Api-Slide-62-1
previous arrow
next arrow

කාලය 'කූල්' එකේ කළමනාකරණය කරමු!

දැන් කාලේ රස්සාවක් කරන ගමන් යුනිවර්සිටි යන එක සුලභ දෙයක්. ඒත් දෙක අතරේ සමබරතාවක් තියාගන්න එක ලේසි නැහැ. උදේ රැකියාව, රෑට පාඩම් වැඩමෙහෙම දුවන ජීවිතේ සාර්ථක කරගන්න, ඔබම ඔබේ කාලය කළමනාකරණය කරගන්න ඕනේ. මේ තියෙන්නේ එදිනෙදා ජීවිතයට ගැලපෙන ප්රායෝගිකම ටිප්ස් ටිකක්.
1. ප්රමුඛතා වෙන් කරලා, දින චර්යාවක් හදමු
ඔබේ දවසට පැය 24ක් විතරයි තියෙන්නේ. නිසා, අදඇත්තටමකළ යුතු දේ සහකළ හැකිදේ අතර වෙනස තේරුම් ගන්න. රැකියාවේ මීටිං, පන්ති වෙලාවල්, ඇසයිමන්ට් භාර දෙන දින මේ හැම දෙයක්ම එක දිනපොතක සටහන් කරගන්න. ඩිජිටල් ඇප් එකක් වුණත් කමක් නැහැ.සමහර වෙලාවට අපිට හිතෙනවා හැමදේම හදිසියි කියලා. ඒත් ඇත්තටම හදිස්සි, වගේම වටිනාම දේ මුලින්ම ඉවර කරන්න. අත්යවශ් නැති, ඒත් කාලය නාස්ති කරන දේවල්වලටනෑකියන්න ඉගෙන ගන්න.
2. පාඩම් කරන්න නිශ්චිතස්ලොට්එකක් වෙන් කරන්න
රැකියාවට යන ගමන් පාඩම් කරන අය අතින් වෙන ලොකුම වැරැද්දක් තමයි: “නිවාඩු වෙලාවට බලමුකියලා හිතන එක. එහෙම බැහැ!දිනපතා ස්ථාවර කාලයක් වෙන් කරන්න: දවසට පැය 1-2ක් වුණත් කමක් නැහැ, කාලය පාඩම් වැඩවලටම වෙන් කරන්න. මේක ඔබේ රැකියාව වගේම වැදගත්.උදේට ? රෑට ? ඔබේ මොළය හොඳටමෆ්රෙෂ්තියෙන වෙලාව හොයාගන්න. සමහර අයට උදේ පාන්දර පාඩම් කරද්දී මතක තියෙනවා. තවත් අයට රෑ 10න් පස්සේ අවධානය හොඳයි. ඔබේ වෙලාව හඳුනාගෙන වැඩ පටන් ගන්න.
3.  “පොමඩෝරෝ” (Pomodoro) ටෙක්නික් එක අත්හදා බලන්න
අඛණ්ඩව පැය ගණන් පාඩම් කරලා විඩාපත් වෙන්න එපා. අවධානය එක තැනක තියාගන්න ලෝකෙම පාවිච්චි කරන මේ සරල ක්රමය පාවිච්චි කරන්න. විනාඩි 25 පාඩම් කරන්න, විනාඩි 5 නිදහසේ ඉන්න. ඔරලෝසුවක් හෝ ටයිමරයක් තියාගෙන, සම්පූර්ණ අවධානයෙන් විනාඩි 25 ක් වැඩ කරන්න. ඊට පස්සේ විනාඩි 5 ක් නැගිටලා ඇවිදින්න, වතුර ටිකක් බොන්න.විනාඩි 5 විවේකය මොළය නැවත ආරම්භ කරනරිස්ටාර්ට්බට්න් එක වගේ. මේකෙන් වෙහෙස අඩු වෙනවා, අවධානය වැඩි වෙනවා.
4. අවධානය කඩන දේවල්වලටඅගුළුදමන්න
ඔබේ කාලය ඉතා සීමිත නිසා, සෑම විනාඩියක්ම වටිනවා. කාලය කා දමන දේවල් ඉවත් කරන්න.ෆෝන් එක පැත්තකට දාන්න. පාඩම් කරන වෙලාවට ෆේස්බුක්, ඉන්ස්ටග්රෑම් notification off කරන්න.වැඩ මේසය අවුල් නම්, මනසත් අවුල්. ඉගෙන ගන්න නිස්කලංක, පිළිවෙළ තැනක් හදාගන්න.
5. නින්දයි, විවේකයි කැප කරන්න එපා
රැකියාව සහ පාඩම් වැඩ අතර මැදි වූ අය කරන ලොකුම කැප කිරීම තමයි නින්ද කැප කිරීම. මේකෙන් වැඩේ අවුල් වෙනවා මිසක් සාර්ථක වෙන්නේ නැහැ. හොඳට නිදා ගත්තොත් විතරයි ඊළඟ දවසේ රැකියාවට ගිහින් හොඳට වැඩ කරන්නත්, රාත්රීයේ පාඩම් වැඩ සාර්ථකව කරන්නත් පුළුවන් වෙන්නේ. පැය 6-7 නින්දක් අනිවාර්යයෙන්ම ලබා ගන්න.

6. උදව් ඉල්ලන්න බය වෙන්න එපා
පාඩම් කරන වෙලාවට ඔබට නිදහස දෙන ලෙස ඔබේ පවුලේ අයගෙන් ඉල්ලා සිටින්න. ඔවුන්ගේ සහාය ලොකු ශක්තියක පුළුවන්නම්, එකම උපාධිය හදාරන මිතුරන් සමඟ එකතු වෙලා වැඩ කරන්න. සමහර ඇසයිමන්ට් කොටස් හෝ විෂය කරුණු බෙදා හදාගෙන වැඩ කිරීමෙන් කාලය විශාල ලෙස ඉතිරි කර ගන්න පුළුවන්.
සාර්ථකත්වය තියෙන්නේ ඔබ පැය කීයක් වැඩ කරනවාද කියන එකේ නෙමෙයි. තියෙන වෙලාවෙන් ඔබ හොඳම දේ කරන්නේ කොහොමද කියන එකේ. නිවැරදි සැලසුම්කරණයෙන්, රැකියාවත්, උපාධියත් දෙකම සුපිරියටම සමබර කරගන්න ඔබට පුළුවන්.

පියුමි නෙළුමිකා
ශ්රි ජයවර්ධනපුර විශ්වවිද්යාලය