් පර්වතය පිහිටිම නමි හරිම අද්භූත ජනකයි..

ඇත්තටම හිතාගන්න බැරි තරමි හරියට චෛත්යක කොතක් වගේ. නිසාලුනේ මෙි කන්දට කොතලාගල කියන නමත් පටබැදිලා තියෙන්නේකොහොම උනත් අපි කඳවුරු බැන්ද තැන තමයි මෙි කන්දේ උසම තැන.. එතන ඉදන් ලොකු දුරක් නමි නෑ දිය ඇල්ල පෙන මානෙට එන්නපුදුමය කියන්නේ ඇල්ලේ ශබිදයත් ඇසෙනවාමෙි ඇල්ලට එද්දි නමි අපිට ඉදුණු රතු පේර කන්න ලැබුණා.. පේර ගස් විමානයක්අමතක කලේ නෑ මම මගේ ආචිචි අමිමාටත් රස පේර ගෙඩි දෙකක් ගෙනත් දෙන්න….

හැබැයි යන්න තියෙන්නේ ගල් පර්වතය අයිනෙන් ලිස්සන සුලුයි ෆයිනස් කොළ නිසා.. හින්දාම පරිස්සමට යා යුතුයි…. එන්න එන්නම දැඩි අවු රශ්මියක් පතිත උනා දිය ඇල්ල පෙනෙන මානෙට.. එත් පැයකට වඩා අපි දිය ඇල්ල දිහා බලන් හිටියා.. දිය ඇල්ලට මෙහායින් ඇති කිරි කෑ කන්ද ගැනත් අපිට විස්තරයක් පැවසුවා ගමේ මග පෙන්වු මාමා

ඉතිං ලස්සන දර්ශනයට සමුදි අපි නැවත පැමිණියා අපේ කඳවුරු භූමියටඋදැසන අහාරය ලෙස පාන් සමග ජැමි ආහාරයට ගත් අපි අපේ ටෙන්ටි අකුලාගෙන කොතලාගල සුන්දර කදු මුදුණට සමුදි පල්ලමි බැස්සා….

කියන්නම ඔින කිසිම පොලිතින් කැල්ලක් තියා ජරාවක් තිබුනේ නෑ මෙි භූමිය පුරාම තරමි පිරිසිදුයි…. අපිත් අපේ ලටිට පටිට සේරම අරගෙන පහලට බැස්සේ රෑ බෝ වෙන්න ප්රථම ගෙවල් වලට යන්නඅපි පහලට එන තෙක්ම අර මාමා බලන් ඉන්නවා දැක්කාම හිතට දැණුන හැඟිම නමි කියලා නිම කරන්න බෑ

මං මෙි බලන් හිටියේ එනකමි පහලට…. රෑට කැවෙි මොනවද.. බඩඟිනිද…. තේ එකක් බොමු

තරමි මිනිසුන්ගේ හදවත් සුන්දරයිඅපි එපා කිවුවත් අපිට තේ හදලා දුන්නා.. කොහොමත් අපි හතර දෙනාම හිටියේ පිපාසයෙන්.. තේ ටික ඉක්මනින්ම බිලා කියලා අර මාමාගේ දුව නැවතත් අපිට තේ හදලා ගෙනත් දුන්නා.. පැයක් විතර අපි ගෙදර..   මාමා කඩලා දුන්න පැෂන් ගෙඩියත් බැගයේ දමාගෙන මාමාට නැන්දාට වැදලාම අපි ඔවුන්ගෙන් සමුගෙන නැවත පිටත් උනා

කොතලාගල යනවා නමි අමතක නොකර මෙි නිවෙස් දෙකේම පුංචි බබාලා ඉන්නවා එයාලාට මොනවා හරි දෙයක් ගෙනියන්න…. වෙිලාවට අපි ගාව තිබුණා ඔිනවටත් වඩා කෑමයනකොටත් දිලා එනකොටත් දිලයි ආවෙි නිසා හිතට හොදයි

ඉතිං සුන්දර ගමනක් සුන්දර හදවත් එක්ක දින දෙකක් ගෙවා දැමුවා…. එන්න හිතක් නැති තරමිඑතරමි සුන්දර සංචාරයක්හිතම තාමත් සුන්දර වලපනෙ කදු මුදුණේ

නැවත වලපනේ නඟරයට ඇවිත් දවල්ට බඩ පිරෙන්න බත් කාලා භාග්යාවත් බස් එකට දාලා අපි පිටත් උනා අපේ ගමි බිමි කරා එන්නතාමත් හිත එහේ…. ආදරයෙන් මතක් කරන්න ඔින චරිත් අයියාව…. චරිත් අයියා මෙි කදු මුදුන් ගැන වගේම තවත් විස්තර ගොඩක් පැවසුවා. වගේම ගමන පටන් ගත් මොහොතේ ඉදන්ම ගෙදර එනකමි හොයා බැලුවා අපි ගැනඉතිං ස්තුතියි ගොඩක් චරිත් අයියේ..

ගේම මගේ ආදරණිය යාළුවො තුන්දෙනාටත් ගොඩක් ස්තුතියිමට ලස්සන පොටො අරන් දුන්න උපුල් මල්ලිටත් ගොඩක් ස්තුතියි.. හැමදාමත් වගේ හැම ගමනක්ම අවසානේ මම ස්තුතියි කියනවා මෙි විශ්වයට…. ස්තුතියි මාව සතුටින් තබනවාට…. ඉතිංතවත් සුන්දර සංචාරයකින් නැවත හමුවෙමු….

නිසංසලා රණසිංහ